“අම්මේ අර හෙට ඉදන් දිවයින පුරා ඇඳිරි නීතිය කියලා අම්මාට ආව news එක බොරු එකක් ලු… මෙන්න දැන් T.V. එකේ news වලට පොලිස්පතිතුමා ඒ ගැන කියනවා..”
“අයියෝ..! ඇත්තද දුවේ..? මම ඒ post එකයි මැසේජ් එකයි මගේ යාලුවෝ ගොඩකට forward කරානේ… එකේ රජයේ දෙපාර්තුමේන්තුවක letter head එකකුත් තිබ්බ හන්දා මන් හිතුවේ ඇත්තක් කියලා… මං තාත්තටත් කිව්වේ ඉක්මනට super market එකට ගිහිල්ලා බඩු ටිකක් ගෙදරට ගේන්න කියලා…”
“අම්මේ එහෙම යන්න ඕනේ නැතිලු… ජනතාව අනවශ්‍ය ආකාරයෙන් කලබල වී වෙළෙඳසැල් වලට යාමෙන් වලකින්න කියලා පොලිස්පතිතුමා කියනවා..”
“අනේ දුවේ… බලන්න ඉතින් මේ මිනිස්සු හදන fake news හින්දා මිනිස්සු කොච්චර නම් අපහසුතාවයට පත්වෙනවද..?”
ඔබ ද මීට සමාන අත්දැකීම්වලට ඉදිරියේ දී මුහුණ දීමේ ඉඩ ඇත. නැතිනම් ඔබ මෙවැනි අත්දැකීම්වලට දැනටමත් මුහුණ දී සිටිය හැක. ඒ කෙසේ වෙතත් ඔබ සැවොම මේ ගැන දැනුවත්වීම කාලීන වශයෙන් ඉතා වැදගත් ය.
Information Age; එහෙමත් නොමැතිනම් විඥාපන අවධියක ජීවත් වන අපහට විවිධ මාධ්‍ය වලින් තොරතුරු අති විශාල ප්‍රමාණයක් දිනපතාම ලැබෙයි. එහෙත් මෙසේ ලැබෙන තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය සොයා බලා ඒවා සමඟ ගනුදෙනු කිරීම 21වෙනි සියවසේ මාධ්‍ය භාවිතා කරන අපි සැමගේම වගකීමකි.
මොනවා ද මේ Fake news?
එහි වර්ග දෙකක් දැකිය හැකිය.
1.සත්‍ය නොවන පුවත්
මේවා නම් මිනිසුන් යම් අසත්‍ය දෙයක් පිළිබඳව විශ්වාස කිරීමට පෙළඹවීමට, යම් නිෂ්පාදනයක් මිළදී ගැනීමට හෝ යම් වෙබ් පිටුවක් වෙත පිවිසීමට යොමු කිරීමට ආදී වශයෙන් සම්පූර්ණයෙන්ම ගොතන ලද ඒවා ය.
2.යම් සත්‍යතාවක් තිබෙන එහෙත් 100% නිරවද්‍ය නොවන පුවත්.
උදාහරණයක් වශයෙන් මෙවැනි පුවත්වල යම් මාධ්‍යවේදියකු විසින්, දේශපාලකයකු විසින් කරන ලද කතාවක කොටසක් පමණක් උපුටා දක්වයි. මෙමඟින් වැරදි හැඟීමක් ග්‍රාහකයා තුළ ඇතිවිය හැක. තව ද තවත් විටෙක මෙය පාඨකයින්ට යම් මතවාදයක් පිළිබඳව ඒත්තු ගැන්වීමට යොදා ගත් උපක්‍රමයක් වීමට හැකිය. එසේත් නොමැතිනම් වැරදීමකින්, අතපසුවීමකින් වූ දෙයක් වීමට ද පුලුවන. ඒ කෙසේ වෙතත් මේවාට ප්‍රේක්ෂකයන් ඉතා ඉක්මනින් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවකින් යුක්තය.
Fake news පැමිණෙන්නේ කොහි සිට ද?
Fake news යනු අලුත් යමක් නොවේ. එහි ඇති නවීන බව නම් වර්තමානයේ සත්‍ය හා අසත්‍ය යන තොරතුරු වර්ග දෙකම ඉතා පහසුවෙන් මහා පරිමාණයෙන් බෙදා හැරීමට ඒවාට හැකියාව තිබීමයි.
වර්තමානයේ සමාජ ජාල තුළ ඕනෑම අයෙකුට තම සිතුවිලි ප්‍රකාශයට පත් කිරීමට හෝ කතා පුවත් ලෝකයටම ප්‍රචාරය කිරීමට හැකියාව ඇත. මෙහි අවාසිදායක පැතිකඩ වනුයේ බොහෝ මිනිසුන් තමන් අන්තර්ජාලයේ දකින තොරතුරු වල මූලාශ්‍රය පිළිබඳව පරීක්ෂා නොකර ඒවා අන් අය සමඟ share කිරීමට පෙළඹීමයි. මෙය බොහෝ විට අසත්‍ය පුවත් ප්‍රචාරයට හේතු වෙන අතර එවැනි fake news අන්තර්ජාලය හා සමාජ ජාල තුළ viral යාමට ද ඉඩකඩ ඇත.
එමෙන්ම ඇතැම් විට සමහර පුවත් වල මුල් මුලාශ්‍රය (-original source) සොයා ගැනීමට අපහසුවන අතර එවන් පුවත් වල නිරවද්‍යතාව තක්සේරු කිරීම තරමක් දුරට අපහසු ය.
Fake news හඳුනා ගන්නේ කෙසේද?
1. විවේචනාත්මක මානසිකත්වයක් ඇති කරගන්න.
Fake news වලින් හානිදායක ප්‍රතිඵල අත්වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ඒවා කියවන්නා තුළ විශ්වාසයක් ඇති වන අන්දමින් නිර්මාණය කර ඇති නිසා මිනිසුන් ඉතා පහසුවෙන් ඒවාට හසු වීමයි.
බොහෝ Fake news සකස් වී ඇත්තේ මිනිසුන් තුළ shock එකක්, එසේත් නොමැතිනම් භීතියක් වැනි ප්‍රබල ප්‍රතිචාරයක් ඇති කිරීමේ අරමුණින් ය.
මින් අදහස් වනුයේ එවැනි පුවත්වලට ප්‍රතිචාර දැක්වීමේ දී අප බොහෝ සේ හැඟීම්බර නොවිය යුතුය යන්නයි. එසේ නොවී ඔබට පෙනෙන ඇසෙන තොරතුරු බුද්ධිමත්ව හා විවේචනාත්මකව ග්‍රහණය කිරීම අවශ්‍ය වේ.
ඔබට ඔබෙන්ම මෙසේ ප්‍රශ්න කළ හැකිය.
“ඇයි මේ පුවත රචනා වී තිබෙන්නේ..?”
“මා කිසියම් මතවාදයක් වෙත පොළඹවා ගැනීමේ අරමුණින් ද..?”
“මෙයින් උත්සාහ ගන්නේ මා යම් වෙබ් පිටුවක් වෙත පිවිසීමට යොමු කරවීමට ද..?”
“මෙය මාගේ සිතුවිලි අවුලුවාලීමේ අරමුණින් නිර්මාණය කර ඇති දෙයක්ද..?”
2. මූලාශ්‍රය පරීක්ෂා කරන්න.
ඔබට ඔබ නොදන්නා මූලාශ්‍රයක් පාදක කරගනිමින් නිර්මාණය වූ පුවතක් හමුවුවහොත් ඒ පිළිබඳව යම් ගවේෂණයක්, එනම් කිසියම් ආකාරයක සොයා බැලීමක් සිදු කළ හැකිය.
ඔබ කියවන වෙබ් පිටුවේ වෙබ් ලිපිනය පරීක්ෂා කරන්න. එහි සැක සහිත extensions (උදා:-.com හෝ .co.uk වෙනුවට .infonet හෝ .offer තිබීම) තිබේදැයි බලන්න.
එමෙන්ම කතෘ හෝ ප්‍රකාශකයා ඔබට හුරු පුරුදු කෙනෙක් දැයි බැලිය යුතුය. එහි දී ඔවුන්ගේ ජනප්‍රියත්වය හෝ වෘත්තීය අත්දැකීම්වලට වඩා ඔවුන් අදහස් දක්වන ලද කරුණු සම්බන්ධයෙන් ඔවුන්ට විශේෂඥ දැනුමක් තිබේ දැ යි සොයා බැලිය යුතු ය. එසේත් නොමැතිනම් ඔවුන් යම් කරුණක් පිළිබඳව අතිශයෝක්තියෙන් ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නවා ද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය.
අප ප්‍රවේසම් විය යුතු තවත් කරුණක් නම් Fake news පතුරුවන්නන් හා නිර්මාණය කරන්නන් විටෙක එය නිල තොරතුරුක් බව පෙන්වීමට සත්‍ය ලෙස පෙනෙන එහෙත් ව්‍යාජව සැකසූ images, logos, websites ආදිය යොදා ගැනීම යි. උදාහරණ ලෙස World Health Organization (WHO) විසින් සැකසූ post එකක් දුටුවොහොත් එහි යම් සැක සහිත බවක් පෙනෙයි නම් WHO හි නිල වෙබ් අඩවියට ගොස් එවැනි තොරතුරුක් ඇත් දැයි සොයා බැලිය යුතු ය.
3. සාක්ෂිය නිරීක්ෂණය කරන්න.
