මදුරුවන්ගෙන් බෝවන බවට විශ්වාස කෙරෙන මෙම වෛරසය මේ දින වල ලොවම භීතියට පත් කිරීමට සමත්ව ඇත.මෙහි සුලබ ලක්ෂණ ලෙස උණ,ඇස් රතු වීම,හන්දිපත් රුදාව හා ඇඟේ පලු දැමීම හැඳින්විය හැකිය.
මෑතකදී මෙම වෛරසය වාර්තා වූයේ බ්‍රසීලයෙනි.මෙහි වඩාත් ශෝක ජනක සිදුවීම වන්නේ ගර්භනී සමයේ මෙම වෛරසය ශරීර ගතවීමෙන් කුස තුළ සිටින දරුවාට ආබාධිත දරුවෙකු ලෙස මෙලොව උපත ලැබීමට සිදුවීමයි.
සිකා වෛරසය ව්‍යාප්තව ඇති ප්‍රදේශ
2015 ට පෙර අප්‍රිකාව,පැසිෆික් දූපත් හා ගිණිකොන දිග ආසියාව අවට මෙය වාර්තා වී තිබුණි.2015 මැයි මස PAHO(Pan American Health Organization) වාර්තා කලේ සිකා වෛරසය බ්‍රසීලයේ ව්‍යාප්ත වන බවයි.ශ්‍රී ලංකාව තුළ වෛරසය වාර්තා වී නොමැති වුවද ලංකාව ද බොහෝ රටවල් මෙන් සිකා වෛරසය සංචාරයන්ගෙන් රට තුළට පැමිණීම වැලැක්වීම සඳහා විධි විධාන යොදා ඇත.

රෝගය ව්‍යාප්ත වීම
මූලිකවම සිකා වෛරසය මිනිසාට බෝ වන්නේ ඩෙංගු චිකුන්ගුන්යා රෝග වාහක ඊඩීස් (aedes) මදුරු විශේෂයෙන්.පිරිසිදු ජලය ඇති ස්ථාන වල බිත්තර දමන මෙම මදුරු විශේෂය බොහෝ විට දෂ්ට කරන්නේ දහවල් කාලයේදී.වෛරසය ශරීර ගත වූ පුද්ගලයෙකුට දෂ්ට කල මදුරුවෙකු සිකා වෛරසයේ වාහකයෙක් බවට පත්වී අන් අයට රෝගය බෝ කරවන්නට සමත්කම් දක්වයි.
ඉතාම දුලබ අවස්ථාවක් වුවද කිරි දෙන මවකගෙන් හෝ දරු ප්‍රසූතියේදි දරුවාට සිකා වෛරසය ශරීර ගත වීම සිදු විය හැකියි.මේ පිළිබඳව වාර්තා වීමක් දැනට සිදුවී නැත.
එසේම ගර්භනී අවදියේදී මවගෙන් දරුවාට සිකා වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාවක් ඇත.මේ සම්බන්ධව දැනට වැඩි දුර පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.
මීට අමතරව ලිංගික සංසර්ගයෙන් හා ලේ දන්දීමේදී වෛරස් ආසාදනයට ලක්වූ අවස්ථා සම්බන්ධව වාර්තා වී ඇත.
රෝගය වලක්වා ගැනීම
සිකා වෛරසය සඳහා දැනට කිසිම ප්‍රතිශක්තීකරණ එන්නතක් හඳුන්වා දී නොමැත.ආසාදනය පාලනය කල හැක්කේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙනි.
එසේම සිකා වෛරසය ව්‍යාප්තව ඇති රටවල් හා ප්‍රදේශ වල සංචාරය කිරීමේදි මදුරුවන්ට දෂ්ට කළ නොහැකි වන ලෙස දිගු අත් ඇති කමිස හා දිගු කලිසම් පළඳින්න.හැකි සෑම විටම වායු සමීකරණය කල දොර ජනෙල් වසා ඇති කාමර වල නවාතැන් ගන්න.මදුරු දැල් භාවිතා කරන්න.මදුරුවන් දෂ්ට කිරීම වැලැක්වීමට ඇති ආලේපන පාවිච්චි කරන්න.
