අයෙකු අත පිබිද,
පන්හිඳට මිතුදම් කියන නුඹ,
එහි වන සොඳුරු යටගියාවේ
කිසිවෙකුත් නොහඳුනයි..
ගෙවූ හෝරා
කෙතෙක් වූ මුත්
අතීතයට ජීවය වන නුඹ,
දිග හරින සිතුවමේ
එකදු මංපෙතක් හෝ නොදනී…
නමුත් ,
නුඹව,
ලෝකයක් හඳුනයි…
නුඹේ,
සුන්දරත්වය ද,
ලෝකයක් දනී…
මතක සැමරුමේ නවාතැන් පොළ ද
නුඹයි…
Leave a Comment