නිසදැස්

ලබාදෙන්න අධිෂ්ඨානයක්!

උපතින් හිමි දස්කම් වේ,
අපූර්වත්වය හැඩගැන් වූ…
වෙර දරන්නට වේද යමෙක්,
උපකාරය ඔබ කළ යුත්තයි…

පසෙක දමා ආඩම්බරකම්,
දෙන්න වචනයකින් හෝ පැසසුම්…
එවිට සිතේ ඉපදේවි සතුට,
දුටු වනත් ඇගේ වැඩුනු විකුම්…

කිසිදා නොදැනෙනා තරම්,
දිරිය වඩන්නට අවියයි මේ…
වර්ණනාව පමණම නොවෙද අවැසි,
මූලභීජයයි එය අධිෂ්ඨානයේ…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අමෝධා සචිකො

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment