Colombo Beacon නිසදැස්

වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා…

වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා
යුක්තියේ පහන්සිල…
පෙනෙන ඉම…
නොව නොපෙනෙනා ඉම…
සොයා යන්නට…
වරෙවු අත් බැඳ
රකිමු ලක් අම්මා…

තුරුණු රුහිරය කුමට මහ පොළවට…
වදන ඇත…
සවිය ඇත මහ මෙරකට…
අවිය මොට…
එපා තව වියො ගින්දර…
සවිය ඇත මහ මෙරකට

හෝ හෝ…
හෝ හෝ හෝ හෝ…
සවිය ඇත මහ මෙරකට…

ආලයේ අරගලය විය…
ස්නේහයේ උල්පතම විය…
දේශයේ පණ නළ ද විය….
ගැහෙන නවතින හදවතේ…
දිවි රකින්නට…
වරෙවු අත් බැඳ
රකිමු ලක් අම්මා…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සමිදු මදුවන්ත

තාක්ෂණ පීඨය -දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment