අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලකදී තමන්ගේ දක්ෂතා පෙන්වීම මොනයම් හෝ ක්‍රීඩාවකට සම්බන්ධ වී සිටින ඕනෑම කෙනෙකුගේ අපේක්ෂාවක්. විශ්ව විද්‍යාල මට්ටමින් ක්‍රීඩා කරන කෙනෙකුට ඒ සඳහා වන කදිම අවස්ථාවක් ලෙස අන්තර්ජාතික විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල හඳුන්වා දිය හැකිය. එම ක්‍රීඩා උළෙල සඳහා තරඟ කිරීමට මෙවර කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් කීප දෙනෙකුම සුදුසුකම් සපුරා හමාරයි. ක්‍රීඩාවත් අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන මෙතෙක් ආ ගමනේ ඔවුන් මේ වන විට සුවිශේෂී සන්ධිස්ථානයක් ආසන්නයේ පසුවනවා. ඒ කිහිප දෙනා අතරින් ශ්‍රී ලංකා රගර් කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගත් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක පාසලේ සිවුවන වසරේ ඉගෙනුම ලබන මධූෂ උෂාන් සමඟ Colombo Beacon අපි සුහද පිළිසඳරක යෙදුණා.
1. මුලින්ම අයියගෙ විස්තර ටිකක් කියමු.
මම මධූෂ උෂාන්, ඉන්නෙ හෙයියන්තුඩුවෙ. පවුලේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි ඉන්නවා. Second shy තමා campus ආවෙ. දැන් UCSC එකේ 4th year ඉගෙන ගන්නවා. 4th year IS subject කරන්නෙ
2. අයියා කොහොමද ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ?
මං පාසල් කාලෙ sports කරල තියෙනවා, ඒ කියන්නෙ athletics, foot ball වගේ ඒවා කරල තියෙනවා. ඒ වුණාට රගර් වලට යොමු වුණේ කෙලින්ම campus ආවට පස්සෙ තමයි.
3. Campus ආවම sport එකක් කරන්න හිතුණෙ ඇයි?
ඔව් ඇත්තටම campus ඇවිල්ලනම් රැග් එක කාලෙ අයියලම දැකල තමයි කිව්වෙ රගර් ගහන්න කැමති ද කියලා. කිසිම අවබෝධයක් තිබුණෙ නෑ ඇත්තටම රගර් ක්‍රීඩාව වෙන්නෙ කොහොමද බෝලෙවත් මොන වගේද කියල එහෙම කිසිම අවබෝධයක් තිබුණේ නෑ. අර අයියල කිව්ව මල්ලි උඹට ගහන්න පුලුවන් වගේ මොනවද කරල තියෙන්නෙ, එහෙම එහෙම කියල ඇහුවම ඉතින් අර Practice එන්න කිව්වම ආසාවක් එහෙම ඇති වෙලා ඉතින්, අර freshers’ වලින් තමයි, එදා freshers වල අපි පලවෙනි වතාවට join championship එකක් ගත්ත management එකත් එක්ක.ඒ තමයි UCSC ඉතිහාසයේ පළවෙනි championship එක. ඉතින් රගර්වලින් එහෙම championship එකක් හම්බුණම රගර් ක්‍රීඩාවට ඇත්තටම ආස හිතුණා. දිගටම ඉතින් ඊට පස්සෙ රගර් වලට ගියෙ ඒ හින්දා තමයි.
4. මෙතෙක් ක්‍රීඩා කිරීමෙන් ලබා ඇති විශේෂ ජයග්‍රහණයන් මොනවද ?
ක්‍රීඩාවකින් ලබාගත් ලොකුම ජයග්‍රහණයක් කිව්වොත් අපි අවුරුදු 4කට පස්සෙ ගිය පාර inter uni වල semi finals select වෙලා 3rd place ලබාගත්තා. එදා තමයි මට හිතුණ විදියට ක්‍රීඩාවකින් ලබගත්ත ලොකුම ජයග්‍රහණය.මං colours night දෙකකට සහභාගි වෙලා තියෙනවා, මට captaincy, vice captaincy හම්බෙලා තියෙනවා හැබැයි ඒ හැම දේකටම වැඩිය team එකක් වශයෙන් වුණාට අරක තමයි මං හිතන්නෙ මට ලැබුණු ලොකුම ජයග්‍රහණය කියල.අමතරව පාසල් කාලෙ athletics වලින් කලාප මට්ටම දක්වා ගිහින් තියෙනවා. ඒ වගේ athletics පැත්තෙන් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.