ඔබේ බිළිඳාව වෛරසයෙන් ආරක්ෂා කරගැනීමට හැකි සෑම විටම මුලු සිරුරම ආවරණය වන ඇඳුම් දරුවාට අන්දවන්න.මදුරුවන් දෂ්ට කිරීම වැලැක්වීමට හැකි ආලේපන මාස දෙකට අඩු දරුවන්ට ගැල්වීමෙන් වළකින්න.අනෙක් දරුවන්ට එම ආලේපන ගැල්වීමේදී අත්,මුඛය හා දෑස් වල එම ආලේපන ගෑවීම වළක්වන්න.ඔබේ අත් වලට ආලේපන කුඩා ප්‍රමාණයක් ගෙන බිලිඳාගේ කම්මුල් හා නළලේ ගල්වන්න. බිළිඳා නිදි කරවීමේදී සෑමවිටම මදුරු දැලකින් ඔහු හෝ ඇයව ආවරණය කරන්න.
ඔබේ ඇඳුම් සේදීමේදී ප’මිත්රින් (permethrin) ස්වල්පයක් යොදන්න.permithrin කෙලින්ම සිරුරේ ගැල්වීම නොසුදුසුය.
සිකා වෛරසය යම් කෙනෙකුට වැළඳුනහොත් මුල් සතිය තුල ඔහු හෝ ඇය ව මදුරුවන් දෂ්ට කිරීමේ අවස්ථා හැකි තාක් අවම කල යුතුය.මුල් සතිය තුල රෝගියාගේ සිරුරේ වෛරසය ක්‍රියාකාරී බැවින් රෝගියාව දෂ්ට කල මදුරුවෙකුගෙන් තවත් අයෙකුට ඉතා පහසුවෙන් වෛරසය ශරීර ගත විය හැකිය.

රෝග ලක්ෂණ,රෝග නිර්ණය හා ප්‍රතිකාර
සිකා වෛරසය ආසාදනය වූ සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකුගේ සිරුර තුල සිකා වෛරසය තව දුරටත් ව්‍යාප්ත වේ.
පෙර සඳහන් කල පරිදි හිසරදය,හන්දිපත් රුදාව,ඇස් රතු වීම,ඇඟේ පලු දැමීම හෝ කැසීම මෙහි සුලබ ලක්ෂණයි.ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර වෛරසය ශරීර ගත වී ලක්ෂණ පෙන්නුම් කිරීමට ගත වන කාලය තවම නිර්ණය වී නැතත් එය සතියකට අඩු කාලයක් යැයි විශ්වාස කෙරේ.
වෛරසය ආසාදනය නිසා රෝගියා මිය යෑමේ සම්භාවිතාව ඉතාම අඩුය.රෝහල් ගත වීමට තරම් රෝගය උත්සන්න වීමක් සිදුවන්නේද කලාතුරකිනි.
රුධිර පරීක්ෂණයක් මගින් රෝගය නිර්ණය කල හැක.ඔබ වෙනත් රටකට සංචාරය කොට නැවත පැමිණි පසු විශේෂයෙන්ම වෛරසය ව්‍යාප්ත වූ රටකට සංචාරයෙන් පසු රුධිර පරීක්ෂාවක් සිදු කරගැනීම ඔබගේත් අන් අය ගේත් නිරෝගී බවට රුකුලකි.
වෛරසය සඳහා විශේෂ ප්‍රතිකාර හෝ ප්රතිශක්තීකාරක දැනට නොමැත.
රෝග ලක්ෂණ සුව වීම සඳහා විවේකය,විජලනය වැලැක්වීම සඳහා දියරමය ආහාර පරිහරණය,උණ සහ ඇඟේ විඩාව පහ වීමට acetaminophen වැනි ඖෂධයක් ලබා ගැනීම හා විශේෂයෙන්ම ඇස්ප්‍රීන් වැනි ඖෂධ ලබා ගැනීමෙන් වැලකීම සිදුකල යුතුය.ළඟම වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳව උපදෙස් ලබා ගන්න.
මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙන් මාරාන්තික ඩෙංගු රෝගයත් චිකුන්ගුන්යා හා සිකා වෛරස ආසාදනය වළක්වා ගැනීම ඉතා පහසුවෙන් සිදු කල හැකිය.මේ සම්බන්ධව උනන්දු වීම අප සියලු දෙනාගේම නිරෝගී බව ආරක්ෂා කරගැනීම සඳහා අත්‍යාවශයය.
Leave a Comment