දශක ගණන් ඉබි යතුරු දමා තිබු
අඟුළු බිඳ දමාලා
නව යුගයක් තුල වීර ගීයකට
පද ගැලපේ සෙමෙනා…
කකියන ලේ ඇති – නොනැමෙන කොඳු ඇති
උදාර සිතුවිලි පොදි බඳනා
හෙට ලොව දකිනා පරපුර වෙනුවෙනි
නව සිතුවම අද දින අඳිනා
සාමයේ සිත්තමයි මේ ඇඳෙනා…
ආගම ජාතිය කුලය කුමකට ද
එක මවකගෙ දරුවන් වේ නම්
වදනක් නොම එක ධජයක් යට සිට
දෑත් දරයි ලක්මව් වෙනුවෙන්
ලක්මව් වෙනුවෙන්…
Leave a Comment