කිසිවෙකුගේ තැතිගැන්ම්මක් වූ කල්හි අපගේ මුවින් පිටවන සාම්ප්‍රදායික වදනක් ඇත.එනම් “බය වෙන්න එපා යකෝ.අපි මැරිච්ච මිනිස්සුන්ටත් පණ දීපු ජාතියක්”. ඒ දස ශීර්ෂපති ලඝු කෝණාරමණ්ටක රාවණ රජු විසින් තමන් අතින් මිය ගිය විභීෂණ වන තම මලණ්ඩියට හෙළ ඖෂධ වලින් ප්‍රථිකාර කර නැවත ප්‍රාණය ගත් කතා පුවතයි. රාවණ රජුගේ බිහිවීම හෙළ ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේ ද වැදගත් සංධිස්ථානයකි. භූමියේ පිහිටීම සහ දූපත් මානසිකත්වය නිසා ලෝකයේ අනෙකුත් ශිෂ්ටාචාර බිහි වූයේ හෙළ ශිෂ්ටාචාර මගින් බව බොහෝ විද්වතුගේ මතයක් පවතී.තවත් පිරිසක් පවසන්නේ එසේ කිසිදු ශිෂ්ටාචාරයක් අපෙන් බිහි නොවූ බවත් හෙළ ශිෂ්ටාචාර බිහි වූයේ අනෙකුත් ශිෂ්ටාචාර වල උදව්වෙන් බවත් ය. නමුත් මෑත කාලයක් වන තුරුම රාවණ් රජුගේ කතා පුවත හුදෙක් ම ජනප්‍රවාදයක් ව පැවතිනි.කෙසේ නමුදු 1998වසරේ දී මිසරයේ පිරමීඩ කැණීමකින් හමු වූ මැටි පුවරුවක් නිසා උක්ත මත වාද සියල්ලම දැඩි ආන්දෝලනයකට ලක් විය.ඒ එහි සදහන් වූ ” අහසින් ආ සිංහ මිනිසුන් අපට ඉගැන්වූවා” වැකියත් සමගය. සිංහයන් ගැන විශේෂ සටහනක් ඒ වන විට පැවතියේ බැබිලෝනියාවේ සහ ලංකාද්වීපයේ පමණි. ලංකාවට සිංහයා උරුම වූයේ මෞර්යය අධිරාජ්‍යයෙන් බවට ද මතයක් පවතී. සිංහයා යන්න මුලින්ම භාවිතා කර ඇත්තේ බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ බව එහි ඓතිහාසික සාධක කියා පායි. නමුදු මෙම මැටි පුවරුව හමු වීමත් සමග බැබිලෝනියාවටද සිංහයා උරුම වූයේ වෙනත් ස්ථානයකින් බව හෙලි විය. ඒ අනුව බැබිලෝනියාවට සිංහයා උරුම වූයේ කුමන දේශයකින්ද. මෙම සිංහ මිනිසුන් අහසින් පැමිණි බවටද එහි සදහනක් තිබුනි. අහසින් පැමිණීමට නම්.. අහසින් ගමන් ගත් එකම එක අවස්තාවක් අවු. 4000-8000 අතර ඉතිහාසය තුළ ලියැවී ඇත. එනම් රාවණ රජුගේ දඩු මොණර යානයයි. එසේනම් බැබිලෝනියාවට දැනුම රැගෙන අහසින් ගමන් ගත්තේ හෙළයන් විය හැකිද. සිංහයන්ගේ පැවතීමත් අහසින් ගමන් කළ හැකි දඩු මොණර යානයත් නිසා මැටි පුවරු ලිපියට අනුව ලෝකය පුරා දැනුම පැතිරවීම සදහා හෙළයන්ගේ සෘජු සම්බන්ධයක් පැවතෙන්නට ඇතැයි සිතිය හැක. ඒ අනුව රාවණ රජුගේ කාල වකවානුව ඉතා අද්විතීය කාල වකවානුවක් විය යුතුයි.
සමහරුන්ගේ අදහස අනුව රාවණ යනු පෙළපත් නාමයකි.රා යනු සූර්‍යයාය.වන යනු පෙළපතය. සූර්ය නැමති පෙළපතට අයත් රජවරුන් රාවණ නැමති පෙළපත් නාමය භාවිතා කරන්නට ඇතැයි යන්න ඔවුන්ගේ අදහසයි. නමුත් බොහෝ අයගේ අදහසට අනුව රාවණ යනු තනි රජ කෙනෙකි.ඉතිහාසයේ දැක්මට අනුව රාවණ යනු ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි. එමෙන්ම බලසම්පන්න රජ කෙනෙකි.ප්‍රභල ශාස්ත්‍ර දහයකම කෙළ පැමිණි පුද්ගලයෙකි. ඊජිප්තු,අප්‍රිකාව ආදී රාජ්‍යන් වල ඉතිහාසය පිරික්සීමේදී රාවණ රජු හා සම්බන්ධ යැයි සැලකිය හැකි බොහෝ කතා හමු වී ඇත.මැලේසියානු රාජ්‍ය රාවණ රජුන්ව වර්තමානය වන විටත් අදහන රාජ්‍යකි.ඒ ආදී කාරණා සැලකීමේදී රාවණ රජු සක්විති රජ කෙනෙකු වශයෙන් හුවා දැක්විය හැක. ග්‍රීක ශිෂ්ටාචාරය සැලකීමේදී පෙරදිගෙන් ආ සිංහ මිනිසුන් සටන් කල බවට සටහන් හමුවී ඇත.එනම් ලොව පුරා බිහි වූ සෑම ශිෂ්ටාචාරයකටම රාවණ පරපුරෙහි යම් සම්බන්ධයක් පැවතුනු බවට සිතිය හැක.මෙම ශිෂ්ටාචාර පැවතුනු කාල වකවානු පිලිබඳ දැනගැනීම අප හට ප්‍රයෝජනවත් ය. අප මෙම කාලයන් නිර්නය කරනුයේ ගෞථම බුදුන් වහන්සේ ලොව පහල වූ කාලයට සාපේක්ෂව යි. අප ඊට පෙර අතීතයක් ගැන ද අසා ඇත.බුද්ධ ඉතිහාසය ගැනම සදහන් කළහොත් කකුසඳ,කෝණාගම,කාශ්‍යප,ගෞථම නමින් බුදු වරු සිව් නමක් ලොව පහල වී ඇත.කාශ්‍යප හා ගෞතම බුදුන් වහන්සේලාගේ කාල වකවානු අතරතුර රාවණාගේ බිහිවීම සිදුවන්නට ඇතැයි බොහෝ විද්වතුන් මත පළ කරති.එනම් අවු.4000කට පමණ ප්‍රථම රාවණ රජු රජකම් කළ බවයි.පුරාවෘත්ත වල කියැවෙන රාවණ රජුගේ කාලයේ සිදු වූ මුහුද ගොඩ ගැලීම් ආදිය වර්තමානයේ හමුවන පුරාවිද්‍යාත්මක මගින් සත්‍යයි සැලකිය හැක.
අප රාවණ රජු සම්බන්ධව බොහෝ දේ අසා ඇත. වාල්මිකීගේ රාමායනයේ සදහන් පරිදි රාමාගේ රාමසරයෙන් රාවණ රජු මිය ගියේලු.තවත් නොයෙකුත් කතා ජනමාධ්‍ය මගින් විකාශය වෙමින් 21වෙනි සියවස මහා ආන්දෝලනයකට ලක් කර ඇත.නමුත් අප මේ සටහනට ලක් කරනුයේ ඊටත් හාත්පසින්ම වෙනස් කතාවකි.
අපගේ විශ්වාසය අනුව රාවණ රජුගේ බිහිවීම සක්විති රජකෙනෙකුගේ බිහිවීමකි.නමුත් අප අසා ඇති පරිදි බුදු වරයෙකුට සහ සක්විති රජකෙනෙකුට එකම කල්පයේ ජීවත් වීමට කිසිදු හැකියාවක් නැත.එනම් එම දෙදෙනා කල්ප දෙකකදී බිහිවිය යුතුයි. බුදුන් වහන්සේ නමකට සහ සක්විති රජෙකුට අප නොසිතන මට්ටමේ වස්තූන් කිහිපයක් ලොව පහල වේ.තවද සක්විති රජකෙනෙකුට හා බුදු වරයෙකුට එකම දනුම් සම්භාරයක් ඇති අතර වෙනස වන්නේ බුදුන් වහන්සේ සියළු ලෞකික සම්පත් අතහරින අතර සක්විති රජුන් සියලු ලෞකික සම්පත් එකතු කිරීමයි.ඒ අනුව මෙම ක්‍රියාවලීන් දෙක ම ලොව මත එකම අවස්තාවේ සිදුවිය නොහැක. එනම් මොවුන් දෙදෙනා කල්ප දෙකක බිහි විය යුතුයි.රාවණ රජු සක්විති රජෙකු වූයේනම් ඔහුටත් ගෞතම බුදුන් වහන්සේටත් එකම කල්පයක ජීවත් විය නොහැක.
එසේනම් කුමක් සිදුවන්නට ඇත්ද.එම දෙදෙනාම ලොව පහල වී අවසන් ය.තවමත් ගෙවෙන්නේ එම කල්පයම ය.මෙම කල්පයේ දැනට බුදුවරුන් හතර නමක් බුදු වී ඇත.නමුත් ගෞතම බුදුන් වහන්සේගේ අපට හමුවන විශේෂ සිදුවීමක් ඇත. එනම් උන් වහන්සේ බුද්ධත්වය ලැබීමට පෙර වසර 6ක් දුෂ්කර ක්‍රියා කර මාර පරාජය සිදු කිරීමයි.නමුදු ඊට පෙර ලොව පහල වූ කිසිදු බුදු වරයෙකුට මාර පරාජයක් කිරීමට සිදු වී නැත. බුදු වරයෙකු හෝ සක්විති රජ කෙනෙකු නැති කලෙක ලොව හිමි මාරයාටය.
බුදුවරයෙක් හෝ සක්විති රජ කෙනෙක් පහල වන බව මාරයා විසින් දැනගත් පසු මාරයා ඉවත් වී එම පහල වන්නාට ඉඩහසර ලබා දෙයි.අදාල කල්පයේ පහල වන්නේ බුදු වරයෙක්ද නැතහොත් සක්විති රජ කෙනෙක් ද යන්න මාරයා විසින් දැනගෙන සිටින කරුනකි.
අප ගෞතම බුදුන් වහන්සේ හදුන්වනු ලබන තවත් නාමයක් ඇත.එනම් ඉක්මන් බුදුන් කියාය. බුදුවරුන් දෙපිරිසක් ඇත.එනම් ශ්‍රද්ධාදික බුදුවරු සහ වීර්‍යාදික බුදුවරු වශයෙනි.මෙම බුදුවරුන් දෙපිරිසගේ ආයු කාලයන් වෙනස් ය.නමුත් ශ්‍රද්ධාදික වුවද වීර්‍යාදික වුවද ඉතිහාසයේ හමුවන කිසිදු බුදුවරයෙක් වසර 80ක් වැනි කෙටි කාලයක් ආයු වලදා පිරිනිවන් පා නොමැත.එසේනම් මෙම කල්පය හිමි බුදු වරයෙකුට නොව සක්විති රජ කෙනෙකුටද..එසේනම් ඒ සක්විති රජු කවුරුද.රාවණ රජු විය නොහැකිද. අප අසා ඇති සාමාන්‍ය කතා පුවත අනුව ගෞතම බුදුන් වහන්සේට පෙර මෛත්‍රී බුදුන් වහන්සේ බිහි විය යුතුය. නමුත් මෛත්‍රී බුදුන් වහන්සේට ප්‍රථම අප මහා ගෞතම බුදුන් වහන්සේ සියළු පාරමිතා පූර්ණය කර ඇස් ඉස් මස් ලේ අනන්ත වාරයක් දන් දී ඉක්මනින් බුදු බව ප්‍රාර්ථනා කල බව ඉතිහාසයේ කියැවේ. එහි එක් කතා පුවතක් නම්, “ගෞතම බුදුන් හා මෛත්‍රී බුදුන් එක්තරා ආත්ම භවයක එකම ගම්මානයක ඉපදුනහ.ඔවුන් දෙදෙනා එක්ව දින කැලයක් මැද්දෙන් ගමනක් යන විට වලක වැටී සිටින කොටියෙකු හමුවී ඇත.කොටියා ඉතා කුසගින්නේ සිටින බව දැනගත් මෛත්‍රී බුදුන් කොටියාගේ ආහාරය පිණිස මලකුණක් සෙවීමට පිටත් විය. ඒ අතර ගෞතම බුදුන් වලට පැන කොටියාට තම ජීවිතය ආහාරයක් කර දුන්නේය. මෙය දැක ඉක්මන් බුදුන් බුදු වේවායි පතා මෛත්‍රී බුදුන් යන්නට ගියේය.” මේ අයුරින් තම පාරමිතා පූර්ණය කරමින් ගෞතම බුදුන් වහන්සේ බුදු වීම සදහා මෙම කල්පයට පැමිනියහ.නමුත් උන් වහන්සේට මෙම කල්පයේ බුදු වීමට අවස්තාවක් නැත.මන්දයත් මේ වන විට ලෞකිකත්වයෙන් උපරිමයටම ගිය රජෙකු ලොව පහල වී හමාරයි. එනම් රාවන රජුයි. නමුත් බුදුවරයෙකුට හා සක්විති රජකෙනෙකුට එකම කල්පයක පැවැත්මක් නැත. එසේ බුදුවරයෙකු පහල වීමටනම් සක්විති රජුගේ අනසක ඉවත් වී බුද්ධ ධර්මයක් පැතිරවිය හැකි වාතාවරණයක් ලොව ඇති විය යුතුයි. බුදුවරයෙක් බුද්ධත්වය සදහා මනු ලොව පිලිසිද ගැනීමක් කරනුයේ සක්‍රදෙවිදුන්ගේ ආරාධනාවෙනි.නමුත් දැන් එලෙස ආරාධනාවක් කිරීමට දෙවියන්ට හැකියාවක් නැත.මන්දයත් සක්විති රජකෙනෙකුගේ පහල වීම සිදුව අවසන් ය. එසේනම් ගෞතම බුදුන් වහන්සේට බුදු වීමටනම් රාවණ රජුව පද්ධතියෙන් ඉවත් කල යුතුයි.නමුත් ඔහු ඉවත් කල හැකි කෙනෙකුන් නොවීය. කෙසේ හෝ විශ්ණු දෙවියන් රාම වේශයෙන් පැමිණ රාවන රජුව පරාජය කර හෝ නොකොට රාවන රජුව ඉවත් කල බවට වාල්මිකීගේ රාමායනය සාක්ෂි දරයි.ඒ ඉවත් කිරීම සිදු කළේ බුදු වරයෙකුට බිහි වීමට අදාල වාතාවරණය සකස් කිරීමට යැයි සිතිය හැක.ඉන් පසු දේවාරාධනා කිරීමෙන් පසු ගෞතම බුදුන් මනු ලොව බුද්ධත්වය ලැබීය. මේ අවස්තාවේ සිදුවන විශේෂ සිදුවීම නම් මාර පරාජයයි. ගෞතම බුදුන් වහන්සේ පමණක් මාර පරාජය සිදු කිරීමට හේතුව කුමක්ද. මාරයාගේ බලාපොරොත්තුව අනුව මේ කල්පයේ ලොව හිමි සක්විති රජ කෙනෙකුටය. බුදු කෙනෙකුන් හෝ සක්විති රජ කෙනෙකු ලොව පහල වන විට ඉබේ පහල වන වජ්‍රාසනය මේ වන විට හිමි මාරයාටය.නමුත් ගෞතම බුදුන් බුද්ධත්වය ලබන අවස්තාවේ වජ්‍රාසනය ලොව පහල වේ.