එය කවියක් ද
මට අවැසි ලෙස ම පද වැල් ගෙතෙන…?
නැත…
එය ලියා නිම කළ පොත කි
මට අවැසි ලෙස ම නොව
එයට අවැසි ලෙස ද පෙරලෙන…
මම මෙන් ම ඔබ ද
එවන් ලියූ කතාවක,
කාලයේ ඉගිල යන හෝරා මැද්දෙන්
පෙරලෙන්නා වූ
පිටුවෙන් පිටුවට රඟ දක්නා වූ
නළුවෙක් මෙන් ම
සදාකාලික හිමිකරු ද වෙමි…
මතු දිනෙක ලියා තිබු පිටු නිමා වී
රඟ මඬල නිවී ගිය ද…
Leave a Comment