ශ්‍රී ලංකාව ප්‍රථම වරට පැරා ඔලිම්පික් තරගයකට සහභාගි වූයේ 1996 ඇට්ලන්ටා ග්‍රීෂ්ම සෘතු පැරා ඔලිම්පික් තරගයට වන අතර ප්‍රථම පැරා ඔලිම්පික් පදක්කමක් හිමි කර ගන්නේ 2012 ග්‍රීෂ්ම ලන්ඩන් පැරා ඔලිම්පික් තරගයේදීය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කළ ලාන්ස් කෝප්‍රල් ප්‍රදීප් සංජය එක් අතක් අහිමි ක්‍රීඩයකන් සඳහා පැවැත්වෙන (T46) මීටර 400 දුර ධාවන ඉසව්වෙ අවසන් තරගයේදී ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත් වූ අතර එය පැරා ඔලිම්පික් තරගයකින් ලංකාව පදක්කමක් දිනූ පළමු අවස්ථාවයි. හේ පැරා ඔලිම්පික් පදක්කමක් දිනූ ප්‍රථම ශ්‍රී ලාංකේය යුධ හමුදා සාමාජිකයාද වේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන ප්‍රදීප් සංජය ශ්‍රී ලංකාවේ පැවති හතරවන ඊලාම් යුද්ධ සමයේ මානුෂීය මෙහෙයුමක සිටියදී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දී 2008.12. 28 වන දින ත්‍රස්තවාදීන්ගේ මෝටාර් ප්‍රහාරයකට හසු වීමෙන් දිවි ගලවා ගත්තද වම් අත තුවාල ලබා ආබාධිත තත්වයට පත්විය. නොසැලෙන චිත්ත ධෛර්යයෙන් යුත් මේ අභීත රණවිරුවා සියල්ල දෛවයට බාර දී නිහඬ නොවූ අතර මනා පුහුණුවත් තම රෙජිමේන්තුව හා මව් ඒකකය මගින් ලද දිරිගැන්වීම් මත ජාත්‍යන්තර මට්ටම් තරගාවලි රැසකට දායකත්වය දුන් සිංහ පුතෙකි.
යූ. ජී. එල්. ප්‍රදීප් සංජය මීට පෙර ලබා ඇති ජයග්‍රහණ අතර 2010 චීනයේ ගුවැන්ෂුහි පැවති 16 වන ආසියානු පැරා ඔලිම්පික් තරගයේ මීටර 200 ධාවන තරගය නියෝජනය කළ අතර T46 කාණ්ඩයේ මීටර් 400 රන් පදක්කමද, ප්‍රංශයේ ලියෝ නුවර 2013 අයි. ජී. සී. ලෝක ශූරතා මළල ක්‍රීඩාවලියේ T46 කාණ්ඩයේ මීටර් 400 ලෝකඩ පදක්කමද, 2014 ආසියානු පැරා ඔලිම්පික් තරගයේ මීටර 400 ලෝකඩ පදක්කමද, මීටර 800 රිදී පදක්කමද දිනා ගත් ලාංකේය ලේ ඉහළටම ඔසවා තැබූ හමුදා පුත්‍රයෙකි.
එවකට යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජේ. ජයසූරිය විසින් මොහු සැරයන් තනතුර දක්වා උසස් කළ අතර වර්තමානයේ මව් රෙජිමේන්තුවේ උපහාරයක් ලෙස මේජර් ජනරාල් එම්. එච්. එස්. බී. පෙරේරාගේ උපදෙස් මත මාණ්ඩලික සැරයන් තනතුර දක්වා උසස් කරන ලදි. මෙතෙක් ආ පැරා ඔලිම්පික් ගමනේ ලංකා අඹරේ පෑයූ ප්‍රථම පැරා ඔලිම්පික් තරුව ලෙස ලාන්ස් කෝප්‍රල් ප්‍රදීප් සංජය අමතක කළ නොහැකි මහා ධෛර්යමත් දෛවයට අභියෝග කළ මව්බිමේ ඉටු දෙවියෙකු ලෙස හැඳින්වූවාට වරදක් නොවේ.
Design By Achintha Lakshan
Leave a Comment