නිසදැස්

වචන

අව්වත් සැරයි කතරක දාහය         ගෙනෙන
වචනත් සැරයි කෙනෙකුගෙ හිත     පාරවන
ඔබටත් මටත් කාටත් නොමැතිය         වටින
පුස් වෙඩි වගෙයි වැඩකට නැති හිස්    වචන

වේලුණ පිදුරු කදිමයි ගිනි අවුලන්න
පිදුරුත් දෙවෙනි හොඳ නෑ කේලම් වචන
නිල් දිය නෑව නරියට බැහැ රජ වෙන්න
බොරු වචනයට වැඩි ආයුෂ නෑ ඔන්න 

කිරි කළයම ගොම වැටුණම අහක යන
වාගෙයි පරුෂ වදනින් සිත් කිළිටි වන
හොඳටද නරකටද දෙකටම මුලට එන
මුඛයෙන් නොකිව යුතුමය පෙර කී වචන

වැහි දිය වේද මහ ලැව්ගිනි හැකි   නිවන
වාගෙයි සමගි කරවන යහපත්      වචන
වචනත් මී පැණිය සුමිහිරි හිත       නිවන
හැකිනම් කතා කරනට එය වේ      අගන

යහපත් වචන මුවගින් පිටකළ            යුතුය
අරුතින් ඉහළ වචනත් දෙඩුමට       හොඳය
අකුරක් ගලක කෙටුවට නොවෙනස්    වේය
සත්‍ය වචන එවැනි අකුරු හා                සමය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සළුනි චනීෂා මධුපංචනී

විද්‍යා පීඨය - උපාධිධාරි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment