ජීවිතය කවියක් නම්
ඔබ එහි තනුව වූවා සත්තයි…
සංසාරගත සුවඳ නුඹගේ
මා ජීවත් කරවූවා සත්තයි…
විටෙක අතීතය සිහිනෙකි
නමුත් එහි සිද්ධාන්ත ගැඹුරුය…
මතක සුවඳ හද පත්ලෙහි
සිත්තම් කර
වෙන්වීමට අවසරය…
සිනා සරදමින් ගෙවුණු
පන්ති කාමර අතර
ගෙවී ගිය මල් සමයේ
අවසානය ද විදු බිමයි…
නොසිතු නොපැතු ලෙස
පුරා අවුරුදු දහතුනක් ගිලිහි ගොස් ඇත…
අතීතයේ හදවතේ රැඳුණු තැන්
සිතුවිල්ලකට සීමා වී ඇත
නටඹුන් වූ අතීතයට
සමු දීමට මත්තෙන්
කඳුළු මහ වැහි අසෙනි මැද
පිපෙයි තව පොහොට්ටුවක්
විදු මව්නි, හෙට උදෙත්
නුඹේ නමට…
එන්.එම්.සී.එස්. කල්හාරි
පළමු වසර
ශාස්ත්ර පීඨය
Leave a Comment