5. රගර් වලට අමතරව අයියට තියෙන වෙනත් ක්‍රීඩා වලට දක්වන දක්ෂතා හෝ වෙනත් විශේෂ හැකියාවන් මොනවාද?
මම තාම athletics එහෙම කරනවා. සිංදු කියන්න, වාදනය වගේ ඒවා ඒ තරම් බෑ, ඒත් ඒවට ප්‍රිය කරනවා.
6. Academic එක්ක කොහොමද අයියා ක්‍රීඩාව සමබරව කරගෙන යන්නේ ?
ඇත්තටම දැන් sport එකට ලොකු කැප කිරීමක් කරන්න ඕනෙ, academic වලට ගොඩක්ම support එක හම්බුණේ මගේ යාළුවන්ගෙන් තමයි. මොකද මට 1st year, 2nd year ගොඩක් lectures miss වුණා. හැබැයි ඒ හැම දෙයක්ම balance කරගෙන යන්න ගොඩක් support එක හම්බුණා යාළුවන්ගෙන්. අපේ special එකට ගන්නෙ 20යි. අපේ 100ක් ඉන්න batch එකෙන් 20යි ගන්නෙ.ඉතින් 20කට තේරෙනව කියන්නෙ ලේසි නෑ, ඒ කියන්නෙ sport එකත් එක්ක අමාරුයි කරන්න.මං ඉතින් කොහොමහරි යාළුවොන්ගෙ support එකෙනුයි balance කරගෙන කරපු නිසා කොහොමහරි අන්තිම 18 වෙනියට වගෙ තේරෙන්න හම්බුණා.
7. මේ ලැබුණු විශේෂ අවස්ථාව ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම කවදාවත් ඔළුවෙවත් තිබුණ දෙයක් නෙමේ මේ world university games කියන එක ගැන. මට department එකෙන් call එකක් ආවා, මං captain නිසා, මට call එක ආවෙ මෙහෙමයි කියලා.ඕකෙ Trail වලට දවස් දෙකකට කලින් තමයි මට call එක ආවෙ, රෑක ආවෙ.මෙහෙම world university tour එකක් organize කරල තියෙනව, trails තියෙන්නෙ පේරාදෙණියෙ, ඉරිදා කියල.ඒ වෙනකොටත් අපි match එකක් ඉරිදට දාගෙන හිටියෙ, උදේට. ඊට පස්සෙ sir කතා කරල කිව්ව “බිල්ලා,යන්න පුළුවන් ඔයාලගෙ හොඳ කට්ටිය යවන්න,ඒ කියන්නෙ හොඳම කට්ටිය යවන්න හතරක් පහක්.මේක ලොකු දෙයක්.අපේ එක්කෙනක්ට දෙන්නෙක්ට අනිවාර්යයෙන් chance එක හම්බෙයි” කියල. ඊට පස්සෙ දාගෙන තිබ්බ match එක postpone කරල තමයි එදා අපි 4 දෙනෙක් ගියා ඒකට. හිතුවෙ නෑ ඇත්තටම, මම හිතන් හිටියෙත් අපේ vice captain සහ අපේ තව science එකේ මල්ලි කෙනෙකුයි තමා, මගෙ ඔළුවෙත් තිබ්බෙ ඒ දෙන්න දිනයි කියල, මං අර සහභාගි වෙන්න ඕනෙ නිසා ගියා, ඒත් කොහොමහරි ඉතින් chance එකක් හම්බුණා.
8. ක්‍රීඩා කිරීමෙන් අයියගෙ ජීවිතයට ලබාගත්තු දේවල් මොනවද?
මට හිතෙනවා, දැන් මෙහෙමයි. අපි සමහර අවුරුදුවල 2016 වගේ අපි exam එකත් එක්කම matches ගැහුවා. ඒ කියන්නෙ අද උදේ exam එකක් නම් හවස match එකක්. එහෙම Inter university ගැහුවා, practice කළා. අර pressure එකක් handle කරන්න…. ඒක ලේසි නෑ.මොකද සමහර වෙලාවට අපි උදේ practice කරලා, 9ට ගිහින් exam එක ලිව්වා.ඒ කියන්නෙ 8.30ට practice ඉවර වෙලා 9ට exam ලිව්වා. එහෙම ලිව්වත් එක subject එකක්වත් එහෙම upset උනේ නෑ. ඒ කියන්නෙ අර ඕනෙම stress අවස්ථාවක් handle කරගන්න පුලුවන්කම ලැබුණා. අනික හැම faculty එකකින්ම හොඳ සහෝදරත්වයක් තියෙනව. අනික රගර් ක්‍රීඩාවට ගොඩක් කට්ටියත් කැමති නිසා ඒ පැත්තෙන් හොඳයි.අනික අපි දැන් 4th year නිසා industry පැත්තෙන්, job වලට offer කරද්දී රගර් play කරන companies වලින් අපිට offers ඇවිල්ලා තියෙනව. ඉතින් ඒවගේ දේවල් නිසා මගේ හිතේ සතුටක් තියෙනව අර මේක නිසා මට කවදාවත් කිසිම දෙයක් නැති වෙන්නෙ නෑ අනිවාර්යයෙන් තව ලොකු දෙයක් ඉස්සරහට හම්බෙයි කියල.
9. Campus එකේ sports කරද්දී අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති. එහෙම අවස්ථාවක් මතක් කළොත්?
(සිනහ වෙමින්) අමතක නොවන සිදුවීම තමයි, මේ අවුරුද්දෙ මගේ උපන් දිනය තිබුණ 29 වෙනිදා. එදා practice දවසක්. Team එකේ අයත් කිසිම වෙනසක් පෙන්නුවෙ නෑ, practice කරා.අපි team දෙකකට බෙදිලා match එකක් සෙල්ලම් කර කර හිටියෙ. මාත් කට්ටියට බැන බැන සෙල්ලම් කර කර හිටියෙ. හැමෝම සෙල්ලම් කර කර හිටියෙ.මට කිසිම වෙනසක් තේරුණේ නෑ.එක පාරට මං කොහොමහරි බෝලෙත් එක්ක බිම වැටුණු වෙලාවක, කට්ටිය කලින් plan කරල තිබිල තියෙන්නෙ, බෝලෙත් එක්ක වැටුණු වෙලාවක මාව උස්සගෙන ගිහිල්ල බිත්තර ගහල ගස්වල බැඳල විනාශ කළා.එදා තමයි අමතක නොවෙන දවස.

10. රගර් කියන්නෙ කණ්ඩායම් ක්‍රීඩාවක්නෙ, කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මං හිතනව මං captain වශයෙන් මම team එකේ අයට ගොඩක්, මගෙ පැත්තෙන් කරන්න පුළුවන් support එක දෙනව කියල.මොකද මාත් මේකෙ අවුරුදු 4ක් ඉන්න නිසා මං දන්නව මොනවද අනිත් අයට එන ප්‍රශ්න.මොනවද academic වල එන ප්‍රශ්න , ගෙවල්වල ප්‍රශ්න, මං හැමදේම දන්න නිසා මං ගොඩක් force කරන්නෙ නෑ. ඒ කියන්නෙ team එකට rules එහෙම තියෙනවා, ඒ වුණාට මං හැම ළමයෙක් එක්කම කතාබහ කරලා ඒ විදියට excuses දෙනව හැමදේටම. ඉතින් ඒ දේ හින්දා මං හිතනවා හැම එක්කෙනාම මට දෙන්න පුළුවන් උපරිම support එක දෙනව කියල, ඒ වගේම ලැබෙනව ඒ support එක.ඒ ගැන ගොඩක් සතුටුයි.
11. නායකයෙක් විදියට team එකේ අයගෙ දක්ෂතා ගැන මොකද හිතෙන්නෙ?
ඔව්, team එකේ ගොඩක් දක්ෂ ළමයි ටිකක් ඉන්නව. මේ සැරේ අපිට tournament තියෙන්නෙ අගෝස්තු වල, අපි නොවැම්බර් වල ඉඳන් practice පටන් ගත්තා. Team එකේ ළමයි ගොඩක් කැප වෙනවා. මම කැප කරන තරම්ම ගොඩක් අය කැප වෙනවා.ගෙවල්වල ප්‍රශ්න තියාගෙන, සල්ලි ප්‍රශ්න තියාගෙන හැමදේම තියාගෙනත් academic ප්‍රශ්න තියාගෙනත් ගොඩක් අය කැප කරනව. මම දකිනව අපේ 1st years ලට වැඩිය දැන් 1st years ල දක්ෂතවයෙන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. අපිට හිතාගන්න පුළුවන් ඒගොල්ලන් 3rd year 4th year වෙද්දී ඒගොල්ලන් මාරම level එකක ඉඳියි. . ඒ ගැන මාරම සතුටුයි. දැන් අපේ team එක ගත්තොත් අපේ team එක ගොඩක් start කරනව ගොඩක් 1st years ල 2nd years ල. ඒ කියන්නෙ අපේ එන පරපුර අපි උඩ කට්ටිය හොඳට හදල හොඳ focus එකක් තියෙනව කියන එක.නැත්නම් අපේ 3rd yearsල 4th yearsල ම ඉන්නවන්ම් ඒ කියන්නෙ අලුත් අය හැදිල නෑ කියන එකනෙ.මම දකින ලොකුම දේ තමයි ගොඩක් දක්ෂ අය ඉන්නවා, ඒ කියන්නෙ අපේ team එකට Colombo university රග්බි team එකට school වල රග්බි play කරපු අය අඩුයි එනව. කලාතුරකින් අවුරුදු දෙකකට තුනකට සැරයක් වගේ එක්කෙනක් දෙන්නෙක් එනව.නැත්නම් මෙහෙ ඇවිල්ල හුඟක් අය ඉගෙන ගන්නෙ.පොඩි අය පුරුදු කරල, ඒ කියන්නෙ පොඩි අය ගොඩක් දක්ෂයි. ඒ දේ තමා දකින්නෙ. දැන් මම captain වුණාට මට වඩා දක්ෂ playersල ඕන තරම් ඉන්නව අපේ team එකේ. ඉතින් ඒක තමා වෙන්න ඕනෙ මං කියන්නෙ. අපේ team එකම දක්ෂයි නම් අනිවාර්යයෙන් මේ පාරත් අපිට දිනන්න පුළුවන්.
12.. අයියගෙ අනාගත බලාපොරොත්තු මොනවද ?
අනාගත බලාපොරොත්තු කියන්නෙ, මට ලොකුම ආසවක් තියෙනවා, ඒ කියන්නෙ, දැන් මං මේ අවුරුද්දෙ රගර් ගහල ඉවර වුණොත් මට හිතෙනවා ඒක මදි වගේ.ඒ කියන්නෙ අපිට කොච්චර academic pressure එක තිබ්බත් මේ සෙල්ලම් කරන පැය එකහමාර දෙක මාර relief එකක් තියෙන්නෙ.ඒක දැන් ඔය පරණ අයියලත් ඇවිල්ල කියනවා, මල්ලි දැන් අපිට සෙල්ලම් කරන්නෙ නැතුව බෑ, ඒක නැතුව දැන් අර අමාරුයි කියල.ඒ කියන්නෙ අර addict වෙලා කියල. ඒ දේ මාර feeling එකක් ඒක.මේ දේ මොන දේකින්වත් ලැබෙන්නෙ නෑ.දැන් ඇපි කොච්චර යාළුවො එක්ක කතා කර කර හිටියත් අර ඒ sport එකෙන් ලැබෙන දේ වෙන දේකින් මට ලැබිල නෑ.මගෙ අනාගත බලාපොරොත්තුව ඉතින් මම කැමතියි software industry යන company එකක, එහෙම රගර් සෙල්ලම් කරන company එකකට join වෙන්න තමා මගේ ලොකුම ආසාව. මොකද මට මේ sport එක මෙතනින් නවත්තන්න කිසිම ආසවක් නෑ.
