හන්තාන සීතලට
පිනි දියට
මීදුමට…
හිත් බැන්ද මල් යාය
අතුරාන
බිම උන්න…
සිත් යාය දුර දුවන
කඳු අතර
ගී රාව…
තේ යායෙ ඉති බිඳෙන
රිද්මයට
අවනතව…
මුමුණාවි රහසක්
නිදි වරන
දෝණියට…
“අර පේන දුර ඈත
සරසවියෙ
මතුදිනක…
ලිය වේවි එක නෑර
නුඹ දකින
හැම හීන…
අතුරාන රතු පලස
හඬගාවි
නුඹෙ නාම…
පිළි ගන්න සැරසේවි
මගෙ දෝණි
නිසැකවම…”
Leave a Comment