ප්‍රාර්ථනා මල් කළඹක් වී
වස්සානයේ මා තනිවෙන්නම්
නෙතසිතුවම් සළු මත තවරා
මම ඉන්නම්……
ප්‍රාර්ථනා මල් කළඹට වී
ප්‍රාර්ථනා හිරු කිරණක් වී
උණුසුම් රැස් දැල් විහිදන්නම්
හිරු ගිනිදැල් සළු මත තවරා
මම ඉන්නම්……
ප්‍රාර්ථනා හිරු කිරණට වී
ප්‍රාර්ථනා තරු එළියක් වී
රැය මැද ලොව එළි කරලන්නම්
තරුමල් වැල් සළු මත තවරා
මම ඉන්නම්……
ප්‍රාර්ථනා තරු එළියට වී
ප්‍රාර්ථනා පිනි බිදුවක් වී
සීතල හිමකැට ගෙනදෙන්නම්
පිනි බිදු මා සළු මත තවරා
මම ඉන්නම්……
ප්‍රාර්ථනා පිනි බිදුවට වී
Leave a Comment