නිසදැස්

මෙහෙණියක වූ පෙම්වතිය වෙත

එදා අපි දෙඩූ පෙම් කතාවන්
අතීතය තුල සගවලා
කසාවත නුඹ දෑරූ දා සිට
මං හිදින්නෙම් ගොලු වෙලා

නුඹේ මතකය මගේ හදවත
පාරනා විට වෙර දමා
බණ පොතක් ගෙන පෙරලලා පිටු
හොයනවා නුඹ කොයි කියා

සසර ගමනට තිත තියන්නට
ගියේ නුඹ මට නොකියලා
මමත් ආසයි තිත තියන්නට
සසර ගමනට නුඹ මෙනා

මෙහෙණියේ නුඹ දම් දෙසන කල
අනේ ඒ මඩුවට වෙලා
මමත් ඉන්නම් දම් අසාගෙන
නිවන් මොක්පුර යන ලෙසා…..

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විරාජ් ශානක

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment