කටු ගාන අරමුණින් පතිවතේ බල කියන නුඹයි කුවේණිය මෙදා විජය අභියස සිටින ලෝගුවට මුවා වී නුඹ රුවට හද බැඳී නීති පුස්තක අතර ආදරේ ඉම සොයන විනිසුරුය මා....... පයට පෑගෙන නිතර මිණි කැටේ අග නොදැන වසුරු ලෙස ඉවතලන අඥාන හිමි සඳට තව කුමට උපහාර..... විසල් ඵල දැරු රුකක් පොරෝ පහරින් බිමට දමා යන සැමිදුන්ට උදව්වක් වන ලෙසට තීන්දුව දෙම්ද මා, නුඹට ඇති ආලේ නමට.....
Leave a Comment