හිමිදිරියේ ඇසෙනා නැවුම් හඬට
හිරු කිරණ ද තවත් ප්‍රියයි
ලතා, වෘක්ෂ මුදුනක සිට
ඇය ගීතයකින් ලොව පුබුදයි
මල් පිය මත දැවටුන පිණි
නෙත් දසුනට සිසිල පොවයි
තුරු අතරින් ගලන හඬක්
සවනට ගී මිහිර බෙදයි
වෘක්ෂ ලතා අතු අතරින්
ඇගේ නාද ගලාන එයි
විහඟකි ඇය ගයන හඬින්
උදෑසනම සුව මිහිර රැඳෙයි
Leave a Comment