විශේෂ දිනයන්

මෙදා අවුරුදු

කපුටෝ එක ඕසෙට පෙළගැහිලා
උන් තාමත් නෑ සිංදු කියන්නේ
රබාන හඬවන්ට පදමට
ගින්දර නෑ ලිප් බොක්කේ
අළු සුවඳටවත් ඇවිත් පලයං කෙවිලියනේ…
ගිනි අව්වට රත් එරබදු දා වෙලා
හොරෙන්ම රෑට
මිනී මල් පිපෙනවා හීතලේ
කැවුම් නැතත් අවුරුදු කියන්ට
උඹලා විතරයි ආවෙ කෝඳුරුවනේ…
බක්මහ අකුණත්
සුනංගුයි මයෙ හිතේ…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ලක්‍ෂිත සෙනෙවිරත්න

Leave a Comment