ඇස් ඇරන් දැකපු එක ලස්සනම හීනයක්…
නිදි වරන් පැය ගණන් පොත් අස්සෙ මැදියමත්…
ඉඳ හිටදි කඳුළින්ම බොඳ වුණත් පාඩමක්…
ඇත්තමයි උපාධිය මගෙ ලොකුම හීනයක්…
සිව් වසර ඉගිලිලා මටත් නොකියම ඉතින්…
තුම්මුල්ල නැකත් සිරි රැගෙන විත් හද තුටින්…
කළුම කළු ලෝගුවට පේවෙමින් පෙම් සිතින්…
මංගල්‍ය මෙයයි මාල හත නැති වුණත්…
Photo Credit : Chandula Sethuge
Leave a Comment