මේ කල්පයේ බුදු වරයෙකුගේ පහල වීමක් සිදු නොවන බව මාරයා දනී.එසේනම කවුරුන් හෝ බුදුවරයෙකු වශයෙන් පෙනී සිට වජ්‍රාසනය බලෙන් ලබාගැනීමට තැත් කිරීමක් යැයි සිතා මාරයා බුදුන් වහන්සේ සමග සටනට පැමිණියේය.මේ සටනේදී මාරයා පරාජයට පත් විය. නුඹට බුදු වීමට ඇති සුදුසුකම කුමක්ද යැයි මාරයා බුදුන් වහන්සේගෙන් ඇසූ කල “මා ගෞතම නාමයෙන් බුද්ධත්වය ලබමි.මා විසින් දස පාරමිතා,දස උප පාරමිතා,පරමත්ත පාරමිතා පූර්නය කරමින් අනන්ත වාරයක් ඇස් ඉස් මස් ලේ දන් දෙමින් මේ මාර්ගයෙහි පැමිනියෙමි.ඔබට ඒ ගැන සැකයක් පවතීනම් මේ මහ පොලොව ඒ වෙනුවෙන් සාක්ෂි දරාවි” යැයි බුදුන් වහන්සේ පැවසූහ. ඒ අනුව දස දහසක් සක්වා තලයන් කම්පා වූයේලු. ඉන් පසු මාරයා විසින් වජ්‍රාසනය ගෞතම බුදුන් වහන්සේට අත් කර ගැනීමට ඉඩ හසර ලබා දුන්නේලු. මේ අනුව සක්විති රජකෙනෙකු ලොව පහල වී සිටි බවත් ලෞකික සම්පත් ලොව බිහි වෙමින් තිබූ බවත් බුදුවරයෙකුගේ පහල වීම සිදු වූ නිසා ලෞකික සම්පත් සියල්ල නැති වී ගොස ලෝකෝත්තර දේ ඉස්මතු වීමට පටන් ගත් බව ඉතිහාසය හුවා දක්වයි. ඒ අනුව සක්විති රජුට හිමි සියලු දේ මෙම කල්පයේදී යටපත් විය.
වර්තමානයේ මේ ගෙවී යන්නේ කලියුගයයි.එනම් ධර්මය යටපත්වී අධර්මය සුලුවශයෙන් ඉස්මතු වෙන කාලයකි.එනම් ලෞකික දේ ඉස්මතු වෙන කාලයකි.එනම් මේ කාලවකවානුව තුලදී සක්විති රජුගේ යම් යම් දේ ඉස්මතු වීමට අවස්ථාවක් ඇත.ඒ අනුව වර්තමානය වන විට සක්විති රාවන රජුගේ විවිධ සාක්ශිමය සටහන් හමු වී ඇත.ඒ අනුව රාවණ රජුගේ යුගයේ තිබූ දේවල් නැවත සොයාගෙන නැවත එම සංකල්ප බිහිවෙවී එකල තිබූ න්‍යෂ්ටික විද්‍යාව,ආලෝක විද්‍යාව,රසදිය විද්‍යාව,වෛද්‍ය විද්‍යාව,තාරකා විද්‍යාවන් ඔස්සේ අප යලිත් ගමන් කරනුයේ සමහරක් විටෙක සක්විති රජ කෙනෙකුගේ කල්පයක් නිසා විය හැක.
රාවණ රජුගේ යුද ඉතිහාසය ගැනද සටහනක් තබමි.රාවණ රජු ඔහුගේ දරුණුතම යුද්ධය කලේ රාමා සමගය.අප රාමසරය ආදී වශයෙන් හදුන්වන අවි ආයුධ සමහරක් විටෙක න්‍යෂ්ටික අවි ආයුධ විය හැක.ලකේගල වැනි කදුපන්ති වල කොටස් කැඩී ගොස් ඇත්තේ මෙම හී සර වැදීමෙන් බව සිතිය හැක.මෑත ඉතිහාසයේ අපට හමුවන ඊතල,හෙලි,තෝමර ආදියේ නාමයන්ම රාවන යුගයේ තිබූ ආයුද සදහාද වාල්මිකී විසින් භාවිත කලද,ඇත්ත වශයෙන්ම රාවණ යුගයේ පැවතියේ ඊට වඩ දස දහස් ගුනයක් බිහිසුනු ආයුදයැයි සිතිය හැක.න්‍යෂ්ටික අවි පවා භාවිත වෙන්නට ඇතැයි සිතිය හැකි මට්ටමේ සාක්ෂි අප රටෙහි ඇත.හෝර්ටන් තැන්න නැතහොත් මහඑළිය (මහඑළිය,සීතාඑළිය යනු රාවණ රජුගේ රාජධානි පැවති ප්‍රදේශ ලෙස බොහෝ විද්වතුන් පවසයි.) ප්‍රදේශයේ මතුපිට පස කුමක් හෝ අතීත හේතුවක් නිසා සම්පූර්ණයෙන්ම පිලිස්සී ගොස් ඇත. බොහෝ විට මහා විශාල ගින්නක් හෝ අවි ආයුධ මගින් ඇති වූ ගින්නක් මගින් එසේ සිදුවී ඇතැයි මත පල වේ.පිලිස්සී උණු වී ගිය ගල එම ස්ථානයේ සොයාගත හැක. එම නිසා න්‍යෂ්ටිකමය යුද්ධ පවා සිදුවන්නට ඇතැයි අපට සිතිය හැක.රාවණ රජු හා විභීෂණ අතර යුද්ධ දහයක් සිදු වී ඇති බව ජනවහරේ සදහන් වේ.එම යුද්ධ දහයෙන් රාවණ රජු මෙන්ම විභීෂණ ද ජය ගෙන ඇත. එම යුද්ධ දහයට නායකත්වය දුන් ප්‍රාදේශීය නායකයන් දස දෙනෙකු සිට ඇත.අද අප විසින් ප්‍රාදේශීය දෙවිවරුන් ලෙස හදුන්වන්නේ එම නායකයන් ය. දැඩිමුණ්ඩ,අයියනායක,ගම්භාර,කළුකම්බිලි එම නාමයන් කිහිපයකි. එම එක් යුද්ධයක විභීෂණ මරණයට පත් වේ.එහිදී විභීෂණට බෙහෙත් කිරීමට රාවණ විසින් කටයුතු කර ඇත. බෙහෙත් කොට නැවත ප්‍රාණය දීමට තරම් බලයක් රාවණගේ වෛද්‍ය විද්‍යාවට(පුලස්ති ඍෂිගෙන් උගත්) තිබී ඇත.
එසේම රාම රාවණ යුද්ධයේදී ද ලක්ෂ්මන් මරණාසන්න තුවාල ලැබුවේලු.නැවත ප්‍රාණය ගත හැක්කේ සංජීවනී නම් ඖෂධයකට පමණක් බව දැනගත් හනුමන්තා එම පැලෑටිය සොයාගැනීමට හිමාලයට පිටත් විය.නමුත් ඒ යන අතරතුර හනුමන්තාට එම පැලෑටිය අමතකවීම නිසා ඔහු හිමාලයෙන් කොටසක් කඩා ලංකාවට විසි කලේලු.එම කොටස් ලංකාවේ ස්ථාන 5කට වැටුනු බව කියැවේ. රූමස්සල,දොලුකන්ද,රිටිගල ආදී ස්ථාන 5කටයි.ඒ අතුරින් රූමස්සල ඉතාමත් වැදගත් ය.එනම් මුලු පෘථිවි පෘෂ්ඨයේම ගුරුත්වාකර්ෂණ බලය අඩුම ස්ථානය රූමස්සලයි.අඩු ගුරුත්වාකර්ෂණ බලයක් යටතේ අප නොසිතන දේ පවා කල හැකි බව අප අවිවාදීව දන්නා කරුනකි.විශ්වකර්‍ම දේ පවා එම ස්ථාන වල කල හැකි යැයි සිතිය හැක.රාවණ රජුට ද මෙසේ දස්කම් පෑමට එම ස්ථානද ප්‍රයෝජනවත් වන්නට ඇතැයි සිතිය හැක.
රාවණ යනු පුරාවෘත්තයක් නොවේ.මෙසේ ඒ ගැන ජනකතා කිසිදු හේතුවක් නොමැතිව පැතිරීමට හැකියාවක් නොමැත.බටහිර පන්නයටම නිතර පුදසත්කාර කිරීම අතහැර ඉතිහාසයේ යෝධ පර්වත මගින් වැසීගිය අපගේ රාවණ ඉතිහාසය නැවත ගොඩගෙන අප සැබෑවටම කවුරුද යන්න ලොවට තහවුරු කරදීම හෙළයන් වන අපගේ ඒකායන අරමුණ විය යුතුය.
Leave a Comment