Colombo Beacon

මේක ගෙයක් ඒත්, පාරාදීසයක්…!

පොඩි හුරුබුහුටි ලස්සන ගෙයක් නිසාද මන්දා ලොකු ලොකු ගෙවල් වල අයගෙන් කරදර ටිකක් වැඩියි. ඒත්, ගෙදර අයිතිකාරයෝ හදන්නේ කොහොම හරි නිවාසය විකුණා මුදල් බවට පත් කිරීමට ය. සම්පුර්ණම නොහැකි වුවත් කොටස් වශයෙන් හෝ දීමට දැඩි ප්‍රයත්නයක් ඇත. මොවුන්ගේ පරම්පරාව නම් මහා විශිෂ්ට යැයි උදම් ඇනුවත්, දැන් සිටින ආකාරය නම් ප්‍රශ්නාර්ථයකි. මේ ගෙදර සිටින ඉගෙනගත්ත උදවිය, ඉගෙනගත්තේ නැති උදවිය සියල්ල පාහේ කොයි මොහොතේත් වෙනත් ගෙවල් දෙස බල බලා හූල්ලමින් සිටියි. මේ නිවස පිළිසකර කර අලුත්වැඩියා කරන්නේ නම්, වෙනත් නිවාස අවැසිම නැත. හීල්ලීමට ද අවශ්‍ය නැත.

ඒත් ගෙදර සිටින සියල්ලම තම තමන්ගේ කාමර වලට වී තමන්ගේ වැඩ සමඟ යෙදී සිටින බැවින් මෙය හරියන කාරණාවක් නම් නොවෙයි. වන්දනාමාන කරන්න පිළිවෙළට වෙන වෙනම තැන් සකස් කර ඇතත්, ගෙදර අය කොයි මොහොතේත් හොයන්නේ හොර ජ්‍යෝතිෂ්‍ය තුමන්වමයි. 

ගොඩ යාමක් නොමැති බව දුටු නිවැසියන් අවසානයේ සාපලත් පාරාදීසයෙන් ආශිර්වාද ලත් කාන්තාරයට යයි…!

තිමිර දිනෙත්ම
පළමු වසර
ශාස්ත්‍ර පීඨය
 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තිමිර දිනෙත්ම

Leave a Comment