Interview

මාරම්බරී

මාරම්බරි කෝල වී…. පෑ මුවේ මන්දහාසේ… මනලෝල වේඋන්මාදිනි..

අප කවුරුත් ආදරය කරන ඒ සොඳුරු කටහඬෙහි අයිතිකරු වන විශාරද එඩ්වඩ් ජයකොඩි නම් ඒ අපූර්ව ගායකයානන්ගේ සුමදුර කටහඬින් කොළඹ විශ්වවිද්‍යාලය ගීතවත් කරන්නට මාරම්බරි ප්‍රසංගය  එලිදැක්වීම සඳහා සියලු කටයුතු සූදානම්. ඉඳින් එහි ප්‍රධාන සංවිධායක වරුන් සමඟ පිළිසඳරක යෙදෙන්නට Colombo Beacon අපි තීරණය කළෙමු. කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ “සරසවි සවිය” committee එකේ සභාපති තුමන් අප සමඟ අදහස් බෙදා ගත්තේ මෙලෙසිනුයි.

Q1. මාරම්බරි ප්‍රසංගයේ ප්‍රධාන අරමුණ මොකක්ද?

අපේ facultyයේ batch එකක 20ක් විතර ඉන්නවා. අපි target කරන්නේ 1st  year batch එක. 1st  year batch එකේ ආර්ථික දුෂ්කරතා තියන ළමයි 20ක් විතර නිර්ණායක යටතේ තෝරගෙන මාසෙකට එක ළමයෙකුට රු.2000ක් පමණ ලබා දීමේ අරමුණින් තමයි මේක සංවිධානය වෙන්නෙ.

Q2. එතකොට මහපොළ සහ ශිෂ්‍යාධාර ලැබෙන පිරිසක් ඉන්නවනේ. එයාලව නැතුව මේ සඳහා වෙනත් අයව තෝරාගැනීමක් සිදුකරනවද?

මේකයි ඇත්තටම මහපොළ, ශිෂ්‍යාධාර ලැබෙන්නෙ මාස 8ක් විතර ගියාට පස්සෙ. ඒ හින්දා ඒ මත තෝරාගැනීමක් කරන්න අමාරුයි. එහෙම නැතුව අපේ වෙනත් නිර්ණායක කිහිපයක් තියෙනවා. ඒ නිර්ණායක මත තෝරගෙන 1st year අවසන් වෙනකම් ඔවුන්ට මෙම මුදල් දෙන්න තමයි අපි බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

Q3. ඒ අරමුණ හැර වෙනත් අරමුණු මොකුත් මේ ප්‍රසංගයට පාදක වෙලා නැද්ද? අපිට වටින් ගොඬින් ඇහිල තියෙනව සමහර අය කියනවා අනුස්මරණ කටයුත්තක් සඳහාත් මාරම්බරි සංවිධානය වෙනවා කියල. ඒ කතාවේ ඇත්තක් තියෙනවද?

මෙහෙමයි දමිත් අයියාගේ( card එක අම්බලමා) concept එක මත තමයි “සරසවි සවිය” ආරම්භ වුනේ. එයා අපිත් එක්ක මීට කලින් මේ ගැන කතා කලා. ආර්ථික දුෂ්කරථා තියෙන ළමයින්ට මෙහෙම වැඩක් කරමු කියල. නමුත් ඒක සාර්ථක කරගන්න අපිට බැරි වුනා. අද වෙද්දි අපි හැමෝගෙම අවාසනාවට  දමිත් අයියා නෑ. ඔහුවත් මේ වෙලාවෙදි අපි මතක් කරනවා.

Q4. “සරසවි සවිය”  හැර facultyයෙ ළමයි සඳහා  වෙනත් සුභසාධන වැඩසටහන් තියෙනවද? ඒ මොනවද?

අවුරුද්දකට වතාවක් union එකේ account එකට යම් මුදලක් බැර වෙනවනෙ. ඒ මුදලින් අපි campus එකේ ළමයින්ට pass papers අරන් දෙන්න එහෙම යොදා ගන්නව. ඒ වගේ විවිධ සේවාවන් කරනවා.

Q5. ම්ම්ම්…දැනට “සරසවි සවිය”  project එකේ මූලිකත්වය අරන් කටයුතු කරන්නේ කවුද?

අපේ union එකයි, “සරසවි සවිය”  committee එකයි තමයි මේකේ මූලිකත්වය අරන් කටයුතු කරන්නෙ.

Q6. ඉතින් මූල්‍ය සම්පාදනය සඳහා මෙවැනි සංගීත වැඩසටහනක්ම සිදුකරන්න හිතුවෙ ඇයි? වෙනත් දෙයක් කරන්න යොමු වුනේ නැත්තෙ ඇයි?

