නිසදැස්

මිහිකත විරාමයක්

වසංගතයක් ඇවිදින්ලු නේද
පැතිර යනවලු යදම් බිඳගෙන
මිනිස් සතුනට නොදත් කළගුණ
පාඩමකි මේ පවසන්නෙ මිහිමව

හෙලා දමන කල මහ ගස් එකින් දෙක
වඳව යන කල මිහිදරුවො හිමිහිට
මොළය අතින් ගත් මිනිසුනේ ඔබහට
නොදැනුනේ කිමද කළ විපතක මහත

අඳුර රජයන පාළු මාවත්
තනිව වැළපෙන රුදුරු කම්හල්
නිසල නදියේ දිළෙන දියපොද
විරාමයකි මේ පවසන්නෙ මිහිමව

මේ ඇරඹුමකි පවසන්නේ හැමටම
නොදත් කළගුණ දුදන මිනිසුනට
මිහිමවගෙ ආදරය ලබනට
රකිනු මැන ඇය දිවි පරදු කරගෙන

Designed by – Hasini Harshani

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තේජනී ගනේගොඩ

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment