සාමාන්‍ය

මීතොටමුල්ල කඳුලු කන්ද ..!

සිංහල හා හින්දු අලුත් අවුරැදු සිරියෙන් මුළු රටම වෙලා ගනින්දි,රටේම ජනතාව ආගම් බේදයකින් තොරව සිංහල හින්දු අලුත් අවුරැද්ද සමරද්දී, ඒ සියල්ල අතරේ මහා ඛේදවාචකයක් සිදු වෙතැයි කිසිවෙකු බලාපොරොත්තු නොවිණි. මිනිසා සොබාදහමට කරනා විනාශයේ අතුරු ඵල ජාතියක් ලෙස අප අද අත්විඳි පළමු අවස්ථාව මෙය ම නොවේ.සුනාමි ව්‍යසනය,අරණායක,මීරියබැද්දනාය යෑම් මෑත ඉතිහාසය තුළ සොබාදහමට එරෙහිව මිනිසා කළ අරගලයේ අප අත්විදි ඛේදජනක අත්දැකීම් ය. මුහුණු පොතේ මා මිත්‍ර පිලිප් ශාන්ත මෙසේ ලියා තිබිණි [ මේ මොහොතේ අප පිළි ගත යුත්තේ ජාතියක් වශයෙන් අප අසාර්ථක බව ය.මේ ව්‍යසනයන් වලක්වා ගැනීමේ මුල් පියවර මෙය බවයි.] ජාතියක් ලෙස ස්වාභාවික ව්‍යසන වලක්වා ගැනීමට අප අද අසමත්ය.පාලන තන්ත්‍රය මෙහයවන අයත්, නිළධාරීනුත් මෙයට වගකිව යුතු සේම මහජනතාව වන අපද මේ සදහා බොහෝ සෙයින්ම වග කිව යුතු ය. අලුත් අවුරැදු දා සවස රටම කම්පා කරමින් මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ ය.මේ ලිපිය ලියන මො⁣හතේ මරණ සංඛ්‍යෘව 20කට ආසන්නය.තවත් 170ක් පමණ අවතැන්ය.මේ මහා ව්‍යසනය සිදුවී හමාරය.දැන් මෙහි අතීතය සහ සැගවුණු නොකියවුණු කටුක යථාර්තය අප මෙසේ හෙළිදරවි කරන්නෙමු. මේ කොළඹ කුණු ප්‍රශ්නය මුලන්ම පටන් ගත් ඉතිහාසය වසර ගණනාවක් ඈතට දිව යයි.වර්ෂ 1996 දි කොළඹ කුණු ප්‍රශ්නය ඇරඹෙන විට එයට විසඳුමක් දීමට එවකට කොළඹ නගරාධිපතිවරයා වන කරෑ ජයසූරිය මහතා සහ එවකට බස්නාහිර පළාත් මහ ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහ ලෝක බැංකු ආධාර යටතේ පාදුක්ක මීපේ ප්‍රදේශයේ කසල කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට උත්සාහ කරනු ලැබීය. කොළඹ කුණු ප්‍රශ්නය සම්බන්ධව 1997 දි ⁣පුවත්පතකට පාඨකයෙක් ලියු ලිපියක්… 

අවසානයේ එකළ දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව ප්‍රදේශයේ ජනතාව සමගින් වසර දෙකක් පුරාවට උද්ඝෝෂණයක් දියත් කරනු ලැබිනි.එහි අවසාන ප්‍රතිඵලය වූයේ⁣ ලෝක බැංකුව ව්‍යාපෘතිය හකුලා ගැනීම සහ බ්ලූමැන්ඩල් කුණු කන්ද බිහි වීම ය. අවසානයේදී කාලය ගත වෙත්ම 2007 දි බ්ලූමැන්ඩල් කුණු කන්ද පුපුරා යෑමට ලක් විය.මේ නිසා එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධිකරණ නියෝගයක් මගින් මෙම කුණු මීතොටමුල්ලට ගෙන යෑමට අවසර ලබා දෙන ලදි.අක්කර දෙකකට අවසර ගත් කුණු ගොඩ අක්කර 08ක ප්‍රදේශයක් පුරා පැතිරගොස් මේ මහා ඛේදවාචකය සිදු වීමට අවශ්‍ය පසුබිම සකසන ලදි. මීතොටමුල්ල ජනතාව මේ කුණු කන්ද නතර කිරිමට උද්ඝෝෂණ සිදු කළහ.ප්‍රතිඵලයක් නොවිණි.පොලිසියෙන් ගුටි කෑම පමණි ඔවුන්ට ඉතිරි වුයේ.එක් අවස්ථාවකදි අන්තර විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය මීතොටමුලලේ ජනතාව සමගින් ඔවුන්ගේ සැබැ ප්‍රශ්නය හදුනාගෙන එයට එරෙහිව හඬක් නැඟූ අයුරු දැක ගත හැකි විය.

