නොවුනට නුඹේ ලේ කිරි
වීය එය වැටෙන බිඳු දහඩිය
නොදැනූනාට රුදාවක් විළි
ඉතුරුවා සෙනෙහස මහමෙරට
ඉතින් තාත්තේ…
අම්මා සඳක් නම්
නුඹ මගේ මුලු අහසම විය…
ලොවට ජීවයක් දෙනු ලබනුයේ අම්මා ය. නමුදු තාත්තාගෙන් තොර ලොවකට කෙසේ නම් පණක් ලැබෙන්න ද…? ඉතින් ලෝක පියවරුන්ගේ දිනය සෑම වසරකම ජුනි මස තෙවන ඉරු දිනයේ දී සියලුම පියවරුන් වෙනුවෙන් සමරනු ලැබේ.
මෙම පියවරුන්ගේ දින සැමරුම 1910 වසරේ දී පමණ ඇමරිකාවෙන් ආරම්භ වූ බව සඳහන් වේ
එපමණක් නොව 1916 පමණ වන විට ඇමරිකාවේ ජනාධිපති වූ වුඩ්රෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකමින් කටයුතු කර තිබේ.
දරුවෙකු මෙලොව එළිය දුටු දා සිට තාත්තාට හිමි වගකීම් මහමෙරක් විය. අම්මාට නොදෙවෙනි කාර්යයක ඔහු තම දෑත ශ්‍රමය ලබා දී දරුවන් වෙනුවෙන් කටයුතු කරනු ලබයි.
සෑම කුටුම්බයකම යෝධ පවුර වනුයේ පියා ය. වර්තමානය වන විට බොහොමයක් රටවල ප්‍රධාන ආර්ථික මූලය වනුයේ ද පියා ය.
ලොව ඇති උතුම් ම සම්පත දෙමව්පියන් වූ සමාජයක මතු බුදුවන අම්මාට නියත විවරණ ලබා දෙන තාත්තා, සිහිපත් කිරීමට අපට කිසිදු මොහොතක දිනක් අවැසි නොවේ. නමුදු වර්තමාන සමාජ ජීවීතය තුළ පිය සෙනෙහස අමතක කළ අධම මිනිසුන් එමට ය. එවැන්නෙක් සිටී නම් ජීවිත පසුතැවීමෙන් මඳකට හෝ ගැළවීමට අදවන් දවසක් මතකයට නඟා ගත හැකි ය.
සියලුම තාත්තාවරුන්ට සුභ පියවරුන්ගේ දිනයක් වේවා…!
පීතුපාදං නමාමී…!
රවීෂා ශෙහානි
දෙවන වසර
ශාස්ත්‍ර පීඨය
Leave a Comment