විශ්වසනීය පුවතක් නම් එය තුළ බොහෝ කරුණු: උදාහරණ ලෙස විද්වතුන් විසින් කළ ප්‍රකාශ, සමීක්ෂණ දත්ත, නිල සංඛ්‍යාලේඛන ආදිය, අඩංගු විය යුතු ය. එසේ නොමැතිනම් එම සිදුවීම ඇසින් දුටුවන්ගේ සවිස්තර හා නිරවද්‍ය වාර්තා තිබිය යුතුය.
මේවා පුවත තුළ නොමැතිනම් ඔබ නිරන්තරයෙන් එම පුවත ප්‍රශ්න කළ යුතුය.
පුවතෙහි අඩංගු සාක්ෂි නියත වශයෙන් යම් දෙයක් සිදු වූ බව තහවුරු කරන්නේ ද? එසේ නොමැතිනම් එහි කරුණු යම් මතවාදයක් උල්ලුප්පා දැක්වීමට ගොතන ලද ඒවා ද ?
4. ඔබ දකින images දුටු පමණින්ම විශ්වාස නොකරන්න.
වර්තමානයේ භාවිතා වන බොහෝ editing softwares නිසා මිනිසුන්ට සත්‍ය ලෙස හැඟෙන එහෙත් සැබෑවට සත්‍ය නොවන (fake images) රූප සෑදීම පහසු වී ඇත. පර්යේෂණ පෙන්වා දෙන්නේ අප අතරින් හරි අඩකට fake images නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව නොමැති බවයි. ඒසේ වුවත් fake images හඳුනා ගත හැකි ලක්ෂණ ද ඇත. උදාහරණ ලෙස ඒවා වල අමුතු ආකාරයේ shadows, figure එකක් වටා කඩතොලු වූ දාර දැකිය හැක.
එසේම පුවතක යොදා ගෙන ඇති images සත්‍ය වුවත් ඒවා පුවතෙහි සන්දර්භයට නොගැළපෙන ඒවා විය හැකිය. උදාහරණ ලෙස වෙරළ දූෂණය පිළිබඳව පුවතක පුවතෙහි සඳහන් වෙරළේ නොව වෙනත් වෙරළක ඡායාරූපයක් හෝ එම වෙරළේ වසර 10 කට පමණ පෙර ලබා ගත් ඡායාරූපයක් යොදා තිබිය හැක.
Google Reverse Image Search වැනි software එකක් භාවිත කොට ඔබට යම් image එකක් නිර්මාණය වී තිබෙන්නේ කොහි සිට ද හා එය වෙනස් වීමට ලක් වී ඇත් ද යන්න පරීක්ෂා කර බැලිය හැක.
5. එය සත්‍ය හා නිවැරදි ද යන වග හැඟේ දැ යි විමසන්න.
අවසාන වශයෙන් ඔබ ඔබගේ සාමාන්‍ය දැනුම භාවිතා කළ යුතු ය. සෑම මොහොතකම fake news එකක් නිර්මාණය කර ඇත්තේ අපගේ මතවාද, බලාපොරොත්තු ආදියට බලපෑම් කරන අයුරින් බව මතකයෙහි තබා ගත යුතු ය.
උදාහරණයක් ලෙස ඔබ කැමතිම විලාසිතා සන්නාමය විසින් ඔවුන්ගේ තොග අවසන් කිරීම සඳහා ඔවුන්ගේ social media වල stories සඳහා react කරන සෑම දෙනාටම නොමිලේ ඇඳුම් මිලියනයක් ලබා දෙන බව පවසන පුවත සෑම විටම සත්‍ය විය නොහැක.
ඉහත දක්වන ලද ආකාරයට අප වෙත ලැබෙන තොරතුරු වල සත්‍ය අසත්‍ය බව සොයා බලා ඒවා සමඟ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුය. මෙම කොරෝනා වසංගත සමයේ දී විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.
“කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු ය.” යන මෙම සාම්ප්‍රදායික යෙදුම අප විසින් මේ නවීන ලෝකයේ තොරතුරු සමඟ ගනුදෙනු කිරීමේ දී ද සිහිතබා ගැනීම වටියි.
ඉතින් නො රැවටෙන්න.”මෙන්න විශේෂ පුවතක්!”,”මේ තොරතුර අන් අයගේ දැනුවත්වීමටත් හැකිතාක් share කරන්න..!”,ආදි ලෙස ඔබට ලැබෙන සෑම තොරතුරුක්ම නිවැරැදි යැයි කිව නොහැක. ඔබේ වගකීම වන්නේ පළමුව එහි සත්‍යතාවය සෙවීමයි. අසත්‍ය තොරතුරු වලට රැවටී ඔබත් අන් අයත් අපහසුතාවයට පත්නොවීමට බුද්ධිමත්ව වගකීමෙන් තොරතුරු පරිශීලනය කරන්න.
මූලාශ්‍රය :
Image source :
Leave a Comment