මේ කුණු කන්දේ ප්‍රශ්නයෙන් ශ්‍රි.ල.නි.පක්ෂයටත්,එක්සත් ජාතික පක්ෂයටවත්,ජ.වි.පේ ටවත් ගැලවිය නොහැකිය.කුමක් නිසාද යත්,මේ සදහා ඔවුන් ද යම් ආකාරයකින් ගැවී ඇති බැවිනි. මේ මීතොටමුල්ලේ ඛේදවාචකය අස්සේ හරි අපූරූ දෙයක් ෆේස්බුක් සමාජ ජාලාව්ව්න් මට හමු විය.එහි තිබෙන්නේ උසස් පෙළ ජීව විද්‍යාවට කැලි කසල බැහැර කරන ක්‍රම උඟන්වන බව ය. එහෙත් මේවා පොත පතට සිමා කල විට කුණු කදු නාය යන එක අහන්නත් දෙයක් නොවිය හැකි ය. මේ අවුරුදු 20ක කුණු ප්‍රශ්නය දැන් දවසින් දෙකෙන් විසඳිය නොහැකිය.මෙම කුණු කන්ද ඉවත් කිරිමට අවුරැදු 5ක් වත් ගතවෙයි.ඒවා නිවැරිදිව බැහැර නොකරොත් කොමිස් කාක්කන්ට ලබා දුනහොත් තවත් ප්‍රශ්නයක මූලයකි.මන්ද යත් මෙම කුණු කන්දෙන් ධන කුවේරයන් වෙන අයද සිටින හෙයිනි.මෙය ව්‍යාපාරයක් වන බැවිනි. දැන් මෙම කුණු කන්දට එරෙහිව උද්ඝෝෂණ සිදු කිරිමෙන් ඵලක් නැත.මීතොටමුල්ලට ඉදිරියට කුණු එන්නේ නැති ය.නමුත් එය අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වැහුවා වගේ වැඩකි. මේ සඳහා ඇමති චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මෙසේය.කන්ද නාය යෑමට පෙරය මෙය ඉදිරිපත් කර තිබුණි.මේවා ක්‍රියාත්මක කිරිම රජයේ වගකීමක් ය. 2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය -කරදියාන සහ මුතුරාජවෙල ප්‍රදේශයන්හි නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල එක්රැස් වන කසළ කළමනාකරණය කිරීම පිළිබඳ ගැටලුවට විසඳුමක් වශයෙන් භෂ්මීකරණය (Incineration) තාක්ෂණය වශයෙන් යොදා ගනිමින් අපද්‍රව්‍ය මඟින් විදුලිබලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති දෙකක් කරදියාන සහ මුතුරාජවෙල යන ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. රාජ්‍ය – පෞද්ගලික හවුල් පදනම යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා රජයේ ප්‍රසම්පාදන පටිපාටිය අනුගමනය කරමින් තෝරා ගන්නා ලද ආයෝජකයින් වෙත කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. කසළ කළමණාකරණය සඳහා රජයක් විදියට මෙන්ම පෞද්ගලිකව ද අපට කල හැකි යමක් පවතින බව හිතට ගැනීම සියල්ලටම වඩා මේ දිනවල සිතට ගත යුතු ය.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සුවීන් මුතුකුමාරණ

ශාස්ත්‍ර පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment