හද රිද්දන කතා නම් බෝමයි
ඒ අතරත රැඳුණු සිනහවයි
මුව මඬල සරසනා ලතාවයි
ඔහු වින්දෙ හැම දේම තනිවමයි
පෙම් කළ සිතට ඇඳි රූ රටාවයි
සිත් මත්තෙ වූ නොකී කතාවයි
දෙතොලත රැන්දු බැව් නම් සැබෑවයි
යන තෙක්ම නෙදනී ඈ මගේමයි
දෙනෙත් පුරා බලා උන්නු රටාවයි
යළි නොඑනා බැව් නම් සැබෑමයි
නමුදු මේ බලා හිඳිනා කාලයයි
යළිත් මගේ වන්නට වූ පෙම් ඇරයුමයි…
Leave a Comment