ලංකාවේ ප්‍රථම වරට සිනමාගත කළ නවකතාව කුමක් ද කියා ඔබෙන් පැනයක් විමසුවහොත්, “කැලෑ හඳ” යැයි ඔබ පිළිතුරු ලබා දෙනවා නිසැක ය. එබැවින් මෙවන් විශිෂ්ට නිර්මාණයක පිටුපස සිටින කතෘවරයා, එනම් ඩබ්. ඒ. සිල්වා ශූරීන් මෙරට සාහිත්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් කළ අයෙක් ලෙස දැක්වීම වඩාත් සුදුසු යැයි සිතමි.
එදා පුවත්පත් සඟරා සිසාරා ලාංකේය නව කතාවක් සිනමාගතකරණය කළ බවට ලිපි පළ වන විට අවුරුදු 17 දී පටන් නොයෙකුත් බාධා මධ්‍යයේ ග්‍රන්ථ රචනය කළ ඒ කුඩා කොලු ගැටයා දිනෙක මෙවන් විශිෂ්ට නිර්මාණයක් කරාවි යැයි එදා ප්‍රතික්ෂේපිත පොත්සැල් හිමිකරුවන්වත් නොසිතන්නට ඇත.
1980 ජනවාරි 16 වන දින කොළඹ වැල්ලවත්තේ උපත ලැබූ මෙතුමා බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙන් අධ්‍යාපනය ලබා ගන්න ලදී. ලිපිකරුවෙකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹු මෙතුමා රැකියාවේ නිරත වන අතර වාරයේ ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර අධ්‍යනයෙ හි ද නිරත විය.
ඩබ්. ඒ. සිල්වා මහතා පාඨකයින් අතර වඩාත් ප්‍රකටව සිටිනුයේ නවකතා කරුවෙකු වශයෙනි. එහෙත් සිංහල කෙටිකතාව ජනප්‍රිය කරවීමෙහි ලා මෙතුමාගෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතුම ය. ලේඛකයකු වීමට අමතරව, සිල්වා ශූරීන් පුවත්පත් කතුවරයෙක් සහ සඟරා සංස්කාරකවරයෙක් ද විය.
වයස අවුරුදු 17 දී ‘සිරියලතා’ නව කතාව රචනා කරන මෙතුමාගේ මේ හැකියාව ලාබාල අවධියේ දී මෙතරම් ඔප නැංවී තිබීම සැබවින්ම පුදුම සහගතය.
පොත මුද්‍රණය කර වෙළඳසැල්වල විකිණීමට යාමේ දී පොත, තම වෙළඳසැලට භාර ගැනීම පවා ප්‍රතික්ෂේප වීමට මුලික හේතුව වන්නේ මෙපමණ කුඩා වයසකින් මෙවැනි කෘතියක් රචනා කළ ද එය සාමාන්‍ය එකක් විය හැකි හෙයින් විකිණේවි ද යන ප්‍රශ්නයයි.
කොළඹ ජේ.ඩී. ප්‍රනාන්දු පොත්හලට ගිය විට ඔහුට ලැබුණේ මෙවන් ප්‍රතිචාරයකි.
කළමණාකරු: මොකද්ද මේ පොත?
සිල්වා මහතා: සිරියලතා
කළමණාකරු: සිරියලතා කියන්නේ?
සිල්වා මහතා: මේක නවකතාවක්.
කළමණාකරු: කවුද කතෘ?
එවිට කතෘ තමන් යැයි පැවසු විට කළමණාකරු පැවසුවේ මෙවන් දෙයකි.
“එහෙනම් හොඳට ඇති. ඕව විකුණන්න බෑ මහත්තයා. සිරිසේන මහත්තයාගේ නවකතා විතරයි විකුණන්නේ.”
මෙලෙස ප්‍රසිද්ධ වෙළඳසැල් කීපයක් ම ප්‍රතික්ෂේප කරන විට, කේ.ඩී. පෙරේරා වෙළඳසල ට කෘතිය ලබා දුන්න ද එයින් පවා භාර ගනු ලබන්නේ බලාපොරොත්තු විරහිතව ය.
