පොදූවේ අපි ටිකක් අඩුවෙන් කතා කරන දෙයක්..හැබැයි අපි කොහොම උපාධි අරගෙන කොහොම රස්සා කරලා කොහොම ජීවිතයක් ගත කළත් අන්තිමට නතර වෙන නවාතැන තමා මරණය..මම බෞද්ධ දර්ශනය ටිකකට අමතක කරලා සාමාන්‍යය මිනිස් දර්ශනයෙන් මරණය ගැන කතා කරමූ.
මගේ මිත්‍රයෙක් නිතර කියන දෙයක් තමා “මොනා කරත් මොකද??ලයිට් ගියාම ඔක්කොම ඉවරයි”.ඇත්ත ,ජිවිතේ බොහෝ දේවල් අපිට පාලනය කරන්න පුලුවන් උනත් මරණය සහ තවත් ඉතාම සීමීත කාර්‍ය කීපයක් සොබාදහම විසින් අපේ සීමාවෙන් උදුරගෙන තියනවා ..මං හිතන විදියට ඒක තමා මේ ජිවිතේ තියෙන ලස්සන ම දේ..මරණය කියන්නේ නිකන්ම ලයිට් ඕෆ් වෙන එක නෙවෙයි ..ඔබ මෙතෙක් ජීවිතේ කළ කී..දෑ මතකයක්ම පමණක් වී භෞතික ස්වරූපයෙන් නික්ම යාම..මරණය කියන සීතල මූසල අඳුරු සේයාවෙන් ඉවතට ගියොත් ඇත්තටම ජීවයේ වඩා සුන්දරම ක්‍රීයාව තමා මරණය..ඔබ බුද්ධ දර්ශනයට අනූව සලකනවා නම් නැවත ඉපදෙන්න මැරෙන්නම ඕන…ඒක එදීරීවීර සරච්චන්ද්‍ර මහත්මයා මෙහෙම කියනවා ඔහුගේ “මළවුන්ගේ අවුරුදු දා පොතේ” “යාම හොඳයි,ගොස් ඊම ද හොඳයි,ලොව ඇත්තේ යාම් ඊම් පමණි,ආවොත් යා යූතුය,නොයා යළි එන්නට බැරිය”.ඉතින් මිතුරනි මට අනුව මරණය කියන්නේ ද්වාරයක්.. දොරවල් තියෙන්නේ පහූ කරන්න නිසා ඔබ මම අප සැම එය පසූකළ යූතුමයි. ..
ආදරය ගැන විරහව ගැන සින්දූ ලියවුනාට මරණය ගැන කවියක් ලියවුනොත් මිසක් සින්දුවක් ලියවෙනවා අඩූයී. .(නවකතාකරුවන් නම් ඔවුන්ගේ බොහෝ කෲති වලට මරණය වස්තූ බීජ කරගෙන තිබේ) මට ඉතා මෑත කියවන්න ලැබුන මහගමසේකර ගේ නොමියෙමි කෲතියේ මෙහෙම තියෙනවා
මට නුඹ සිහිවේ
දහසක් ගිලනුන් මිය ගිය මේ ඇඳ මත
නිසලව වැතිරී සිටිමි
නුඹ ගැන සිත සිතා සිටිමී…
ජිවිතේ විඩාබර කාර්තුව ගෙවා දමන මිනිසකූ මරණය ආමන්ත්‍රණය කරන්නේ ඉහත ආකාරයට යි.,..”මරණය කියන කාරණය අප සිහි තබා ගත යුත්තේ අප මැරෙන බව මතක තබා ගැනීමට නොව අප ජීවත් වන බව මතක තබා ගැනීමටයි” මගේ මිතුරියක් කලකට පෙර මට ඉගැන්වූ පාඩමකී.
“මරණය” ට ලංකාවේ සංස්කෘතියෙන් ලබා දී තිබෙන්නේ ලිංගික අධ්‍යාපනය ට ලබාදෙන තරමේ තරම් අඩූ ස්ථානයකී..මේ නිසාමදෝ වෙන් වීමක් වියෝ වීමකදී අපේ හැඟීම්බර වීම අති උච්චතම අවස්ථාවට ගමන් කරන්නේ.මරණය යනූ බැඳීමක විඛණ්ඩනය ක් එය ඉතා සාමාන්‍යය ලෝක ස්භාවයක් බවත් සදා සනාතික දහමක් බවත් තේරුම් ගන්නේ නම් මරණය කෙසේ වෙතත් ජීවත් වීම පහසූ වනවා නොඅනුමානය යි..
නාමල් ජයසිංහ ගේ සහෝදරයා ටෙලි නාට්‍යයේ එක් දෙබසක මෙහෙම කියනවා “මරණ එක ලේසී මල්ලී..මැරෙන එකත් ලේසී..ඒ ඔක්කොම එක්ක ජීවත් වෙන එක තමා අමාරු” ඒ කියන්නේ ජීවත් වෙනවට වඩා මරණය පහසූ යි..නමුත් අවාසනාවක මහත අප වඩා බිය වන්නේ ඉතා පහසු වෙන් ළඟා විය හැකි මරණයට ම වීමයි..මා මේ අකුරු කිහිපය ඇමිණූවේ සොබාදහමේ වඩා නිර්මාණශීලීම තර්කානූකූලම සංසිද්ධිය වන මරණය අමතක වූ සියල්ලෝම වෙනුවෙනි මිත්‍රවරුනී අප කිසිවෙක් තාමත් අමරණීය නැත ආ ගමන අවසන් කළ යුතුමයි.සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් උත්සාහ කලේ මරණය කල් දැමීමටයි..ඔහු ඉතා දක්ශ වෛද්‍යවරුන් යොදවාගෙන නිතරම ඔහූගේ සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත් වූහ ආහාර ඖෂධ සියල්ලම ඉතා ආරක්ෂාකාරීව පාවිච්චි කළහ කොටින්ම ඔහු මරණයට අභියෝග කළහ අවසානයේ වසර 50 ක් ගෙවුන තැන ඔහු ඔහුගේ දිවි ගමන නිමා කළහ.ලෝකයා පිළිගැනීමට මැළි වන යථාර්ථය එයයි..
මරණය අවලස්සන නම් සාකච්ඡා වට බඳුන් කරන්න අකමැති නම් මරණයට පූර්ව, ජීවන විලාසය ලස්සන කරගන්නට වෙහෙස වන්න.
“හිනාවිය හැකි උපරිමයට හිනා වෙන්න
අඬන්න පුලුවන් උපරිමයට අඬන්න
පුලුවන් උපරිමයට ආදරේ කරන්න
ඊටත පස්සේ මියයන්න…”
මරණය වචනයම හරි කැතයි..ඒත් හැමදාම ලස්සන තැන් වලම ජීවත් වෙන්න බෑ මිත්‍රයා, කැත තැනට යන්නම වෙනවා..
H.T
Leave a Comment