තවම මතකයි මට
ආලෙලුයියා ගී හඬ
සමිදු උත්ථානය දින
මඟුල් සිරි ගත් දෙවිදු පුදසුන…….
අසුරු සැනකින් එකවර
සීනු රාවය වෙනුවට
රුදුරු ඒ පිපුරුම් හඬ
ඇසුනු හැටි සිතුවමකි බොඳවුන……..
උනුන්ගේ දෙවියන් වැඳ
අනුන් දිවි සිඳිනා ලෙස
දහම් පණිවිඩයක් දෙන
ආගමක් නම් මා අසා නැත……….
නමුත් පැනයක් ඇත
කියාදෙනවද මට
නතර වුන පසු මගෙ ළය
ඉෂ්ඨ වෙන යුක්තියෙන් ඇති ඵල………..
Leave a Comment