කෘශව සුදුමැලිව
වැළඳ මහ පොළව
හිඳින නුඹ හැරව
කෙසේ යන්නද වෙන්ව…
ඉරි තැලූ දේදුන්නෙ
විසිර ගිය පාට පොද
පඬුපොවා විශ්වයෙන්
මද නළෙන් පින්තාරු කළ…
රත් වළා ගිරි මුදුනෙ
ලැග පොළව දවන කල…
පිසින ලෙස කඳුළු බිඳු
ඇද හැලුනු මහ වැස්ස…
ඉතින් සොඳුර,
වස්සානයේ නොලියමි…
දස අතේ සුවඳ දී
ගිරි ශිඛර හමා යන්න
අවැසි නැත පද වැල්…
දරා එක සේ සෘතු
නොවී වෙන් බලෙන් හෝ රැඳි
නුඹටම පෙම් බඳිමි…
වස්සානයෙන් පසු පද බඳිමි…
Leave a Comment