නිසදැස්

රාජකීය සූදුව…

ජන මතය ඔට්ටුවට තබා
වත්මනෙහි සූදු කෙළින
සාධු යයි සම්මත
අසත්ගුණ ඇමති රැළ
නැත තවම තුරුම්පු
ඇද්දේ හරියට එළියට…

අසරණ මිනිසුනේ,
මතකයිද වැටුන කොළ ටික
කපලාම දායි නැත්නම්
නුඹට එළඹුන වාසිය
යන්තම් වත් ගොඩදා ගත
නොහැකි වන ලෙස සෙපෝරුව…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මනෝෂා දිල්හාරි

කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment