මේ වන විට COIVD-19 නිසා ලොවම පීඩා විදින මොහොතක, ශ්‍රී ලාංකේය අපටද නිවසටම වී සිටීමට සිදුව ඇත්තේ අප රටටද මෙම ව්‍යසනය බලපා ඇති නිසාවෙනි. දෛනික ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමට මේ මොහොතේ ගෙවතු වගාවන් සඳහා යොමුව ඇති නිසාත්, එකී කර්තව්‍යය සදහා තෝරාගත යුතු බෝග සම්බන්ධව දැනුවත් කිරීමටත් Colombo Beacon අපි තීරණය කළෙමු. එකී උක්ත අරමුණැතිව ලෝකයේම අවදානය දිනාගත් ඖෂධීය ගුණයෙන් හෙබි වටිනා එළවලුවක් වන මුරුංගා පිළිබඳව අපි මෙසේ ඔබව දැනුවත් කිරීමට අදහස් කළෙමු.
“මුරුංගා අත්තේ තියන්න ඕනෙ නෑ” යැයි ජනවහරේ පැවත එන ඉපැරැණි කියමනකි. එය කෙසේ වෙතත් මුරුංගා කොළ, මල්, හා කරල් වල ඇත්තේ අසීමිත ඖෂධ ගුණයකි. moringa oleifera යන විද්‍යාත්මක නාමය හිමි, මුරුංගා ඉන්දියාවෙන් අප රටට බෝ වූ ගසකි. මුරුංගා යනු මුරිංගා යන දෙමල නාමයෙන් බිදී ආවක් ලෙස සැලකේ.
විටමින් ඒ සහ සී මෙන්ම කැල්සියම් මුරුංගා කොළ වල බහුලව අඩංගු වේ. තවද, මුරුංගාවල ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුය. මුරුංගා කරල්වල අඩංගු ඇමයිනෝ අම්ලය 20% – 30% අතර ප්‍රමාණයකි. මුරුංගාවල අඩංගු ෆ්ලේවොනොයිඩ්ස් (Flavonoids), ෆීනෝලික් අම්ලය (Phenolic Acids), ඔමෙගා අම්ලය (Omega Acid) වැනි සංඝටක රාශියක් අඩංගුය.
එබැවින් මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළය. අනෙක් වැදගත් කාරණය වනුයේ ශරීරයේ ඇති ප්‍රතිඔක්සිකාරක එන්සයිම වන සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස් (Superoxide Dismutese) ග්ලුටතයෝන් පෙරොක්සිඩේස් (Glutathione Peroxydase) ග්ලුටතයෝන් රිඩක්ටේස් (Glutathione Reductase) සහ කැටලෙස් (Catalase) සක්‍රිය කිරීමේ හැකියාව මුරුංගා සතු වීමයි. මේ නිසා මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණ වැඩි වේ.
මුරුංගාවල ඇති ගුණ
- පිළිකා නාශක ගුණ ඉතා ඉහළ ය. විශේෂයෙන් මුරුංගා මොළයට විසරණය වන නිසා මොළයේ පිළිකා මර්දනයට හැකියාව ඇත.
- බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් මර්දන හැකියාව ඇත.
- හෘදය වස්තුව ආරක්ෂා කරයි.
- කොලෙස්ටරෝල් පාලනය කරයි.
- අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කරයි.
- විටමින් A මුරුංගාවල බහුලව අඩංගු බැවින් ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්‍රාවීය ග්‍රන්ථි, නිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.
- මුරුංගාවල අඩංගු කැල්සියම් ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අස්ථි වර්ධනය කිරීමේ හැකියාව ඇත. මුරුංගාවල අඩංගු යකඩ ප්‍රමාණය ඉතා ඉහළ බැවින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනය කරයි.
- මුරුංගා ඇටවල ටෝකොෆෙරෝල් වර්ග 3 ක්, එනම් විටමින් E ප්‍රමාණය අධිකව සංයෝග වී ඇති බැවින් විටමින් E වලින් ලැබෙන ගුණ ඉහළින් ම ලැබෙනු ඇත.
- මුරුංගා ඇට මඟින් අක්මාවේ ෆයිබ්රෝසිස් තත්වය වළක්වයි.
- මුරුංගාවල ඇති ඩයියුරසිස් ගුණය නිසා වකුගඩු ආරක්ෂා වේ.
- මුරුංගා පොතුවල ඇස් සුව කිරීමේ සහ ස්නායු දුර්වලතා වැළැක්වීමේ ගුණ ඇත.
- ආහාරවල විෂ ඉවත් කිරීමේ හැකියාව මුරුංගා කොළ සතු වේ.
මුරුංගා කරල් ග්‍රෑම් 100 ක පෝෂණය
- කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.7
- ප්‍රෝටීන් ග්‍රෑම් 2.5
- විටමින් A මයික්‍රොග්‍රෑම් 1100
- විටමින් B1, මිලිග්‍රෑම් 0.05, B2 මිලිග්‍රෑම් 0.06, B3 – 0.2
- විටමින් C මිලිග්‍රෑම් 120
- කැල්සියම් මිලිග්‍රෑම් 30
- මැග්නීසියම් මිලිග්‍රෑම් 24
- පොටෑසියම් මිලිග්‍රෑම් 259
- යකඩ මිලිග්‍රෑම් 5.3
මුරුංගා අමු පත්‍ර ග්‍රෑම් 100 ක පෝෂණය
- කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13
- ප්‍රෝටීන් ග්‍රෑම් 6.7
- විටමින් A මයික්‍රොග්‍රෑම් 6800
- විටමින් C මිලිග්‍රෑම් 220
- විටමින් B 1 මිලිග්‍රෑම් 0.06, විටමින් B2 මිලිග්‍රෑම් 0.05, විටමින් B3 මිලිග්‍රෑම් 0.8
- කැල්සිම් මිලිග්‍රෑම් 440
- මැග්නීසියම් මිලිග්‍රෑම් 24
- පොටෑසියම් මිලිග්‍රෑම් 259
- යකඩ මිලිග්‍රෑම් 7
- විටමින් E මිලිග්‍රෑම් 448
මුරුංගා වියළි පත්‍ර පවුඩර් ග්‍රෑම් 100 ක පෝෂණය
- කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 38
- විටමින් C මිලිග්‍රෑම් 17.3
- ප්‍රෝටීන් ග්‍රෑම් 27
- කැල්සියම් මිලිග්‍රෑම් 2003
- විටමින් A මයික්‍රොග්‍රෑම් 16,000
- මැග්නීසියම් මිලිග්‍රෑම් 368
- විටමින් B1 මිලිග්‍රෑම් 2.6, B2 මිලිග්‍රෑම් 20, B3 මිලිග්‍රෑම් 8.2
- පොටෑසියම් මිලිග්‍රෑම් 1324
- යකඩ මිලිග්‍රෑම් 28
- විටමින් E මිලිග්‍රෑම් 113
පැල කර ගැනීමේදී ඕනෑම පසක සරුවට වැඩෙන මෙම මුරුංගා ශාකය, අතු හා ඇට මගින් බෝ කර ගත හැක. කුඩා ඉඩක උවත් හොදින් සුර්‍යාලෝකය ලැබෙන්නෙ නම් වැඩෙන මෙම ශාකය ඉතා ඉක්මනින් වර්ධනය වන අතර කුඩා කාළයේදීම මුරුංගා කොළ ආහරයට ගැනීමට හැකි වේ.
මූලාශ්‍ර – http://www.silumina.lk/2019/01/12/විශේෂාංග/විස්මිත-සුවදෙන-මුරුංගා
Leave a Comment