උසස් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කළ කවීතා තරගාවළියේ චිත්‍ර අංශයේ දෙවන ස්ථානය දිනා ගත් කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසර ඡීව විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකු වන රුක්මාල් රොමේෂ් රත්නායක සමග කළ සාකච්ජාවක් ඇසුරින් සකස් කරන ලද්දකි.
රුක්මාල් කොහොමද මේ දවස් වල වැඩ කටයුතු?
ඇත්තෙන්ම කිව්වොත් මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි.
ඔව් රුක්මාල් පසුගිය කාලයේ ඔබ ටිකක් ජනප්‍රිය චරිතයක් බවට පත් වුනා මේ ගැන පොඩ්ඩක් සදහන් කලොත්,
කවීතා තරගයේ චිත්‍ර අංශයේ දෙවන ස්ථානය දිනා ගන්න මට හැකියාව ලැබුනා, ඒක තමයි මේකට හේතුව
කවීතා තරගය ගැන පොඩි සදහනක් කලොත්,
කවීතා කියන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කළ තරගාවළියක් මේ සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තියෙන සියලුම අධ්‍යාපන ආයතන වල ශිෂ්‍යයින් සහභාගී වුනා. මේ තරගාවලියට චිත්‍ර වගේම නැටුම් සංගීත කෙටි කතා වගේ අංශ 50 ක පමන සිංහල වගේම දෙමළ මාධ්‍යයෙන් තරග පැවැත්තුවා.
චිත්‍ර අංශයට සිසුන් කීදෙනෙක් විතර සහභාගී වුනාද?
දාහකට ආසන්න පිරිසක් සහභාගී වුනා. සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලය වගේ ආයතන වලින් සිසුන් ගොඩක් සහභාගී වෙලා තිබුනා. ඒ අතරින් 80 දෙනෙක් අවසාන වටයට සුදුසුකම් ලැබුවා. අවසාන වටයේදී විනිශ්ය මණ්ඩලයක් ඉදිරියේ ඇන්ද චිත්‍රයකින් තමයි ඡයග්‍රාහකයින් තෝරා ගත්තේ.
ඒ වගේම රුක්මාල් පසුගිය සතියේ ඔබ ආසියානු සංචාරයකට සහභාගිවුනා කියලා අපිට දැන ගන්න ලැබුනා,ඒ ගැන සදහන් කලොත්,
ඔව් ඒක සාර්ක් රටවල් වල සාමාජිකයින්ගේ චිත්‍ර වැඩ මුලුවක්. වාර්ෂිකව සංවිධානය කරන එකක් මේ අවුරුද්දේ ඒකට සහභාගී වෙන්න මටත් අවස්ථාවක් ලැබුනා.
මේකට ඔබත් සමග තවත් අය සහභාගී වුනාද?
ඔව් මේ වැඩ මුලුවට කවීතා තරගයේ පළමු වැනියා, මම, යාපනය කැළණිය වගේම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් හය දෙනෙක් සහභාගී වුනා.
ඔබ චිත්‍ර කලාවට වගේම ඡායාරූපකරණයටත් දක්ෂකම් දක්වනවා කියලා දැනගන්න ලැබුනා. ඔබට කොහෙන්ද මේ ආභාශය ලැබුනේ?
මම කුඩා කාලේ ඉදන්ම චිත්‍ර අදින්න වගේම ඡායාරූප ගන්නත් කැමැත්තක් දැක්වුවා. මම පළවෙනි ඡායාරූපය ගත්තේ වයස අවුරුදු 5දි. මගේ අප්පච්චි ඡායාරූප ශිල්පියෙක් ඒ හින්දා මට කුඩා කාලේ ඉදලම අප්පච්චිගේ ආභාෂය ලැබුනා. මම දැන් අවුරුදු 17ක් තිස්සේ ඡායාරූප ගන්නවා. ඒක මම කරන්නේ හරි ආසාවෙන්.
චිත්‍ර කලාවට අවතීර්ණ වීම ගැන සදහන් කලොත්
ඇත්තෙන්ම මම චිත්‍ර අදින්න පටන් ගත්තේ ඡායාරූප ගන්නත් කලින්. මුලින්ම වයස අවුරුදු 3 , 4 කාලේ ඉදලම බලි කුරුටු ඇදලා තමයි මම චිත්‍ර කලාව පටන් ගත්තේ, මම ඒ කාලෙත් වැඩිපුරම ඇන්දේ සත්තුන්ගේ රූප තමයි. චිත්‍ර කලාවටත් අප්පචිගෙන් වගේම අම්මගෙනුත් මට ලොකු ආභාෂයක් ලැබුනා.
ඔබ අදින බොහොමයක් චිත්‍ර වල වගේම ඡායාරූප වලත් වැඩිපුර තියෙන්නේ සත්තුන්ගේ පින්තූර, මේකට හේතුව මොකක්ද?
මම පොඩි කාලේ ඉදලම සත්තු කුරුල්ලෝ කැලේ එක්ක තමයි වැඩිපුර හිටියේ, මම සත්තුන්ට ගොඩක් කැමතියි. ඒක තමයි මගේ නිර්මාණ වල wild life ආභාශය ගොඩක් තියෙන්නේ.
ඔබ මේ වෙන කොට විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යාව විශයක් විදිහට හදාරනවා. ඒ වගේම ඔබට සත්තු ගැන පුලුල් අවබෝධයක් තියෙනවා. ඒ ගැන සදහනක් කලොත්,
මට සත්තු ගැන හොද ප්‍රායෝගික දැනීමක් තියෙනවා. පොඩි කාලේ ඉදලම මම wild life park වල ඇවිදලා තියෙනවා. විෂේශයෙන් ඉස්කෝලේ යන කාලේ නිවාඩු හම්බු වුනාම යාල, විල්පත්තු වගේ park වල ඇවිදින්න යනවා. තනියම කැලේ ඇවිදලත් තියෙනවා. කැලේ ඉන්න සත්තු කුරුල්ලෝ ගොඩක් අදුරනවා. ඒ ගොල්ලන්ගේ හැසිරීම් රටා කන බොන දේවල් ගැන ලොකු අවබෝධයක් තියෙනවා. සත්තු කුරුල්ලෝ ගහ කොළ ගැන ඇහෙන් දැකලා ලබා ගත්ත හොද ප්‍රායෝගික දැනීමක් තියෙනවා.
ඔබට කුරුල්ලෝ ගැන ලොකු දැනීමක් තියෙනවා කියලා දැන ගන්න ලැබුනා
ඔව් කුරුල්ලන්ට මම ගොඩක් ආසයි. කුරුල්ලෝ බලන්න කුරුල්ලන්ගේ ඡායාරූප ගන්න මම ගොඩක් කැමතියි. කුරුල්ලෝ වගේම තමයි අලි.
ඔබ වනාන්තර වල ගිහිල්ලා රාත්‍රිය ගත කරන්න ගොඩක් කැමතියා කියලා දැනගන්න ලැබුනා. ගොඩක් දෙනෙක් අකමැති මේ වගේ දේවල් වලට ඔබ කැමැත්තක් දක්වන්නේ ඇයි.?
ඇත්තෙන්ම මම අනිත් අයට වඩා ටිකක් වෙනස් පුද්ගලයෙක්. ඇත්තටම කැලේ රැයක් ගත කරනවා කියන්නේ ගොඩක් දුෂ්කර කටයුත්තක්. මදුරුවෝ කනවා , නිදා ගන්න බෑ, අලි එනවා. ඉතින් ලොකු අවදානමක් තියෙනවා. හරියට හමුදා ඡීවිතයක් වගේ. ඒත් සත්තුන්ට ආශා කරනකොට ඒ අපහසුතාවයන් මග හැරිලා යනවා. ඒ හින්දා ඒ ජීවිතයට මම ගොඩක් කැමතියි.
ඔබගෙන් විශ්ව විදයාලයේ functions වලට පසුගිය කාලේ ගොඩක් ලොකු උපකාරයක් ලැබුනා. විෂේශයෙන්ම cultural එකේ decoration කටයුතු බොහොමයක් සිදුවුනේ ඔබ අතින්. ඒ පිළිබදව මතකය අවදි කලොත්,
මට ගොඩක් සන්තෝෂයි ඒ වගේ දේකට මගේ දායකත්වය ලබාදෙන්න හැකි වීම ගැන, මම ගොඩක් ආසාවෙන් තමයි ඒකට උදව් කලේ.
ඉදිරියේදීත් faculty යේ සංවිධානය කරන functions වලට ඔබේ දායකත්වය ලැබෙයිද?
ඔව් ඇත්තෙන්ම මම මට පුලුවන් උපරිමයෙන් මගේ දායකත්වය ලබා දෙනවා.

ඔබ විශ්ව විද්‍යාලයේ බාහිර සංගම් වලත් ක්‍රියාකාරී සාමාජිකයෙක්,
ඔව් විශ්ව විද්‍යාලයේ ඡායාරූප සංගමය, BOTSOC වගේ සංගම් වල සාමාඡිකත්වය දරනවා.
ඇත්තෙන්ම රුක්මාල් අපිට ඔබව පරිපූර්ණ පුද්ගලයෙක් විදිහට හදුන්වන්න පුලුවන්. ඔබ අධ්‍යාපන කටයුතුල කලා කටයුතු, සංගම් වල වැඩ කටයුතු මේ සියල්ලක්ම සමබරව කරගෙන යනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියන්නේ කාලය සම්බන්ධ ප්‍රශ්ණ වලින් පීඩා විදින කෙනෙක් , විශේෂයෙන්ම විද්‍යා පීඨ ශිෂ්‍යයෙක්, ඉතින් ඔබ කොහොමද මේ වැඩ වලට කාලය කළමණාකරණය කර ගන්නේ.
ඇත්තෙන්ම කාලය පිළිබද ප්‍රශ්ණයක් තියෙනවා තමයි. ගොඩක් වෙලාවට මම නිවාඩු කාලෙට වගේම weekends වලට තමයි බාහිර වැඩ කටයුතු කරන්නේ.
ඔබගේ පවුලේ විස්තර සදහන් කලොත්
අපේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි විතරයි.
එතකොට ඔබගේ පාසල් අධ්‍යාපනය
මම ඉගෙන ගත්තේ කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන්
ඔබගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?
Wild life Film maker කෙනෙක් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව. මම සත්තුන්ට ගොඩක් ආස හින්දා තමයි ඒක තෝර ගන්න හිතුවේ. Videography, photography දෙකටත් මම ගොඩක් කැමතියි. ඒක මට සන්තෝසෙන් කරන්න පුලුවන් job එකක් වෙයි කියලා මම හිතනවා.
ඔබ ආදරය කියන දේ දකින්නේ කොහොමද?
ඇත්තටම ආදරය කියන දේ දකින්න බෑ. ඒක හදවතට දැනෙන දෙයක් ( සිනාසෙමින්)
ඔබ ප්‍රේමය විදිමින් ඉන්නවද?
තවම නෑ. බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ළගදීම ඒ බලාපොරොත්තුව ඉටු වෙන්න කියලත් අපි සුභ පතනවා.
ඇත්තෙන්ම රුක්මාල් අපිට ඔබගේ ජීවිතයෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා Colombo Beacon මාධ්‍ය ඒකකය වෙනුවෙන් මම ඔබට සුභ පතනවා. බොහොම ස්තූතියි අපි සමග එකතු වුනාට.
බොහොම ස්තූතියි.
Leave a Comment