නමුත් නොසිතූ ලෙස මෙම ග්‍රන්ථය පාඨකයන් අතර ජනප්‍රිය වීමට පටන් ගනියි.
මෙලෙස විවිධ වූ බාධක ඔස්සේ තම ග්‍රන්ථ පාඨකයන් අතර ජනප්‍රිය වන්නේ මෙතුමාගේ කෘතීන් බොහොමයක් ප්‍රේම කතා වූ හෙයිනි.
සිරියලතා හෙවත් අනාත තරුණිය සිල්වා මහතාගේ ප්‍රථම නවකතාව වන අතර ඔහු එය රචනා කළේ දහහත් වන වියේ දී ය. ඉන් පසු කැලෑ හඳ, හඳපාන, හිඟන කොල්ලා, ජුලි හත, රදළ පිළිරුව, පාසල් ගුරුවරී ආදී නවකතා එතුමා අතින් ලිය වුණි.
මෙතුමා විසින් රචිත සුනේත්‍රා හෙවත් අවිචාර සමය, විජයබා කොල්ලය, දෛව යෝගය යන කෘතීන් ඓතිහාසික නවකතා වශයෙන් සැලකේ.
මේ අතරින් 1953 දී ප්‍රථම වතාවට සිනමාවට නැගූ පළමු නවකතාව බවට මෙතුමා විසින් රචිත කැලෑ හඳ කෘතිය සිනමාගත කරන්නේ වාර්තා තබමිනි. බී. ඒ. ඩබ්. ජයමාන්න නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය අතිශයින්ම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පාත්‍ර වුණි.
“ප්‍රථම වරට සිංහල නවකතාවක් චිත්‍රපටයක් වේ”
මේ අයුරින් එකල සඟරා රැසක ශිර්ෂපාඨය විය.
කෙටිකතා කරුවෙකු ලෙස සිල්වා ශූරීන් අතින් ලියවුණ ප්‍රථම කෙටිකතාව ‘දෙයියන්ගේ රටේ සහ තවත් කතා’ නම් විය.
1907 දී සිරියලතා, 1923 දී හිඟන කොල්ලා, 1924 දී පාසල් ගුරුවරිය, 1926 දී දෙයියන්ගේ රටේ, 1933 දී කැලෑ හඳ, දෛව යෝගය, විජයබා කොල්ලය, හඳපාන, ජුලි හත, රිදී හවඩිය, ලේන්සුව, සක්විති රජ, අමෘතය ආදී තවත් විශාල කෘතීන් රැසක් මෙතුමාගේ සුරතින් ලිය වී ඇත.
ග්‍රන්ථ පරිවර්තකයෙකු වශයෙන් අරාබි නිසොල්ලාසයේ කොටසක් ‘එක්දහස් එක් රැය’ නමින් ද සංස්කෘත කාව්‍යයක් වූ රාමායනය, ‘වාල්මිකී රාමායනය’ නමින් ද සිංහලට නගා ඇත. පුවත්පත් කතුවරයෙකු වශයෙන් ‘ලංකා සමය’ ත්, සඟරා සංස්කාරකවරයෙකු වශයෙන් ‘සිරිසැර නුවණ’ හා ‘තිලකා’ ත් එතුමා අතින් පළ විය.
ඉෂ්ටාර්ථ සිද්ධියේ රහස, සින්වාගේ ඉංග්‍රීසි හෝඩිය ඔහුගේ වෙනත් කෘතීන් වේ.
“ධාර්මිෂ්ඨයා ජය ගන්නා දුෂ්ටයා සැම විට ම පරාජය වන අවසාන මොහොතේ දී පෙම්වතුන් එක්වන මනෝ රාජ්‍යයකට ඔහු පාඨකයාව ඇතුළත් කරයි.”
මෙලෙස සිල්වා ශූරීන්ගේ කෘතීන් පිලිබඳ අදහස් දක්වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ය.
“මගේ ලේන්සුව නමැති කෙටිකතාව පළ වූ කාලයේ සිහල බස ත් නවකතා කලාව ත් හොඳ හැටි දන්නා විචාරකයෙකු කීවේ අන්‍යෝන්‍ය චිත්ත සංවේදනය මේ තරම් හොඳට ප්‍රත්‍යක්ෂ කරවන මෙවැනි අගය ඇති කෙටිකතාවක් මා නම් වෙන කිසි තැනක දුටුවේ නැත.”
