හිත තුල තෙරපුණ
කුළුඳුල් සෙනෙහස
පුද කල විලසට
නැති වුණි ඔබ මට
රාහු කේතු ගුරු
කෝප වෙලා සුරු
බිඳ දමනා තුරු
ආදරයේ හිරු
වැරදුනි ප්‍රේමය
රාහුගේ දෝෂය
ඔබ මා ආලය
දෙකඩ වෙලා ලය
මා හිත ඔබ ළඟ
ඔබ සිත මා ළඟ
තනි වී දෙපසක
වැලපේ දෙසිතම
සයුරක් තරමට
අහසක් විලසට
වියලුනු කතරට
දිය බිඳ ඔබ මට…
Leave a Comment