හැකිය යන්නට නොපෙනෙනා නොදැනෙනා අනන්තයටම
ලඟම ඉන්නට හොරෙන් රහසෙම
විසල් අහසට, ගැඹුරු දියඹට, පමාවී එන සොඳුරු වැස්සට….
ලොවම නිදනා සොඳුරු මොහොතක
නෙතට රහසෙම කඳුලු අයදින
මතක ගුලිකර ලොවට නොපෙනිම….
රඟ මඩල තුල ඇති පුදුමතර චරිත අතරේ රටා මවමින
සිතුම් තුල හැඟුම් සොයමින්
සුසුම් තුල ලැඟුම් සොයමින්
සොයන්නේ නිරතුරු කෙනෙකු තනියට…..
ඇලුම් වන්නට තවත් හඳකට
කලත් ඇරයුම් සෙමින් කොදුරා
හිමි නොවන සඳ අයිති ලබනට
නැඟෙන රිදුමත් විටෙක සුව දෙන……..
ගොතන්නට බැරි කවිය මුමුණා
ඊයෙත්, අදත්, හෙටත් එකට අමුණා
තනිව සිනාසී තනිවම හඬමින්
යෙදෙයි දෛවය සමඟ සටනක……
විටෙක නිවැරදි දැනෙන සැමදේ
පසෙක දමමින් පියාඹා යන
මිරිඟු කතරක වුවත් සරමින්
නොහැකි බව දත් සැපත සොයනා…..
ලැබෙන සැමදේ මදිව ලතවී
අයාලේ ගොස් තවත් හතිලන
වෙසෙස් ගව් ගනන් පුරමින්
සොයයි ජීවිත රස අරුත තව…..
ඉදින් කෙදිනද හැඳින ගනු ඔබ
විසරු සරුවත් ලොවේ පුහු බව…
කියනු මැන මට මා සොඳුරු සිත
හැකිද ඔබහට විඩා නිවන්නට සැරසෙන නවාතැන්පලක සේයාවක්වත්
සිහිනයෙන්වත් දකින්නට………
Leave a Comment