ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන විජයග්රණයේ උත්සවයක් ලෙස පාස්කු ඉරුදින හැදින්විය හැක…ක්‍රිස්තුස්වහන්සේගෙ දුක්ප්‍රාප්තිය , මරණය හා උත්ථාන වීම සිහිකරන චතාරික කාලසීමාවේ අවසානය පාස්කු ඉරුදිනෙන් සටහන් වේ…ගොබ් ඉරුදින සිට දින හතලිහක් පුරාවට එක්වරුශීලය රකිමින් හා ගොඩමස් වලකිමින් , මනස්තාප වෙමින් ලෝ වාසී කිතුණු ජනයා මිනිසුන්ගේ පාප උදෙසා කුරුසයේ වද වේදනා විදිමින් මරණයට පත්වූ උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිකරනු ලබයි…
ඔබ දන්නා පරිදි ශු.බයිබලයේ පැරණි හා නව ගිවිසුම ලෙස කොටස් දෙකක් තිබේ..මෙහිදී පාස්කු උත්සවයේ ආරම්භය සඳහන් වන්නේ පුරාණ ගිවිසුමේ දීය…එනම් එකල වසර ගණනාවක් පුරා ඊජිප්තු දේශයේ වහල්කමින් පීඩා විඳි ඊශ්‍රායල්වරුන් , මෝසෙස් තුමා ගේ මෙහෙයවීමෙන් පොරොන්දු දේශය කරා ගෙනයන ගමනයි…
පාරාවෝ රජු ඊශ්‍රායල්වරුන් නිදහස් කිරීමට අකමැති වූ කල , දෙවියන්වහන්සේ මිසර දේශයට එවූ වසංගත දහය අවසානයේ මිසර දේශයෙන් පලා යෑමේදී ඔවුන් ට උන්වහන්සේ පිටවීමට පෙර අනුගමනය කිරීමට විශේශ උපදෙස් කිහිපයක් අණදී තිබිණි…එනම් නුමුහුම් බැටළුවෙක් මරා එහි මස් පුලුස්සා නුමුහුම් රොටී හා තිත්ත පලා සමඟ නිවැසියන් සියලු දෙනා හා එක්වඅනුභව කොට , උගේ ලේ වලින් උළුවස්සේ සටහනක් තබන ලෙසයි…පුරාණ ගිවිසුමේ පාස්කුව ලෙස හදුන්වන්නේ මිසරයෙන් පලා යෑමේ මෙම සිද්දියයි..
නව ගිවිසුමේදී පාස්කු උත්සය ලෙස සමරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් උතථාන වීමයි…උන්වහන්සේ මරණය තුලින් උන්වහන්සේ ලෝකයට ගැලවීම උදාකල සේක…උන්වහන්සේගේ දුක්විඳිම හා මරණ තුලින් උන්වහන්සේ ලෝකයාට බොහෝ දේ කියාදුන් සේක..අන්තිම රාත්‍රී භෝජනය දා උන්වහන්සේ තම ගෝලයන්ගේ පාද සෝදමින් නායකයා සේවකයෙකු විය යුතු බව කියා දුන් සේක.එසේම උන්වහන්සේගේ මිනිස් අපගේ පාප වලට බිළි පඬුරක් ලෙස , ඔප්පු වී ගැලවීම ළඟාකරදුන් සේක..
පාස්කු ඉරිදා මෙන්ම ආලේලුයියා සෙනසුරාද මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවෙන් අප උන්වහන්සේගේ උත්ථානවීම සිහිපත් කරන්නෙමු..මරණයෙන් උත්ථාන වූ උන්වහන්සේ ස්වර්ගරාජ්‍යයේ පියාණන් වහන්සේගෙ දකුණු පස වැඩසිටින බවද විශ්වාස කරමු…..
පසුගිය වසරේ පාස්කු ඉරිදා අමිහිරි මතක සමඟ තවමත් සිටින අපට ,මෙවරද දේවස්ථානයට ගොස් දිව්‍ය පූජාවට සහභාගි වීමට නොහැකි වූයේ මුළු ලොවම වෙලාගත් කොරෝනා වෛරස වසංගතය හේතුවෙනි .එබැවින් අප රටේද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පාස්කු පූර්ව රාත්‍රී මෙහය සජීවීව විකාෂය කෙරුණි..ලොව පුරා දේවස්ථාන වල අවම බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් දිව්‍ය පූජාවන් පැවැත්විණි……
එසේහෙයින් ලෝකයට අවශ්‍ය නිරෝගී සුවය දානය කර ලෝකය සුවපත් කරන ලෙස මෙම උතුම් මංගල්‍ය දිනයේ සුවහසක් කිතුනු ජනයා දෙවිඳුන්ගෙන් අයදිනු ඇත…….
ලෝ වාසී සැමට සුබ පාස්කු මංගල්‍යක් වේවා..
Colombo Becon අපගේ පැතුමයි…
Leave a Comment