එක් පාඨකයෙකු සිල්වා ශූරීන්ගේ ‘මගේ ලේන්සුව’ කෘතිය පිලිබඳ අදහස් දැක් වුයේ මේ ආකාරයට ය.
“හොඳ නවකතාවක් කියවන කල ඔබ බලාපොරොත්තු වන්නේ කුමක් ද? එම උත්තම චරිත වල උත්තම ගුණ තමන් කෙරෙහි ඇති කර ගැනීමට පුරුදු වීමයි. ලියුම් කියුම් මගින් වියත්කම් දියුණු කර ගන්න පුරුදු වීම, විශ්‍රාමය විනෝදයක් කරගන්න පුරුදු වීම නිසැකයි. එසේ නම් W.A. සිල්වාගේ නවකතා කියවන්න. රටේ කාලානුරුපී තත්වය හා ඉතිහාසය දැනගැනීමට නම් එම නවකතා කියවන්න.”
(කැලෑ හඳ පොත පිටුපස)
සිල්වා ශූරීන් කාලෝචිතව නවකතා, කෙටිකතා, සඟරා ආදියෙ හි තම සාහිත්‍ය දැනුම ඇසුරෙන් පරිශීලකයාට උපරිම වින්දනයක් ලබා දුන් කතුවරයෙක් බවට තවත් සාක්ෂි අනවශ්‍ය බව ඉහත උපුටා ගැනීමෙන් තහවුරු වේ.
මෙතුමාගේ ජීවිතය සාහිත්‍ය වෙනුවෙන්ම කැප කරන අතර එක් සාකජ්ජාවක් අතරතුර තමා තවමත් අවිවාහකව සිටින්නේ ඇයි? යන පැනයට පිළිතුරු ලබා දෙන්නේ මෙලෙසිනි.
මිතුරා: ඔබ විවාහ නොවන්නේ ඇයි?
සිල්වා මහතා: මම විවාහ වෙලා ඉන්නේ.
මිතුරා: එහෙනම් අපි නොදන්නේ ඇයි?
සිල්වා මහතා: මම විවාහ වෙලා ඉන්නේ සාහිත්‍යයත් එක්ක.”
සිංහල සාහිත්‍යයේ ගමන ඉතා දුෂ්කරතා මධ්‍යයේ හිර වී තිබුණ දුර්ග හෙළි කොට කපා මට්ටම් කර මාර්ගය පෑදූ සාහිත්‍යයට විශාල සේවාවක් කළ අය අතුරින් සිල්වා ශූරීන්ගෙන් සිදු වූ සේවය අතිමහත් ය.
1963 පමණ කාලයේ දී මෙතුමා තම ජිවිත කතාව රචනා කරන ලදී. වර්තමානයේ පැරණි සිංහල විෂය නිර්දේශය යටතේ මෙතුමාගේ කෙටි කතාවක් වන ‘පුරුද්ද’ කෙටි කතාව විෂය නිර්දේශයට ඇතුළත් වී තිබුණි.
සාහිත්‍යකීර්ති නාමයෙන් ද පිදුම් ලද ඩබ්. ඒ. සිල්වා ශූරීන් 1957 දී සාහිත්‍ය ක්ෂේත්‍රයට විශාල දැනුම් සම්භාරයක් මෙන්ම රසවින්දන ග්‍රන්ථ රැසක් දායාද කර මෙලොවින් සමු ගන්න ලදී.
ලංකා සාහිත්‍ය ඉතිහාසයේ ඇතැම් අවස්ථා තුළ දී “යලි උපන් මහා ගත්කතුවරයා” ලෙස විරුදාවලි ලබන මෙතුමා අද වැනි දිනක ජන්ම ලබා ඇත. එබැවින් සිල්වා ශූරීන් හට උපහාර පිණිස Colombo Beacon මගින් මෙලෙස ජන්ම දිනය සිහිපත් කරන්නෙමු.
Design by : Pramodya Madhushani
References :
Images :
Leave a Comment