මේකනෙ, campus එකේ ඉන්නෙ සාමාන්‍යයෙන් සමාජයේ දැනුමෙන් ප්‍රබුද්ධ පිරිසක්නෙ. ඒ හින්ද ඔවුන් යම් කිසි ඉහල රසාස්වාදයක් තියෙන පිරිසක්. ඉතින් මෙවැනි වැඩසටහනකින් මේකට සම්බන්ධ වන පිරිස වැඩි කරගන්න පුලුවන් එක තමයි පලවෙනි කාරණය. ඒ වගේම මේකෙන් ඔවුන්ටත් වින්දනයක් ලබාගන්න පුලුවන් නිසා ඔවුන්ටත් ප්‍රතිලාභයක් ලබෙනවා. අපිටත් ලැබෙනවා.

Q7.  මේ ප්‍රසංගය පැවැත්වෙන තැන, වේලාව, දිනය?

ඔක්තෝම්බර් 25 වෙනිද , සවස 5ට , කොළඹ විශ්වවිද්‍යාලීය නව කලාගාරයේදී තමයි තියෙන්නෙ.

Q8.  අනෙකුත් අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද? විශේෂයෙන් මතක් කරන්න පිරිසක් ඉන්නවද?

Facultyයෙ lecturersල විශේෂ දායකත්වයක් ලබා දෙනව. විශේෂයෙන් Dr. රණවීර සර් , සහකාර ලේඛකාධිකාරි තුමා-සමන් වේයන්ගොඩ මහතා, HR department head Dr. නවරත්න සර්, පීඨාධිපති තුමා ඇතුලු ගොඩක් අය සහයෝගය දක්වනවා.

ඒ වගේම union එකේ  president, treasurer, secretary ලොකු කැපකිරීමක් කරනවා. batchවල අනිත් අයත් ලොකු සහයෝගයක් දෙනවා. හැමෝගෙන්ම සතුටු දායක දායකත්වයක් ලැබෙනවා.ඒ හින්දම ඉතින් මේක සාර්ථක වෙයි කියල හිතෙනවා.

Q9. “සරසවි සවිය”ට මුදල් සම්පාදනය කරගන්න මේකට අමතරව මොන වගේ ක්‍රියා මාර්ගද තියෙන්නේ?

මූලික අදියර මේක, අමතරව campus එකෙන් out  වෙලා ඉන්න අය හැම මාසෙකම salary එකෙන් යම් කිසි ස්ථීර මුදලක් අපේ account එකට දානව.

Q10. “සරසවි සවිය”ට සහයෝගය ලබා දෙන්න කැමති කෙනෙකුට මොකක්ද කියන්න තියෙන්නෙ?කොහොමද ඔවුන් සහයෝගය ලබා දෙන්න ඕනා?account number එකක් එහෙම දෙනවද?

ඔව් අපේ account එකක් තියෙනව තිබිරිගස්යාය මහජන බැංකුවේ, 086-2-001-2-0018236 peoples bank thimbirigasyaya..Damith Gunasekara scholarship fund මේකට හරි , Lasantha Weerakoon-0702519611,Rangana Pradeep-0711685278 මෙයාල මාර්ගයෙන් හරි අපිට දායක වෙන්න ඕන කෙනෙකුට පුලුවන්.

Q11.  කොළඹ විශ්වවිද්‍යාලයේ තත්වයත් එක්ක විශ්වවිද්‍යාල පරිසරය මොන වගේද දැනෙන්නේ?

ඔව් ගොඩක් අයට අපේ campus එක ගැන සන්සන්දනාත්මකව වෙනස් සිතුවිල්ලක් තියෙනවනේ. වෙනසක් තියෙනව නැත්තෙ නෑ. ඕනම දේකට දෙපැත්තක් තියෙනවනේ. වෙනස් කම් වලට ගරු කරමින්, යහපත් කිසිම දේකට හානියක් නොවන විදිහට campus එකක් විදිහට ඉදිරියට යන්න ඕනා. කොහොම වුනත් මේකෙන් නම් වෙන්නෙ හොඳ දෙයක්. ඉතින් හැමෝගෙම හිතට සතුටක් ලැබෙන ලස්සන වැඩක් නිසා හැමෝගෙම support එක ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.

ප්රභා රන් කැලුම් දී සලා නේත්රයන්

නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිමි

රශ්මි දෙවා චන්ද්රයා සේ මාරම්බරි

මෙම පද වැලත් සමඟින් මාරම්බරි ප්‍රසංගය රසවිදින්නට Colombo Beacon සහෲද ඔබට ආරාධනා කරමින් අපේ සටහනට මෙසේ නැවතීමේ තිත තබමු.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විශ්වරංගි හෙට්ටිආරච්චි

කළමනාකරණ පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්වවිද්‍යාලය

About the author

මරීනා හේෂාණි

විද්‍යා පීඨය - උපාධිධාරීනි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment