කෑ ගැහුවත්
වරදෙදි නුඹ සෑම විට
දන්නවා අම්මේ
නුඹ තරමට,
කවුරුත් නැති බව
මේ ලෝකේ තුළ…
නොමැතිව නිවසෙ
නුඹ ගෙවෙනා සෑම කල
දැනෙන්නේ මරු කතරක
තනි වූ බවකි මට…
නැගිටින්නේ රසම රස
තේ එක බීලා නුඹේ…
නින්දට යන්නේ රස
බත් පත කාලා නුඹේ…
ගෙදරට එන්නේ
නුඹ කොයිබද අසා අපි…
සැනසීමෙන් ඉන්නේ
නුඹ සෙවණෙදී පමණි
අපි…
දෙනවා රැකවරණය
මහ හුඟක්
ඉල්ලනවටත් වඩා…
ඉපදුන දා සිට මගෙ
සෙවනැල්ලව සිටියා…
ජීවයේ බුදුන්
මගේ නුඹ පමණයි
අම්මේ…
මගේ ආයුෂත්
ගෙන නුඹ
සැරදේවා! මෙලොවේ…
Leave a Comment