ක්‍රීඩා

රාජකීයන් ගේ ප්‍රහාරය

රගර් ලෝක කුසලානය නිසා මේ දිනවල ක්‍රීඩා ලෝකය ඉතාමත්ම උණුසුම්..මේ සටහන ලියවෙන විටත් ඉංග්‍රීසි ජාතිකයන් අවසන් මහා තරගයේ තමන්ගේ ආසනය වෙන් කරගෙන අවසන්..ඒ 2011 සිට කිසිදු ලෝක කුසලාන තරගයක් පරාජය නොවුන නවසීලන්ත ක්‍රීඩකයන්ට නැවත තම මව් රටට යාමට ගුවන් ටිකට් පතත් වෙන් කර දෙමින්.තරගාවලිය ආරම්භ යේ සිටම නවසීලන්ත කණ්ඩායම හා සමානව ම විචාරක කුටියට මාතෲකාවක් වුවේ එංගලන්ත කණ්ඩායම යි..තම කාණ්ඩයේ ප්‍රමුඛ යා වූ ඔවුන් ඉන් පසුව මුණ ගැසුනේ තම සදාකල්.ප්‍රතිවාදියා වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි..මෙහිදී ඕස්ට්‍රේලියානු පුහුණුකරු “මයිකල් චෙකා”ව පවා පුදුම කරමින් බර අවි ප්‍රහාරයක් දියත් කළ එංගලන්ත ක්‍රීඩකයන් තරගයේ අවසන් නළා හඬ “වේර්න් බාර්න්ස්”විනිසුරු නාද කරන විට 40-16 ක දරුණු ප්‍රහාරයක් දියත් කළ අවසන් ..
තරගයෙන් අනතුරුව එංගලන්ත නායක “ඕවන් ෆැරල්”තම මීළඟ ප්‍රතිවාදියාට අනතුරු ඇඟෙව්වේ තමන් සුදානම් බව.එමෙන්ම අයර්ලන්තය සුනු විසුනු කළ “කීරන් රීඩ් “ඇතුළු ඕල් බ්ලැක්ස් බලකාය සුදානම් වුනේ පිට පිටම තෙවන වතාවටත් රගර් ලෝක කුසලානය තමන් සතු කරගන්නට.ප්‍රථම අවසන් පූර්ව තරගයට පෙර පැවති මාධ්‍ය සාකච්ඡා වේ දී එංගලන්ත පුහුණුකරු “එඩී ජෝන්ස්”පැවසුවේ..”හැමෝම හිතන්නේ අපිට අවස්ථාවක් නෑ කියලා ..ඒත් මමත් මගේ ක්‍රීඩකයනුත් මගේ කාර්‍ය මණ්ඩලය ත් විශ්වාස කරනවා අපිට අවස්ථාවක් තියනවා කියලා .”අපි ඔට්ටු තියන් නෑ..අපි සටන් කරනවා..(එඩී ජෝන්ස් යනු 2015 ලෝක කුසලානයේ දී දකුණු අප්‍රීකාව පරාජය කළ ජපාන කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ).
තරගය ආරම්භ වීමේ දී නවසීලන්ත හකා නර්තන ය තඹ සතයකට මායිම් නොකෙරූ ෆැරල් ප්‍රමුඛ පසුපෙළ ක්‍රීඩකයන් තරගයේ දෙවැනි විනාඩියේ උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ පාලනය සියතකට ගත්තා .එම පාලනය තරගයේ අසූ වෙනී විනාඩියේ “නයිජල් ඕවන්ස්”විසින් නළාව නාද කරන තුරු පවත් වා ගත් එංගලන්ත ක්‍රීඩකයන් නවසීලන්තයට අමතක නොවන පරාජයක් උරුම කර දුන්නා..
නවසීලන්ත මාධ්‍ය වාර්තා කළ අන්දමට මෙම පරාජය ඔවුන් 2007 ලෝක කුසලානයේ ප්‍රංශය ට එරෙහිව ලැබු පරාජයටත් වඩා කටුක පරාජයකි.තරගය පුරා නවසීලන්ත ෆුල් බැක් ක්‍රීඩක “බෝඩ්න් බැරට්”,වින්ග් ක්‍රීඩක “සෙවීයෝ රීස්”,සෙන්ටර් ක්‍රීඩක “සොනී බිල් විලියම්ස් “ට හැරෙන්නටවත් අවස්ථාවක් නොදුන් එංගලන්ත ප්‍රහාරකයෝ ඔවුන්ව දැඩි පීඩනය කට නතු කළා. පමණක් නොව තම ඉදිරිපෙළ ක්‍රීඩකයන් යොදවා ඕල් බ්ලැක්ස් නම ගිය ක්‍රීඩකයන් සුනු විසුණු කර දැමුවා.
රගර් ක්‍රීඩාවේ උපත සිදුවු එංගලන්තය මේ වන තෙක් දිනා ඇත්තේ එක් ලෝක කුසලානයක් පමණී ඒ 2003ලෝක කුසලානය ,2007 දී අවසන් මහා තරගයෙදි දකුණු අප්‍රීකාව හමුවේ පරාජය වූ පසු ඔවුන්ගේ රගර් ක්‍රීඩාව මඳක් පසුබෑමකට ලක් විය..2015 දී කාණ්ඩ වටයෙන් ඉවතට විසි වූ ඔවුන් 2011 දී අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසි වීය..නමුත් එඩී ජෝන්ස් ගේ පුහුණු කාරීත්වය යටතේ නවමු ගමනක් ඇරඹු එංගලන්ත ක්‍රීඩකයන් තවත් එක් පියවරක් පසු පසින් නොවැම්බර් 2 දා වන තෙක් බලා සිටිනු ඇත..” තරගයෙන් අනතුරුව එංගලන්ත වින්ග් ක්‍රීඩක “ජොනී මේ” ට අනුව “ඕල් බ්ලැකස් යනු පරාජය කළ නොහැකී අමුතූ ජීවීන් කොටසක් නෙවෙයි ..දිනය අවසානයේ ඔවුනුත් අපි වගේ සමාන්‍යය මිනිස්සූන්”.
දෙවන අවසන් පූර්ව වටයෙ ජයග්‍රාහකයන් පිළිබඳ ව එඩී ජෝන්ස් ගෙන් මාධ්‍යයවේදීන් විමසූ විට ඔහු පැවසුවේ “අපි ඒ ගැන හිතන් නෑ..අපිට ඕන කණ්ඩායම ක් විදියට අදට වඩා හොඳ හෙට ගත කරන්න”.
වසර 16 ට පසු ලෝක කුසලානය ක පහස ලැබීමේ අරමුණෙන් විනපෝලා ප්‍රමුඛ එංගලන්ත ඉදිරිපෙළ ක්‍රීඩකයන් සහ ෆැරල් ප්‍රමුඛ පසුපෙළ ක්‍රීඩකයන් අනිද්දා සිට නැවත යොකොහමා පිටියේ පුහුණුවීම් අරඹනු ඇත.

H.T

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිර්ණාමික

කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment