නිසදැස්

වැස්ස

වැස්ස නුඹ පැමිණියා
පොළව මත හාදු තවරමින්
ඇදහැලුනා පෙම් වැසි
තුරුහිසක ගිනි නිවා දමමින්
අගුලු ලා තිබූ හදවතෙහි
දොරටු විවර කරමින්
සිත්පුරා දඟකරපු හැඟුමන්
මතුකළා කඳුලක් නෙතින්
වැස්ස නුඹ නම් පුදුමයක් මට
නුරාවට මග පෙන්වනා…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කවීෂා කාවින්දි

තාක්ෂණ පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment