ආසිරි වැසි බිඳු කඳුලක
හැඩය ගෙනේ…
සුදුවත් නොමදුටු අළුවන් යහනක
පමණකි දුක දන්නේ…
අවිහිංසක වූ සිහින හිතක් ගැන
තවමත් වැලපෙන්නේ…
උවසියකගේ හිත පාරන මතකෙක
සිල් පද බිදලන්නේ…
කඳුළු මැණික් කැට වී දිදුලන කල
ලොවක සෙනෙහෙ පිදුවේ…
එනමුදු තවමත් කඳුලක උණුහුම
මිණිකැට වලින් දැනේ…
මව් පුතු සෙනෙහස…..
Leave a Comment