Colombo Beacon ආදරය නිසදැස්

මා ඔබේ යසෝධරා…

සාර සැකි කප් ගණන් – පිරූ ඒ පාරමී බලයෙන්
උපනුපන් හැම ජන්මයන් වල – වීය මම ඔ‌‌බෙ පාදපරිචාරිකා
දියකිඳුරු විලසින් සිට – එක් රැයකට වෙන් වූ අප
හැඬූ කඳුළ විය – සාගරයට උල්පත
පුද දෙමින් මා දිවිය – පෙම් කළෙමි ඔබට මම
මගේ පණ දෙවැනි කොට
ස්වාමීනි,
සඳකිඳුරු ජාතක – නැත සම මගේ ආලයට
ඔබේ නාමෙන් – නිවන් සැප ලැබ එතෙර වූයෙමි
මෙසසර කතරින්
යළි උපන්නෙමි – ඔබ නිසා මම
මන්ද හිමියනි – මා ඔබේ යසෝධරා…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චමුදිනී හිමංෂිකා

නීති පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment