වාරු නැති දෑතින්
රැක ගත්තෙ මිණිබිරිය
හන්දියේ කඩය ළඟ
විකුණමින් ලොතරැයි පත්…
වැසී ගම් නගර
පැතිර කොරෝනා බිය
කලබල මාවතත් වෙනදාට
පාළු වී අද සොහොන් බිම් ලෙස…
ගතේ වාරු නැත හිතේ සවිය ඇත
දුවේ නුඹේ බඩ ගින්න නිවන්නට…
කඩ මණ්ඩිය වෙත හනික ගියා මම
ලැබුණු කාලයට පය ඉක්මන් කර…
සන්තකේටම රැඳි
කනේ තෝඩු දෙක
තබා උකසට
හැකි වුනේ මට…
හාල් මල්ලක්
විතරක් ගන්නට
පිරි මහ ගන්නට
එදා වේල හෙට…
ජැන්ඩියට හැඳි පැළඳි
නෝනා මහත්තුරු හැම තැන…
දුටු විට පොර කන හැටි
වීදි කඩවල් ළඟ…
හැඟුනේ එක දෙයයි මට…
“කොතරම් කුහක ද මනු සතා අද”
Picture Courtesy – Ishara S. Kodikara
Leave a Comment