13. අයියා මේ ආපු ගමනේ ස්තූති කරන්න අවශ්‍ය පිරිසක් ඇති.ඒ අයවත් මතක් කරමු.
අපේ අම්මටයි තාත්තටයි ස්තූති කරන්න ඕනෙ, හැබැයි ඒ දෙන්න කැමති නෑ මං සෙල්ලම් කරනවට. හැබැයි ඉතින් මං උදේ 5ට 4ට නැගිටින්න ඕනෙ කිව්වත් නැගිටල ඒ support එක දෙනව.මට බැන බැන හරි මට injury එකක් වුණාම බෙහෙත් කරනව. ඒ පැත්තෙන් අම්මල මට කරන්න පුළුවන් හැමදේම කරල දෙනව. කලින් කිව්ව වගේ මගෙ යාළුවො ගොඩක් support කරනව academic කරගන්න.ඒ වගේම මගෙ girl friend මට ගොඩක් support කරනව, මගෙ academic එහෙම ගොඩක් එයා තමයි කරල දෙන්නෙ. තව මං ස්තූති කරන්න ඕනේ, මං captainsල දෙන්නෙක් යටතෙ හිටියා. ඒගොල්ලන්ටත් මං ස්තූති කරන්න ඕනෙ සහ මාව රගර් වලට යොමු කරන්න අපේ සීනියර්ස්ල ඒ කියන්නෙ UCSC මගේ උඩ batch එක, විශේෂයෙන්ම බැරිය අයියා නම, එයා තමයි මාව කතා කරල ගත්තෙ. ඒගොල්ලන්ට ස්තූති කරන්න ඕනෙ. මොකද මම අදත් ඒගොල්ලන්ට කියන්නෙ අයියල මාව කතා කරල ගත්තෙ නැත්නම් අද මම රගර් ගහන්නෙත් නෑ,අද මම captainත් නෙමේ,අද මම සාමාන්‍ය එක්කෙනක් කියල. ඒගොල්ලන්ට ස්තූති කරන්න ඕනෙ, ඒගොල්ලන් තමයි මාව මෙතනට ගෙනාවෙ.ඊට පස්සෙ මගෙ team එකට අවට පස්සෙ වකා අයියා,තිළිණ අයියා , සුද්දා අයියා, ඒ තුන්දෙනා යටතේ ඇවිල්ලා,මං හිතුවෙත් නෑ මට captaincy , vice captaincy එහෙම හම්බෙයි කියල. ඒ දේත් හම්බුණා.ඊට පස්සෙ දැන් මගේ team එක. මගෙ coach. Physical department එකේ සර්ල, අජන්ත සර්,gym එකේ අශෝක් සර්. ඒගොල්ලන් ගොඩක් support කරනවා. අනික දැන් අපේ old boysල, දැන් මට තේරෙනව අපේ team එකක් playersල 30ක් 40ක් ඉන්න team එකක් මාස හය හතක් ඇදන් යනව කියන එක ගොඩක් ලොකු අමාරු කාර්යයක්. ඉතින් old boysල සෑහෙන support එකක් දෙනවා. ඒගොල්ලන්ට ස්තූති කරන්න ඕනෙ.
14. ක්‍රීඩාවට අලුතින් එන්න ඉන්න නංගිල මල්ලිලාට කියන්න තියෙන්නෙ මොනවද ?
මම දැන් අපේ faculty එකේ මං කතා කරද්දී සහ අපේ amalgamated club එකෙන් ගිහිල්ල කතා කරද්දිත් හැම වෙලාවෙම කියන්නෙ, අනිවාර්යයෙන් academic එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.ගොඩක් අයගෙ බයක් තියෙන්නෙ academic ප්‍රශ්නයක් වෙයි කියල.ඕන sport එකක් කරන්න පුළුවන්.ඕන sport එකක් කරන්න පුළුවන් academic එක්ක. ස්කෝලෙ කාලෙ අපි sport එකක් කළොත් ඒක සාධාරණයි. ඒත් campus එකේදි එහෙම වෙන්නෙ නෑ.ඕන තරම් උදාහරණ තියෙනව. මොකද sports වලින් මම දකින විදියට ගොඩක්ම කැප කරන,ඒ කියන්නෙ අපි සතියට දවස් 5ක් practice කරනවා. ගොඩක්ම මහන්සි වෙන්න ඕනෙ, ගොඩක්ම තමන්ගෙ කාලෙ කැප කරන්න ඕනෙ ක්‍රීඩාවක්. ඉතින් එහෙම කරලා අපේ හොඳ academic තියෙන කට්ටිය ඉන්නවා.management batch top, science batch top අපේ team එකේ ඉන්නව. එහෙම ඉන්නෙ මොකද ඒ දේවල් කරන්න පුළුවන්. Pressure එක සහ අඩු කාලෙකින් ඔලුවට දාගන්න පුළුවන්. අපි ඕන තරම් නිදි මරලා සාමාන්‍ය ළමයෙක්ට දවසම මහන්සි වෙලා, හවස රෑ ඇවිල්ල පාඩම් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබයි අපි ඒකට පුරුදු වෙලා පුරුදු වෙලා අපි කොච්චර practice කළත් දරාගැනීම ඒ ටික තියෙනව.ඒ දේවල් අනිවාර්යයෙන් හැදෙනව sport එකෙන්.අනික team work එක අනිවාර්යයෙන් හැදෙනව sport එකෙන්. ඉතින් නංගිල මල්ලිලාට කියන්න තියෙන්නෙ අනිවාර්යයෙන් sport එකක් follow කරන්න පුළුවන් නම් campus එකේ. මොකද අපි හිතන්න ඕනෙ campus out වුණාට පස්සෙ, එළියෙ අය කොච්චර busy ද? මං දන්නෙ නෑ ඒ කියන්නෙ යාළුවෙක් meet වෙන්නවත් වෙලාවක් නෑ.එච්චර busy schedule එකක් තියෙන්නෙ.මොකද දැන් තියෙන තත්වෙත් එක්ක company එකකට ගියාට පස්සෙ සැහැල්ලුවෙන් ඉන්න බෑ. අර අවුරුදු 23ක් 24ක් ඉඳල මේ තමා අවසාන අවුරුදු තුන හතර අපිට සැහැල්ලුවෙන් ඉන්න තියෙන. මේ campus ඇවිල්ල ඒ වගේ දෙයක්වත් කළේ නැත්නම් ජීවිතේට ආයෙ මැරෙනකම් ඒ වගේ දෙයක් කරන්න ලැබෙන්නෙ නෑ. ඒ කියන්නෙ හොඳම අවස්ථාවක් ඉතින්.තමන්ගේ හැංගුණු දක්ෂතා, තමන්ගේ talentගොඩක් දේවල් ඉස්සරහට ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් සහ තමන්ගෙ අනාගතය ගොඩක්ම වෙනස් වෙන්න පුළුවන් දෙයක් තමයි sport එක.

රගර් ක්‍රීඩාවට නවකයෙකු ලෙසින් එක් වන මධූෂ ඉෂාන් කෙටි කාලයක් තුළදීම එහි බොහෝ දුර ගමනක් ගිහින්. ඒ වෙන කිසිත් නිසා නොව ඔහු තුළ වූ උත්සාහයත්,කැප වීමත් නිසාවෙන්ම බව ඔහුගේ කතාවෙන් අපට වැටහී යන්නක්. නවකයෙකු ලෙසින් එක් වූ ඔහු අද වන විට අති දක්ෂයෙකු වන බව ගියවර අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ දී ඔහු දැක්වූ දක්ෂතාවයන්ගෙන් පෙනී යයි.එනම් ඔහු එවර උත්සාහක දිනුම් 8ක් ලබා ගනිමින් වැඩිම උත්සාහක දිනුම් ලාභියා බවට පත්වීමයි. තවද මොහු වසරේ හොඳම රගර් ක්‍රීඩකයා බවටද පත් වූයේ ඔහුගේ දක්ෂතාවය නිසාමය. මධූෂ උෂාන් සොයුරාට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල රගර් කණ්ඩායම නියෝජනය කරමින් ලක් මෑණියන්ට කීර්තියක් ගෙන දීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි Colombo Beacon අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
(Photo Credits – http://www.thepapare.com/)
Leave a Comment