මැනලා ද නුඹට කිරි දුන්නේ මගේ පුතේ
දුන්නේ සියලු සැප නුඹ රජ වෙන්න පුතේ
පිය සෙනෙහසත් අඩු කෙරුවේ නෑනේ පුතේ
ඇයි ද නුඹට මා අමතක මගේ පුතේ
දෙනෝදහක් ගැවසෙන මේ මහ පාරේ
හෙව්වේම නුඹේ දෑසයි මා ඒ හැම අතරේ
අව්ව වැස්ස මගේ තනියට උන්නත් නගරේ
තාම හොයන්නේ පුතු සෙනෙහේ පපු ගැඹුරේ
මතක් වුනොත් දවසක මා නුඹට පුතේ
දුවලා එන්න හන්දියේ නුග ගහ ළගට පුතේ
ඇස් පිය වෙන්න තප්පරයට කලින් පුතේ
නුඹ අත අල්ලන් ඉන්නට හිත කියයි පුතේ
Design : Dunith Desitha
Leave a Comment