නිසදැස්

විකල් වූ සරසවි සිහිනය

ඉවරයක් නැති දේශනා මැද
තනි වුනෙමි හැඟීම් නැති සිතත් සමඟ
මොහොතක්…

නැහැ! මෙය නොවේ ජීවිතය…

මිනිසුන්ව හඳුනන්න
දුක සතුට විඳගන්න
නව ආර දැනගන්න
පෙම්බැඳීමි පුරවරට…

නැහැ මිනිසුන්…
නැහැ තත්‍ය වූ දුක සතුට
නැහැ විලාසිතා…

නැහැ! මෙය නොවේ ජීවිතය…

දැන ගත යුතුයි ඒ සැම…
මෙයයි නිසි කාලය…
පැමිණියන් වසන්තය…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සඳරූ තත්සරණි

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment