අඳුර සිප ගත් සුයාමයේ
දසත බිඳ ගත් මෝහයේ
පහන් සිළුවක ගැටුනු ඡායා
මවයි නෙක රූ
නෙක මන තිර මත ඔහේ…
අවිඳු මොහ’ඳුර හද ගිරේ
රජයනා දින මනදොරේ
දනෝ නෙත් අග ගිලුණු හැඟුමන්
දියේ ඇඳි රූ
මෙන් දිය වේ සිත් කොනේ…
ලෝ දනන් හද ගිණියමේ
මියැදුනද දුක් ගිණි ගොඩේ
ජයම පතමින් නොනැවතී දැන්
දුවයි බැඳි රූ
හඹා ලෝ දන තදියමේ…
Leave a Comment