සාමාන්‍ය

ලොව බිහිවු ශ්‍රේෂ්ඨතමයන්

ලොව බිහිවු ශ්‍රේෂ්ඨතමයන් ඔබ දුටු පමණින් හඳුනයි..එයයි ඔවුන්ගේ ආවේණීකත්වය,බැරැක් ඔබාමා,මයිකල් ජැක්සන්,උසේන් බෝල්ට්,ඇල්බට් අයින්ස්ටයින් යන්නවුන් මුහුණුවරීන් හඳුනයි .නමුත් මගේ කථා නායකයා ඔබාමාටත් වඩා දේශපාලනීක,මයිකල් ජැක්සන් ටත් වඩා සෞන්දර්යාත්මක ,බෝල්ටත් වඩා විනෝදශීලී,තෙරේසා මවුතුමියටත් වඩා ආදරණීය චරිතය කී.නමුත් ජීවත් විය යුතුම කාලයේ ජීවිතයෙන් සමුගත් ආදරණීයම මිනිසෙකි..සැබැවින්ම යුගයේ මිනිසා ඔහුයි.”අර්නස්ටෝ ලා සර්නා ගුවේරා”..ඕව් එය ඔබට ආගන්තුක වනවාට සැකයක් නැහැ..නමුත් ඔබ “චේ ගුවේරාව” නොහඳුනන්නෙක් වන්නට නම් බැහැ..මක්නිසාදයත් ඔහුගේ මරණින් පසුවත් ඔහු ජනකාන්ත සිනමා තරුවකට වඩා ප්‍රචලිත වීමයි.
බීරට් හිස් වැස්ම ,මුහුණ පුරා වැවුන ගණ රැවුල,හවානා සුරුට්ටූව සහ දරා ගත නොහැකී තරමේ බැල්මකින් යුත් දෙනෙතේ හිමිකරු දකුණු ඇමෙරිකානූ මහද්වීපයේ බිහිවූ අතිශය හෘදයාංගම කැරලිකරුවා විය..
ඒ 1950 දශකයේ මැදියමයි “බැටිස්ටා” පාලනයෙන් අතිශයින්ම බැට කෑ කියුබානු වැසියන් වෙනුවෙන් තනිව සටන් කළ හවානා සරසවියේ නිතී ශිෂ්‍යයකු වූ “ෆිඩෙල් කැස්ත්‍රෝ”සිරෙන් නිදහස් වූ කාලවකවානුවයි..මෙකලම වෛද්‍ය ශිෂ්‍යයෙක් වූ අර්නස්ටෝ තම මිතුරා රොබෙටෝ සමඟ මුලු දකුණු ඇමෙරිකාව පුරාම යතුරු පැදියෙන් කරක් ගසා ජනතාවගේ දුක කඳුළු දැක චිත්ත සන්තාපය ට පත්ව කියුබාවට ගොඩබැසූ මොහොතයි .දෛවයේ සරදමක් මෙන් මේ මිනිසුන් දෙදෙනා හවානා වල රහසිගත නිවසක් තුළ මුළින්ම හමුවුනේ කියුබානූ අනාගතය වෙනස් කීරීමේ අරමුණීනී…එම සාකච්ඡාව පිළිබඳ කැස්ත්‍රො පසු කළක පළ කළේ මෙවන් අදහසක් “අපි මැදියම් රැය වෙනකම් සාකච්ඡා කරා..අන්තිමට මට ඒත්තු ගියා අර්නස්ටෝ ට මේකේ ඉවරයක් දකින්න ඕනයි කියලා ,මොකද ඔහු ජනතාව විදින දුක ඒ වෙනකොට ප්‍රමාණවත්ව දැක තිබු නිසා”. එතැන් පටන් කියුබානූ සමාජවාදී ජනරජය බිහි කරනු තුරු කැස්ත්‍රෝ ගේ දකුණත වූයේ ඔහුයි..ඔහු කැරලිකරුවකු ලෙස තම දහඩිය ,ලේ ,කඳුළු .නොදන්නා රටක නොදන්නා මිනිසුන් වෙනුවෙන් වැය කළහ.. (චේ ආර්ජන්ටීනියානු වැසියෙකි) ඔහු සමඟ සටන් කළ කැරලිකරුවකු තම සදාදරණිය නායකයා ගැන මතකය මෙලෙස අවදි කරයි..”මුළු කණ්ඩායම ම බඩගින්නේ සිටින විට ඔහුට පමණක් දුන් ආහාර බඳුන ඔහු ප්‍රතික්ෂේප කළා..ඔහු සෑම වීටම ආදණීය නායකයෙක් ,අඩුවෙන් තරහ ගත් නිතරම ආදරෙන් සිනහසුන නායකයෙක්”..බොලීවීයානූ නිදහස් සටනේ චේ සමඟ සටන් කළ කැරලිකරුවකු ඔහු ගැන මෙසේ කියයි “විවේක වෙලාවන් හී ඔහු නෙරුදා ගේ කවි කියවමින් මුමුණමින් සිටියා..ඉඳහිට ඇදුම රෝගයෙන් පීඩා වීදින විට පොරෝනයට ගුලීවී කවි කුරුටූ ගෑම ඔහුගේ සිරිතයි .(චේ මිය ගියේ බොලීවීයානූ නිදහස් සටනේදී).
කියුබානු විජයග්‍රහණ මුළු දකුණු ඇමෙරිකාව පුරාම කුණාටුවක් සේ හමා ගියා..”එක් අරමුණකට අධිෂ්ඨානශීලීව කටයුතු කරන ඕනෑම කුඩා කණ්ඩායමකට විශාල රජයක් වුවත් පෙරළිය හැකි බව කැස්ත්‍රෝ-චේ සුසංයෝගය මුලු ලොවටම හඬ ගා පැවසුවා..කියුබානූ සටනින් පසුව වසරක් පමණ චේ ප්‍රසිද්ධියේ පෙනී සීටීම වැළකුණා..පසුව ඔහු මතු වූවේ බොලීවියානු විප්ලවයෙන්..එය චේ සිතු තරම් පහසු සටනක් වූවේ නෑ..කියුබානූ සටනට ජනතා සහය නොඅඩුව ලැබුනද,බොලීවියානුවන් තුළ කැරලිකරුවන් පිළිබඳ තිබුනේ සැකයකි..අවසානයේ පාවා දීම්, ඔත්තූ දීම් මඟින් චේ ඇතුළු කැරලිකරුවන් විසි දෙනෙකු බොලීවියානු රජයට අසූ වීය..(රාජ්‍ය ඔත්තූ අංශ පසු කලක පැවසූවේ බොලීවීයාවේ දී චේ ව බේරා ගැනීමට කැස්ත්‍රෝ ට අවස්ථාවක් තිබුනත් ඔහු එය හිතා මතා නොසකලා හැරිම සිදු කළ බව)
යුගයේ මිනිසා වෙඩි වැදූන තුවාල සමඟ ආරක්ෂක අංශ සතු විය. බොලීවියානු ගම්බද පාසලක් තුළ චේව සතපවා සෙබළුන් තුණ්ඩූ ඇදීමක් සිදූ කළහ ඒ ආදරණිය මිනිසකූගේ ජීවීතය තොර කීරීමට,චේව මරා දැමීමට වෙඩි උණ්ඩ තුනක් වැය කිරීමට පෙර කී සෙබළාට සිදූ වීය ඒ ඔහුගේ ඉලක්කය වැරදීම නීසා..දෙවනි වෙඩිල්ලෙන් පසුව චේ මෙසේ පැවසීය.”මං දැනගත්තා උඹලා මාව මරා දාන බව..මතක ඇතිව ෆිදෙල්ට කියාපල්ලා මේක විප්ලවයේ අවසානය නොවන වග, ඒ වගේම උඹලා උඹලගේ සෙබළුන්ට උගන්නපන් හරියට වෙඩිල්ලක් තියන හැටී” ඒ සමඟම ක්‍රීයාත්මක වූ තෙවැනි වෙඩිල්ලෙන් චේ නිහඬ වීය.බොහෝ දෙනෙක් නොදූටූ චේ ගේ සොඳුරු ළයෙන් උණුසුම් රුහිරු ගලනා වීට දෑත් දෙකේ මැණික් කටුව ළඟින් කැපූ චේ ගේ මළ සිරුර පොළොව තුළ සැඟවීනී..
මරණින් මාස හයකට පසූ ෆිදෙල් නිල වශයෙන් චේ මිය ගිය බව ප්‍රකාශ කළහ..කියුබානූ වැසියන් තමා සදාදරණිය නායකයා වෙනුවෙන් හඬා වැටූනහ සමරු පලක ඉදිකළහ,කියුබානු පාසල් වල දරුවන් තම ආදරණීය නායකයා ගැන ගුණ වායනා කළහ.ඉන් දශක තුනක් යන තුරු ලෝකයාට “චේ”පිළිබඳ තිබූනේ අපැහැදිලි බොඳවු මතකයකි.නමුත් 1997 අවසාන කාර්තුවේ දී බොලීවියානු ගුවන් තොටුපොළ අසළ තිබී චේ ගේ ඇට සැකිල්ල හමූ වීමත් සමඟ..වැළලුනූ විප්ලවවාදීයා පිළිබඳ මුලූ ලෝකයම කතා කරන්නට පටන් ගත්ත.ඔහු පිළිබඳ චිත්‍රපට ,වාර්තා වැඩසටහන්,පොත් වැල නොකැඩී බිහි වන්නට විය..කොටින්ම ඔහුගේ ඇඳූම් විලාසිතා ව ලෝක පූජීත විය…අප තවමත් මේ පසූ කරන්නේ චේ ගේ නැවත පැමිණීමේ යුගයයි ..පසු කළහ චේ ගේ සැබෑ ජීව විද්‍යාත්මක පියා පැවසුවේ ජීවත් වූ “චේ” ට වඩා මිය ගිය “චේ” ප්‍රසිද්ධ බවයි.
චේ යනූ අතිශය විනිවිද බාවයකින් යුත් සොඳුරූ මිනිසෙකී ,වර්තමාන ලෝකය “චේ” ව බාහිරින් හඳූනා ගත්ත ද,ඔහුගේ ඇතුළාන්තය තේරුම් නොගත් හ..ඔහූ බලාපොරොත්තු වූ සාදාරණ සමාජය බිහි කීරීමට කිසිවකූ උනන්දූ නොවූනහ..චේ වෙළඳ සන්නාමයක් පමණක් වූ වේ ඒ නිසාය.
ඇල්බෙයා කැමූ ට අනූව” ඔබ මෙලෝව හැර දමා යා යූත්තේ ,පවතින සමාජය මීට වඩා යහපත් සමාජයක් කීරීමට කළ හැකී සෑම දෙයක් කීරීමෙන් පසූවයි. චේ ඒම වගකීම ඕනවටත් වඩා ඉටු කළ අයෙකි.”වඩා සුවපහසූ ජීවීතයක් ගත කීරීම වෙනූවට “චේ” පීඩීත ජනතා ව වෙනුවෙන් තම ආත්මය කැප කොට කිසිවකූ නොදන්නා කැළයක වෙඩී කා මිය යෑමට තම දෛවය සකසා ගත්තේ ඔහු තුළ ඌ ගැඹුරු නිසල ආදරය නිසා යම්
අවසානය ට, චේ වෛද්‍යවරයකූ ලෙස සේවය කරනා වීට ලාදූරු ගමක ගත කළ රැයක් පිළිබඳ ඔහුගේ මතකය උපුටා ගන්නෙමි.. සඳ පායපු ලස්සන රාත්‍රීයක් ,අපි එළමහනට වෙළ ගිනිමැලේ ළඟ සින්දු කියමින් හිටියේ ලාදුරූ නිසා ඇඟිලී හැලූන අපූරූ හාදයෙක් මට ලාදූරූ තුවාල වලීන් පිරුනූ දෑතීන් සෙනෙහෙවන්ත හිනාවක් එක්ක තේ කෝප්පයක් දුන්නා,එදා රෑ මම මගේ පොරෝනය පෙර කී හාදයාට දුන්නා,මට මුලූ රෑම තද සීතක් දැනුනා..ඒත් මම මනුෂ්‍යත්වය ට ටිකෙන් ටික ළඟා වෙනවා කියලා මට දැනුනා”.
විප්ලවයක් කරන්න මොනාද ඕන?? ආදරේ කොන්දේසි විරහිත ආදරේ ..එච්චරයි …

H.T.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිර්ණාමික

කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment