සාමාන්‍ය

මේ සියල්ලක්ම අපි නිසාද?

නුඹට මිතුරු ගස් වැල් කොළ කැපුවේ
අපියි
නුඹට හොරා නුඹ අැඟ ගිනි තැබුවේ
අපියි
නුඹ අඩනකොට නුඹ ගැන දුක් වූයේ
අපියි
දිවි රැකි නුඹට අවසන සතුරු වූයේ
අපියි

සති දෙකකට අාසන්න කාලයක් මුළුල්ලේ මහ පොළොවේ පෙණහළු අැවිලෙමින් අැත. ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 20%ක් සපුරන, මුළු සත්ත්ව ගහණයෙන් 10% කට උරුමකම් කියන, බාහිර ලෝකයට නිරාවරණය නොවූ මානව ගෝත්‍ර 84ක් වෙසෙන බ්‍රසීලියානු අැමසන් වනාන්තරය ගිනි රකුසෙකුට යටත්ව අැත.

අපා,දෙපා,සිවුපා,බහුපා මේ සෑම වර්ගයකම සත්ත්වයින් දෙවියන් යදින්නට අැත. තව දවසක් හෝ ජීවත් වීමට වරම් ඉල්ලන්නට අැත. ඔවුන්ද අප මෙන්ම තම පණ නළට අනිවාර්යෙන්ම අාදරය කරන්නට අැත. සමහරක් විට තවමත් ඔවුන් තම දිවි රැක ගැනීමට තම හැකි වීරිය යොදා ගිනි රකුසා සමග කරට කර සටනක යෙදෙනවා විය හැකිය. සමහරක් කැදලි වල පුංචි කුරුලු පැටව් අම්මා,තාත්තා කෑම ගෙන එනතෙක් බියේ ගුලි වී සිටිනවා විය හැකිය. අැතැම්විට එ් කැදලි සොයා ගන්නටවත් නැතුව අැතිය.

අැත්තටම කුමක්ද මේ සුදුවූ විපත?

ඔබ දන්නවාද මෙවන් ගිනි තැබීම් මේ වසර තුළ 73,000කට අාසන්න ප්‍රමාණයක් අැතිවූ බව??

ඔව් එය සත්‍යයක්. වැදගත්ම කරුණ එය නොවේය. මේ සියල්ලකටම පාහේ වැරදි කරුවන් මනුෂ්‍ය අපිය. මෙවර අැතිව තිබෙන මේ ගින්නටද අාසන්නතම හේතුව වශයෙන් බළධාරීන් හුවා දක්වන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකම්ය. ගොවිතැන් සදහා අැමසන් වනය එළි පෙහෙළි කිරීම ඉන් ප්‍රධාන වේ. සැතපුම් 1700ක් පුරා පැතිරුණු මේ ගිනි ජාලාව වඳවී යන සත්ත්ව විශේෂ 2633 කට, කුරුළු විශේෂ 1500කට, කෘමීන් වර්ග මිලියන 2.5 කට සහ තවත් හදුනාගත් සහ හදුනා නොගත් සත්ත්ව විශේෂ බහුතරයකට දැනටමත් තර්ජනයක් වී හමාරය.

ලෝක ජන නායකයින්ගේද අවධානය මේ වන විට අැමසන් වෙත යොමු වෙද්දි බ්‍රසීලියානු ජනාධිපතිවරයාට එරෙහිව මහජන විරෝධයක්ද එල්ලවී අැත. එයට හේතුව ඉහත සදහන් කළ පරිදි මෙම වසර තුළ පමණක් 73,000කට අාසන්න ගිනි තැබීම් අැමසන් වනාන්තරය අාශ්‍රිතව අැති වෙද්දීත් ඊට නිසි ක්‍රියා මාර්ග නොගැනීමයි. රුසියානු ජනාධිපතිවරයා ගිනි නිවීමට සැලසුම් සකසද්දී ප්‍රංශ ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් ඔස්සේ කියා සිටියේ අපේ නිවහන ගිනි ගන්නා බවයි. සත්‍ය වශයෙන්ම මේ ගිනිගන්නේ ඔබේත් මගේත් නිවහනයි. මේ දැවෙන්නේ ඔබත් මමත් උරැමකම් කියන, සත්ත්ව විශේෂ, ශාක විශේෂ රැසකගේ නිවහනයි. ගින්නක් අැවිළීම ලෙහෙසිය. එහෙත් එය නිවා දමන්නට අපහසුය.

ලෝකයේම අැස් එලෙස අැමසන් වනාන්තරය දෙසට යොමු වෙද්දි අපේ මව්බිමේ සංචාරක කේන්ද්‍රස්ථානයක් වන අැල්ල ද ගිනි ජාලාවකට මැදි විය . එයටද ප්‍රධානතම හේතුව මිනිස් ක්‍රියාකාරකම්ය. එවන් ගින්නක් නිවීම ශ්‍රී ලංකාව තුළ පහසු කටයුත්තක් වුවද අවාසනාවකට අදාළ පහසුකම් අප සතුව නැත. කෙසේ වෙතත් ත්‍රිවිධ හමුදාව එම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර අැත.

මෙවන් තත්වයන් කරණ කොටගෙන අනාගතයේ අැතිවිය හැකි විපත් අපමණය. මෙලෙසින් වනාන්තර ගිනි තැබීම්, විනාශ කිරීම් නිසා අනවශ්‍ය ලෙස කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යා හැකිය. අඩුවන ඔක්සිජන් ප්‍රතිශතයට විසදුමක් නැත. ඔක්සිජන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට පවතින වනාන්තර ප්‍රමාණවත් නැත. ග්ලැසියර විනාශ විය හැකිය. මුහුදු ජල මට්ටම ඉහළ යා හැකිය. දූපත් මුහුදු ජලයෙන් යට වී යනු අැත. අැමසන් හි සිදු වූ එ් ගිනි ගැනීමත් සමග අවට නගරවල වැසියන්ට දහවල, රාත්‍රිය හදුනාගත නොහැකිය. දහවලටද අවට දිස්වන්නේ අදුරුවය. මෙය ලෝක විනාශයට අත වැනීමක් නොවේද?

මියැදුණු සතා සිව්පාවුන්, ගහ කොළ අපට වෛර කරනවා විය හැකිය. නුඹලා අපට කළ දේ නිසා නුඹලාටත් නුදුරේදීම ස්වභාවධර්මයෙන් වන්දි ගෙවීමට සිදු වනු අැතැයි ඔවුන් සිතනවා විය හැකිය. අැතැම් විට එසේ ඔවුන් නොසිනවා විය හැකිය. මන්ද යත් ඔවුන් අප තරම් අකාරුණික හෝ ගුණමකු නොවන බැවිනි. සියල්ලක්ම සිදුවී හමාරය. නැති වූ දේ ඉබේ අැතිවන්නේ නැත,ලැබෙන්නේ නැත. අපි උත්සාහ කරමු එ් මියැදුණු සැමට සාධාරණයක් ඉෂ්ඨ කරන්නට. ගස් වැල් අලුතින් සිටවමු. කුඩා අැමසන් වනයක් ලංකාව තුළත් අැති කරමු.

මනුෂ්‍ය අපට පමණක් නොව සතා සිව්පාවට, ගහකොළට නිර්මිත මේ ලෝකයේ සතුට සැමදාටම රකිමු.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පවන්ති සුදසිංහ

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment