අහස කළු කර ගුගුරවා
එන දොඹ වැටෙන වැස්සක
පෙරනිමිති දැක
හිතක් මෙසේ සිතූ වග නම්…
තුරුළු වී උණුහුමෙන්
මල් කුඩය ඉහලගෙන
යනෙන පෙම්වතුනේ කියාපං
නුඹ කිමැයි වැස්සට කරනු මේ තරම් පෙම්..?
කඩදාසි ඔරු හදා
අත්පොඩි තලමින් සිනාසෙන
කිරි දරුවනේ මගේ නොදැනෙනුද
පිය තුමන් හිත දෙගිඩියාවන්..?
පැල්පතේ බිම හිඳ ඇණතියා
බලා හිඳිනා දෙනෙතින්
වැටේ කඳුලක් රැළි වැටුණු කම්මුලින් රූරා
නොපෙනේද වැහි දියෙන් මා තෙමී උන් නිසා…
මෙතෙක් කල් පණ රැක ගත්ත
කුලී වැඩ කර ගත්ත සොච්චම
වැහි කාලෙ හින්දම
හෙට ඉඳං නෑ ආයිබොවංඩ!
ඉතිං මං……?
Leave a Comment