විශේෂ දිනයන් සාමාන්‍ය

ලෝක පරිසර දිනය

“තිරසාර වන කළමනාකරණය මගින් වායු දූෂණය දුරලමු”

ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ….පරිසරය යනු කුමක්දැයි කිසිවෙක් ඔබෙන් විමසුවහොත් ඔබ කුඩා කල සිට ඉගෙනගත් පිළිතුර ඔබ විසින් ඔවුන්ට ලබාදෙනු ඇත…එනම් ” පරිසරය යනුඅප අවට ඇති වටපිටාවයි” එසේනම් අප අවට ඇති වටපිටාව යනු කුමක්ද …..

මිනිස් අප පුරාතනයේ සිටම එනම් මේ පෘතුවියේ ජීවය ඇරඹි දා පටන්ම සෘජුව මෙන්ම වක්‍රාකාරයෙන්ද අප අවට වටපිටාව සමඟ ඒකාබද්ධව ජීවය පවත්වාගෙන යන්නෙමු…අප ස්වසනය කරන ඔක්සිජන් ලබාගන්නේද ස්වසනයෙන් පිටකරන කාබන්ඩයොක්සයිඩ් මුදාහරින්නේද වායුගෝලයටයි…එසේම අපට ආහාර ලෙස ශාක කොටස් ලබාගන්නා අතර විවිධ මිනිස් අවශ්‍යතා වලට ජලයද ලබා ගන්නෙමු…එසේම අපට ජීවත්වීමට අවශ්‍ය භූමිය ලැබෙන්නේද වටපිටාවෙනි…එසේනම් පරිසරයෙන් තොරව ජීවයක් පැවතිය නොහැක…

නමුත් වර්තමානය වන විට පරිසරයට හා පරිසර පද්ධතීන්ගේ පැවැත්මට විශාල බලපෑම් එල්ලවී තිබේ….කාර්මීකරණය , සීඝ්‍ර ගෝලීය සංවර්ධන ඉලක්ක , අධික ජනගහනය , නාගරීකරණය , ජනාවාසකරණය මේ සඳහා හේතු වී තිබේ…

මේ ආකාරයට බලපෑම් එල්ලවී ඇති පරිසර පද්ධති අතරින් වෙරළබඩ පරිසරය හා වනාන්තර පද්ධතීන් ප්‍රධාන තැනක් ගනී…ලොව පුරා ඇති බොහෝමයක් වෙරළබඩ පරිසර පද්ධති මේ වන විට ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය හේතුකොටගෙන විනාශ වීද තිබේ…එය විශාල වශයෙන් කොරල් පර සහ සමුද්‍ර ජීවීන් ටද බලපෑම් එල්ලකර ඇත.

වනාන්තර පරිසර පද්ධතීන් විශාල වශයෙන් මේ වන විට මිනිස් ක්‍රියාකාරම් හේතුකොටගෙන විනාශ වී තිබේ…..බොහෝ අවස්ථාවලදී ජනාවාසකරණය හේතුවෙන් වනාන්තර ගහණය අඩු කිරීම ප්‍රබල ගැටලුවක් ලෙස දැක්විය හැකියි…වන ගහණය අඩු වීමෙන් පාරිසරික සමතුලිතතාවය බිඳ වැටීම මෙන්ම වනාන්තර ආශ්‍රිත සතුන්ගේ ගහණයට බලපෑම් ඇතිවේ…

වන ගහණය අඩු වීමෙන් මිනිසාට මුහුණදීමට සිදුවන මූලික ගැටලුව නම් වායුගෝලයට වන අහිතකර බලපෑමයි….වර්තමානයේ පරිසර වාර්තා වලට අනුව ලෝකයේ සෑම පුද්ගලයින් දස දෙනෙකුගෙන්ම නව දෙනෙක් ජීවත්වන්නේ ජීවත් වීමට සුදුසු වායුගෝලයක් පවතින ස්ථානයක නොවන බව තහවුරු කරගෙන ඇත…එසේම වසරකට අපිරිසිදු වායු ආඝ්‍රහණය හේතුවෙන් පුද්ගලයන් මිලියන 7 පමණ මියයන බවද ඉන් මිලියන 4 පමණ ආසියා හා ශාන්තිකර කලාපයේ බවද එම වාර්තා සඳහන් කරයි..

ජාතික හා ජාත්‍යන්තර ප්‍රජාව මේ වනවිට ලොවපුරා වණ ගහණය නැවත ඇතිකරනු වස් රුක් රෝපණ ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දක්වනු අපට දැකගත හැක…වණ ගහණය වැඩි කිරීම මගින් පරිසරයට මුදාහරින ඔක්සිජන් ප්‍රමාණය වැඩිවන අතර එමඟින් වායුගෝලයේ තුල්‍යතාවය පවත්වාගත හැකිවනු ඇත…

එසේම අප පරිසරය සුරැකීමේ හා වන රෝපණයේ වගකීම පරිසර බලධාරීන් හා සෙසු සංවිධාන පිට පමණක් නොපවරා එය අපගේද වගකීමක් ලෙස සලකා කටයුතු කරයුතු අතර පවතින වන සම්පත තිරසාර ලෙස එනම් මතු පරපුරේ අවශ්‍යතා සඳහාද ඉතිරි කරමින් අපගේ අවශ්‍යතා ඉටුකරගැනීමට තරම් හෝ පරාර්ථකාමී විය යුතුය …

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිදුලනී තාරිකා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment