ආදරය

මධුර පෙම්…

පිරී ඇත මුදු සිහින කුසුමන්
සුහුඹුල් ආදර සුගන්ධයෙන්
විදාලමි රුදු පවන් රොදකට
නොලැබ කිසිවක් ආපසුත්

ස්නේහයේ සැඩ දියෙන් බරවූ
හදවතෙහි මුදු වලාවන්
මුදාලන්නෙමි පිනි පොකුරු ලෙස
නොඉල්ලා යලි තෙත් බවක්

පුරා විසිරුණු නුරා සඳ කැන්
උරා මෝරණ කැකුළු මල්
බලා සැනසෙමි සරා සොමි අද
සොරා බිගු මකරන්ද පෙම්

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිර්ණාමික

කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment