“සතර දිශා ජයගෙන මම හනික ඒමී……
ඔබෙි ලොවට හිරු සඳු වී ඒළිය දෙමී…..”
බොහෝ දරුවෝ හදවතින්ම එසේ ප්‍රාර්ථනා කරති.ඇතැම්හු නිසි කැපවීමෙන් සහ අාත්ම විශ්වාසයෙන් එය ලඟා කර ගනිති. අැතැම්හු ඉන් අසමත් වෙති.
නමුත් අද අපි සමඟ කතාබහට එක් වන්නේ එලෙසින් ජයගත් 2017 අගෝස්තු මස 2වන දින කොළඔ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුනු උපාධි ප්‍රදානෝත්සවයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ වසරේ ශිෂ්‍යයා වූ අැයයි.
01. මුලින්ම අපිට නම, ගම, පාසල මතක් කරලා ඉඳිමුද?
මම හසානි ඉඳුනිල් පතිරණ. මම ගාල්ලෙ. සංඝමිත්තා බාලිකා විද්‍යාලය තමයි පාසල.
02. පාසල් ගිය මුල්ම දවස මතකද?
මම සංඝමිත්තා විද්‍යාලයට ගියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා. ඊට කලින් මම ගියේ දෙබරවැව ප්‍රාථමික විද්‍යාලයට. මුලින්ම සංඝමිත්තා විද්‍යාලයට ගිය දවස අැත්තටම වෙනස්ම අත්දැකීමක් වුණා. ඒකට හේතු වෙන්න අැත්තේ මම මුලින් ගියේ ප්‍රාථමික විද්‍යාලයකට වීමත්, පාසලෙ පිහිටීමත් වෙන්න අැති. මොකද එනකොටම පේන විශාල ground එකක් පාසලේ තිබුණා. ඉතින් අාස හිතුණා පාසලෙ ඉගෙන ගන්න.
03. සාමාන්‍ය පෙළට කරපු අතිරේක විෂයන් මතක් කළොත්?
අපිට විෂයයන් 10ක් තිබුණනෙ, මම කළෙ Dancing, Development studies, English literature
04. ඔබ පාසල් කාලේ මොන වගේ සිසුවියක්ද ?
මම නම් ඒහෙම පොතටම නැඹුරු වුණ කෙනෙක් නෙවෙයි. හැබැයි මම වැඩ කළා. මම ඉස්කෝලෙ යන කාලෙත් sports කළා. clubs ගොඩක හිටියා. prefect කෙනෙක් ඒ වගේම පරිසර නියමුභට කණ්ඩායමෙත් හිටියා. ඒ නිසා වැඩි හරියක් මම පන්තියට වඩා එළියෙ තමයි හිටියෙ. ඒහෙම වුණාට මම පීරියඩ්ස් cut කලේ නැහැ. මොනවා හරි දෙයක් වෙලා ඉන්න බැරි වුණොත් ඊළඟ දවසේ මම පන්තියට යන්නෙ ඒ සටහන් සම්පූර්ණ කරගෙන. අඩුම තරමෙ දවස් දෙක තුනක් අැතුලතවත් සම්පූර්ණ කරනවා.
05.ඉස්කෝලෙ දි ගුරුවරෙයක්ගෙන් ගුටි කාපු අත්දැකීමක් එහෙම නැද්ද?
(සිනහෙවමින්) මම ඒහෙම දඟ වැඩ කරලානම් නැහැ. අැත්තටම මම හිතන්නේ ගුටි කාලම නැහැ.
06.ඉස්කෝලෙ දි එපා කරපු අකමැති subject තිබුණද?
එහෙම එපා කරපු subjects අැත්තටම තිබුණෙ නැහැ. වාඩි වෙලාම කරන්න තියෙන මහණ ගොතන වැඩ වගේ නම් ටිකක් විතර කම්මැලි. ඒත් වැඩේ ඉවර කරලා බලද්දි නම් සතුටුයි. එහෙම අැරෙන්න ඉස්කෝලේ කම්මැලි ඒවා තිබුණෙ නෑ. ඒකට වැඩියෙන්ම හේතු වෙන්න අැත්තෙ අපේ පාසලේ හිටපු ගුරුවරු හොඳයි. අපිට අාදරෙයි. මම හිතන්නෙ ඉස්කෝලෙ තියෙන පරිසරය තමයි ඒකට බලපාන්න අැත්තේ. සමහර වෙලාවට ඒක පාඩමකට අාස නැති වුණත් ගුරුවරයාට තියෙන ගෞරවය සහ අාදරය නිසා අපි වාඩි වෙලා අහගෙන ඉන්නවා. ඒ නිසා අකමැත්තෙන් හිටියෙ නැහැ පන්ති වල මං හිතන්නෙ.
07. Campus ඒකට මුලින්ම අාපු දවස් වල ලබපු අත්දැකීම් කොයි වගේ ද?
අළුතෙන්ම අාපුවහම ලැබෙන අත්දැකීම් කිව්වහම, seniors ලාත් එක්ක හා ඔවුනගෙන් ලැබෙන උපදෙස්, ඒ වගෙම අලුත් පරිසරයත් එක්ක අපිට ලැබෙන අත්දැකීම් ගැන කිව්වොත්, සමහර අත්දැකීම් තියෙනවා හොඳයි සහ සමහර අත්දැකීම් තියෙනවා ටිකක් අමිහිරියි. නමුත් මං හිතන්නෙ ඒක හරි විදියකට සිදුකරනවා නම් අපිට ඉක්මනට ඒ පරිසරයට හුරු වෙන්න දායක කරගන්න පුළුවන්. අැත්තටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නෙ පාසල් අධ්‍යාපනයට වඩා වෙනස් සහ ළමෙයකුට තමන්ගෙ පෞරෂය ගොඩනඟා ගන්න තියෙන හොඳම තැනක්. මෙතනදි ලැබෙන අත්දැකීම් වලින් විවිධත්වයෙන් යුතු මිනිස්සු ඉන්නවා කියන ඒක පවා අපිට පැහැදිලි වෙනවා. නැත්නම් අපි හිතන්නෙ පන්තියේ අපෙ දෙපැත්තෙ හිටපු ළමයි දෙන්නා වගේ හැමෝම කියලා.
08. කැම්පස් කාලේ කළ විෂය පරිභාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා කටයුතු ඒහෙම මොනවද?
මම Sports 3ක් කළා. Basket ball, Net ball සහ Athletics මට University colours 10ක් තියෙනවා අවුරුදු 4ටම. 1st year, basketball විතරයි කලේ. අනිත් අවුරුදු 3නෙ තමයි අනිත් sports 2ත් කරන්න පටන් ගත්තෙ. ඊට අමතරව මම Gavel club ඒකේ හිටියා. public speaking මම ටිකක් කැමතියි. competition වලටත් සහභාගී වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඊට අමතරව මම Dancing වලට කොහොමත් අාසයි. කැම්පස් ඒකෙ නම් මම ගොඩක් ඉදිරිපත් වුණෙ නැහැ මොකද function වලට යන්න බැරි වුණා දවස් 5හේම උදේ හවස මට practice තිබුණා. නමුත් මම නර්තනයට බොහොම කැමතියි.
09. සරසවි ප්‍රේමය අත්විඳලා තියෙනවද? ඒ ගැන ඔබෙි අදහස කුමක්ද?
මට නම් අත්දැකීමක් නැහැ. මට ඒ ගැන මෙහෙම කියන්න පුළුවන්. මම දකින විදිහට ඔිනෑම ප්‍රේමයක හොඳ පැත්තකුත් නරක පැත්තකුත් තියෙනවා. ඉතින් ඒ නිසා නිසි අවබෝධය ගොඩක් වැදගත්. නැතුව දැක්ක ගමන් සහ අවට වටපිටාවෙන් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරය මත පමණක් තීරණ ගනිද්දි බොහෝ අය අමාරුවෙ වැටෙන්නෙ. ඉතින් මම කියන්නෙ ඔිනෑම අවස්ථාවක ඒය බුද්ධිමත්ව ගත යුතු තීරණයක්.
10. කැම්පස් ජීවිතෙ අමතක නොවන සිදුවීම් ගොඩක් අැති නේද?
හුඟක් තියෙනව, මොකද අපි twinsලා නිසා ඒ හා බැදුනු රසබර සිදුවීම් ගොඩයි. අපි කැම්පස් ඒද්දි 4th year හිටපු batch ඒක වෙනකම් වත් twins ලා ඉඳලා නෑ. දැනුත් තාම නෑනෙ. අපි දෙන්නා පුංචි කාලෙ ඉඳලාම ඒක වගෙ අඳින්නෙ. විශ්වවිද්‍යාලයෙදිත් අපි දෙන්නා ඒකටමයි හිටියෙ. ඉතින් කට්ටියට පටලැවෙනවා. සමහර වෙලාවට අපි දෙන්නා හිතා මතාම පටලවනවා විනෝදෙට. ඒ වගේම මට හිටියා ගොඩක් adventours යාළුවො. මාත් ඒක්ක sports කරපු අපි යාළුවො ටික ඒක පවුලක් වගේ හිටියෙ. ඉතින් ඒ විදියට ගොඩක් මතකයන් එකතු වෙලා තියෙනවා.
11. 2016 වසරෙ කොළඹ විශ්වවිද්‍යාලයේ වසරේ ශිෂ්‍යායාව වීම මොන විදියටද දැනෙන්නෙ. කාලෙක සිහිනයක්ද? නැත්නම් සිහිනයක වත් නොතිබුණු දෙයක්ද?
ඒක award එකක්නෙ. තමන් කල දේවල් වලට ලැබෙන යම්කිසි පිළිගැනීමක් තමයි ඒ ලැබුණෙ. ඒත් මම පිළිගැනීමක් බලාපොරොත්තුවෙන් අාපු ගමනක් නොවෙ. නමුත් මම ඒ award ඒක නිසා සතුටු වෙනවා. මොකද මගේ අවට සිටින සහ මට උදව් කරපු හයියක් වුණ හැම දෙනාටම ගෞරවයක් ලබා දෙන්න පුළුවන් වුණා. මම sports 3ක් කරද්දි වැඩ කරගන්න බැරුව හිර වුණ අවස්ථා තිබුණා. ඒත් මම ඒවා කලේ බොහොම අාසාවෙන්. මම අාසාවෙන් කළ නිසා වෙන්න අැති මට මේ දේ ලැබෙන්න අැත්තෙ.අැත්තටම මම සම්මාන ගැන හිතන්නෙ නෑ. සතුටින් ඉන්න ඒකයි වැදගත්.
12. ඔබ අාදරෙන් මතක් කරන ස්තූති වන්ත විය යුතු පිරිස මතක් කළොත්.
විශේෂයෙන්ම අාදරෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවා. මුලින්ම අපේ අාදර අම්මයි තාත්තයි. ඒ දෙන්නා මට සෙවණැල්ලක් වගේ මගෙ ළඟින්ම හිටියා. මම හැම වෙලෙම හිතන දෙයක් තමයි මොන දෙයින් වැටුනත් අන්තිමට මම වැටෙන්න ඔින මගෙ දෙමව්පියන්ගෙ අත් දෙක උඩට. ඊට වඩා පහළට මම වැටෙන්නෙ නෑ කියලා ලොකු විශ්වාසයක් තිබුණා. මට අක්කයි නංගිලා දෙන්නයි ඉන්නවා. අපි ඒක්කෙනෙක්ගෙ ජයග්‍රහණයක් වෙනුවෙන් අනිත් හැමෝම කැපවෙනවා. අපේ Department ඒකෙ Department head අැතුළු සියළුම lecturers ලා. මට matches නිසා සමහර lectures cut වුණා. Inclass තියෙන දවස් වලට මට ඒවා ටිකක් ඒහෙට මෙහෙට කරලා දුන්නා. ඉතින් lecturers ලා එහෙම උදව් කළ ඒක මට ලොකු සහනයක් වුණා. මගේ පාසල් දෙකේම ගුරුවරු මතක් කරන්න ඕන, සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සහ දෙබරවැව ප්‍රාථමික විද්‍යාලයේ අාදරණීය ගුරුවරු. මොකද ඒ කුඩා කාළෙ මගේ දක්ෂතා අදුනගෙන මට අතහිත දුන්නෙ නැත්නම් මගේ හැකියාවන් පෙන්වන්න අවස්ථාවක් නොලැබෙන්න තිබුණා. ඒ වගේම මම මතක් කරන්න ඔින මගෙ යාළුවො. ඉතින් මෙි හැමෝටම ස්තූති කියලා කියනවා. මෙි award ඒක මට හයියක් වුණ හැමොටම ලැබුණ දෙයක්.
13. අවසාන වශයෙන් දැන් කැම්පස් ඒකෙ ඉන්න නංගිලා මල්ලිලාට දෙන්න තියෙන පණිවිඩෙි කුමක්ද?
මුලින්ම කියන්න ඔින තමන්ව වෙන කෙනෙක් ඒක්ක සංසන්දනය කරන්න යන්න ඒපා. ඒ වගේම ඔිනැම කෙනෙක්ට යම්කිසි objective ඒකක් තියෙන්න ඔින. හැබැයි ඒ objective ඒක සමහර අය ළග තියෙන්නෙ වෙන කෙනෙක්ව අභිබවා යන්න. නමුත් පුරුදු වෙන්න ඔින තමන් අද ඉන්නවට වඩා හෙට ඊට වඩා යමක් කරන්න. තමන් කව්ද කියන දේ අදුනගෙන තමන් කරන දේ හරියට කරන්න ඔින.
“ඒපා ඔටුනු මගෙ සිරසට ඒපා සිහසුනක් හිඳිනට,
සිනාසිසී මා ඒනමඟ ඉඳිනු මැනෙ
දුවෙි කියා මා අමතන් පියාණනේ”
දැනුමෙන් පමණක් නොව මානව ගුණාංගයන්ගෙන්ද පිරිපුන් දියණියක් සිටීම අැගෙ පවුලට පමණක් නොව මුළු සමාජයටම ඉමහත් අාශිර්වාදයකි. ඒවන් වු ගුණාංගයන්ගෙන් සපිරි අැයට තව තවත් මේ ලෝකය බබලවන්නට හැකිවෙිවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන අතර අැයගේ සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයකට Colombo Beacon අපි සුභාශිංසන පිරිනමමු.
සේයාරුව ලබා දීම සම්බන්දයෙන් FOS media අප සහෝදර මාධ්‍ය ඒකකයට විශේෂ ස්තුතිය.
Leave a Comment